IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිස්ති‍්‍රක් දැල්පන්දු සංගමයකට මහජන බැංකුවෙන් රුපියල් ලක්‍ෂයක්

ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දිස්ත‍්‍රික් දැල් පන්දු සංගම් කාර්යක්ෂම කිරීම සඳහා මහජන බැංකුවේ අනුග‍්‍රහයෙන් රුපියල් ලක්ෂයක් බැගින් දිස්ත‍්‍රික් දැල් පන්දු සංගම් වලට පිරිනමන ලදි. ඊට අමතරව ශ‍්‍රී ලංකා දැල් පන්දු ක‍්‍රීඩිකාවන් වෙත වනිතා වාසනා ගිණුම් ප‍්‍රදානය කිරීමේ උත්සවය ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා මහජන බැංකුවේ සභාපති ගාමිණි සෙනරත් මහතාගේ සහභාගිත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ශ‍්‍රී ලංකාවේ  කාන්තාවන් අතර ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් වශයෙන් ඉදිරියෙන්ම තිබෙන දැල් පන්දු ක‍්‍රීඩාව පාසල් හා ක‍්‍රීඩා සමාජ මට්ටමෙන් ලක්ෂ 5කට අධික පිරිසක් ක‍්‍රීඩාවේ නිරත කී‍්‍රඩාවකි. පාසල් මට්ටමින් කී‍්‍රඩිකාවන් 7000කට අධික සංඛ්‍යාවක එහි නිරතව සිටින අතර දිස්ත‍්‍රික්  දැල් පන්දු සංගම් කාර්යක්ෂම කිරීමෙන් මෙම සංඛ්‍යාව දෙගුණය දක්වා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.  

දැල් පන්දු ක‍්‍රීඩාව ප‍්‍රාදේශීය වශයෙන් ශක්තිමත් පවත්වා ගෙන යෑම සඳහා දිස්ත‍්‍රික් දැල් පන්දු සංගම් වල ක‍්‍රියාකාරිත්වය ඉතා වැදගත් වන අතර දිස්ත‍්‍රික් ක‍්‍රීඩා තරඟ සංවිධානය කිරීම, දැල් පන්දු පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම , දැල් පන්දු ක‍්‍රීඩිකාවන් දිරිමත් කිරීම, දිස්ත‍්‍රික් දැල් පන්දු ක‍්‍රීඩා සංගම්  විසින්  කළ යුතු නමුත් මූල්‍ය දුෂ්කරතා හා අනුග‍්‍රාහකයින් නොමැති වීමෙන් දිස්ත‍්‍රික් සංගම් වල ක‍්‍රියාකාරීත්වය දුර්වල විය. මෙම තත්වය වෙනස් කර දැල් පන්දු ක‍්‍රීඩාව දියුණු කිරීම සඳහා දිස්ත‍්‍රික් සංගම් වල ක‍්‍රියාකාරිත්වයට කාර්යක්ෂම කිරීම සඳහා මෙම අරමුදල් ලබා දුන් බව ක‍්‍රීඩා අමාත්‍යාංශය පැවසීය.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනි, ලක්ෂ්මි වික්ටෝරිය සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

PA



අදහස් (0)

දිස්ති‍්‍රක් දැල්පන්දු සංගමයකට මහජන බැංකුවෙන් රුපියල් ලක්‍ෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site