අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත් මහතාට පහරදුන් බව කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමග 250 වූ වෛද්‍යවරුන්ගේ වර්ජනය අත්හිටැවිණි. සෙසු සැකකරුවන් ද සඳුදා වන විට අත්අඩංගුවට නොගතහොත් උතුරු මැද පළාතේ සියලුම වෛද්‍යවරුන් එක්ව වර්ජනයක් ආරම්භ කරන බව වෛද්‍යවරු අනතුරු අඟවති. පහරදුන් පිරිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල අපෙක්ෂකයකුගේ ආධාරකරුවන් බව රෝහල් ආරංචි මාර්ග කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර ළදරුවෙකුගේ ඇගිල්ලක් කැපුවා වගේ දේවල් වලට අපි මොනවද කරන්න ඕනෑ? (නි)
නැත්නම් ලෙඩ්ඩු පව් (දී)
මොකක්ද මේ වෛද්‍ය සභාවේ පිළිවෙත? (නි)
කුරේ මහත්තයෝ, වරදක් කලානම් කාටත් එක විදියට දඩුවම් ලැබෙන්න ඕනේ. මෙතන මේ දොස්තර මහත්තයාගේ වරදක් මටනම් පෙන්නේ නෑ. අනික මහත්තයෝ ඇගිල්ල කැපුවේ හෙදියක් මිස දොස්තර කෙනෙක් නෙමෙයිනේ. එනිසා ඒ කතාව මේකට සම්බන්දයක් නෑ නේද? (දී)
චන්දන මහත්තයෝ..., ඔලුව පොඩ්ඩක් අතගාල බැලුවනම් හොද නැද්ද උල් දෙකක් වගේ මොනවත් අහුවෙනවද කියලා.... (දී)
දැන්නම් ඡන්දෙදි මිනිස්සු කල්පනාකාරී වේවි (නි)
චන්දන මෝඩයෙකි. ඔබ දෙගොල්ලෝ අතර වෙනස මොකක්ද කියලා දන්නවද? කට්ටියක් නුගත් , අනික් කට්ටිය උගත්. ඔයා ඉන්නේ කොයි ගොඩේද කියලා දැන් දන්නවා ඇතිනේද? (නි)
කීයක් ඔට්ටුද, ඔය මැරයන්ට දඩුවම් නොලැබෙනවට? (නි)
චන්දන, ඒ අය දිවා රෑ නොබලා රෝගීන් වෙනුවෙන් කටයුතු කරන්නේ හරිහමන් වැටුපක්වත් ලබන්නේ නැතුවයි. ඔයාගෙ අදහස බොහොම වැරදියි. (නි)
මැරයනට ඡන්දය දෙන්න පෙර බලන්න ඔය මිනිස්සු තමයි දුෂ්ඨයෝ (අ)
චන්දන මෝඩයා. ලෙඩ වුණාම වැඳගෙන යන්නේ පොලිසියට වෙන්න ඇති නේද? (නි)
අඩන්න ඕනැලුනේ කිරි එරෙන්න. ලොකු දෙයක් අසරණ ලෙඩ්ඩුන්ට. (නි)
මොන පක්ෂයක වුණත් මැරයන්ට ඡන්දය දෙන්න එපා. (නි)
ඡන්දය දිනන්නත් කලින් දොස්තරවරුන්ට ගහනවා? (නි)
බය වෙන්න එපා. (නි)
හැම තැනටම දේශපාලනේ රිංගලා. ඒ මදිවට බත් පර්සලේටයි බෝතල් බගේටයි දේශපලුවොන්ගේ පස්සේ යන මිනිස්සුන්ගෙන් අහිංසක මිනිස්සුන්ට හිරිහැර වෙනවා. මේ රටට මොනවා වෙන්න යනවද මන්ද.... අඩු තරමේ මනුස්සයෙක්ගේ උගත්කමටවත් ගරුකරන්න ඕනේ. එත් ඉතින් උගත් කම කියන්නේ මොකක්ද කියල මේ මැරයෝ දන්නේ නැහැනේ. (අ)
මේ දෙගොල්ලන්ටම මිනිස්සු ගහන්න ඕනේ. (අ)