බටහිර ඕස්ට්‍රේලියාවේ මැද බටහිර ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික වෛද්‍යවරියක සිය සැමියා මරා දැමීයැයි නඩුවකට මුහුණ දෙයි.
චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේ (34) තම සැමියා වන දොස්තර දිනේන්ද්‍ර අතුකෝරල මරා දැමීයැයි චෝදනා ලබා සිටී.
දිනේන්ද්‍ර ජෙරල්ටන් සෞඛ්‍ය පීඨයේ වෛද්‍යවරයෙකි.
තමා නිවැරදිකාරිය බව ලියනගේ කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගිය අතුකෝරල 2014 ජුනි 24 වැනි දා ඔහුගේ නිවසේ මැරී සිටිය දී සොයා ගත් බව පොලිසිය කියයි.
බටහිර ඕස්ට්‍රේලියා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩුවට තමා නිවැරදිකාරිය බව ලියනගේ වීඩියෝ සබඳතාවයක් මගින් ග්‍රීනෝ බන්ධනාගාරයේ සිට ඊයේ (27) කියා සිටියාය. මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් මානසික සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥයන් කැඳවන බව විත්තියේ නීතීඥවරු කියා සිටියහ.
ලබන නොවැම්බර නව වැනි දා ජෙරල්ටන්හි දී නඩු විභාගය ඇරැඹීමට නියමිතය.
ලියනගේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එෂාන්, නොදන්නා දේවල් ගැන කතානොකර සිටීම හොඳයි. (නි)
එශාන්, යම් තරමක් දුරට කතාව ඇත්ත. ඔබ විසින් මෙවැනි කතා පැතිරවීම නිසා මෙම පුවත් කියවන අනෙකුත් උදවිය තුළ ඇතිවන්නේ පහන් සිතක් නොවේ. එම රටවල සිටින උදවිය පිළිබඳ සැහැල්ලුවට ලක්කිරීමකුයි ඔබ විසින් කරලා තියෙන්නේ. මොකද දෙමාපියන් එම රටවලට යන්නේ අප රටේ තිබෙන ආර්ථිකයට මුහුණදෙන්න බැරි නිසයි. එහෙම නැතුව අප රටෙන් සල්ලි අරගෙන ගිහිල්ලා වියදම් කරලා ඉන්න නොවෙයි. එම රටවල ස්ත්‍රියට තිබෙන නිදහස හා සමාජ තත්වය අප රටේ සිටින ස්ත්‍රියට නැහැ. අපේ ඇතැම් කාන්තාවන් එවැනි රටවලට ගියවිටදී, එම කාන්තාවන් විසින් අර අප රටේ තදකරගෙන හිටපු ස්ප්‍රින් එක නිකම්ම බුරුල් වෙනවා. එවිට වන්නේ පවුල් තුළ ගැටුම්, එසේම දරු-මාපිය ගැටුම්. (නි)
එහෙ ජීවත් වීම ගැන තෘප්තිමත් නම් එහෙ අනුන්ගේ වැරදි හොයා හොයා මෙතැන ලියනවාද ? (කේ)
එශාන්ට සහ නිහාල්ට අනුව ලංකාවේ පවුල් නියමයි. එතකොට මිනීමැරුම් නැහැ? අනියම් සම්බන්ධතාත් නැහැ? කේතුමතී පුරවරය වගේ ඇති කියලද ඔබතුමාලා කියන්නේ...? (නි)
මෙහෙම මිනීමැරුම් ලංකාවේ වෙන්නේ නැද්ද? ලංකාවේ පවුල් ජීවිත ඔක්කොම මල් හතයිද? ලංකාවේ සමහර දේශපාලකයන් ප්‍රසිද්ධියේ තමන්ගේ අනියම් සම්බන්ධකම් ගැන පම්පෝරි ගහනවා. මේක ඕස්ට්‍රේලියාවේ වරදක් නෙමෙයි. තමන් පවුල් ජීවිතේට වටිනාකමක් දෙන්නේ නැත්නම් ඕකට ඉන්න රට පළි නැහැ. යහපත් පවුල් ජීවිතයක් අවශ්‍ය කෙනා මොන රටේ හිටියත් හොඳට පවුල් කනවා. (නි)
අප්පේ! අපි මේ දාලා ඇවිල්ලා තියෙන්නේ කොයිතරම් අපුරු රටක්ද? එකම අනියම් සම්බන්ධකමක්වත් නැති, නෝනාලාව කැතිගාලා මරන්නේ නැති, අනියම් සැමියා ලවා සැමියාව මරලා වළලන්නේ නැති , උදේට බිරිඳව එයාගේ ඔෆිස් එකෙන් හාද්දකුත් දීලා බස්සලා ඊළඟ බස් නැවතුමෙන් අනියම් නෝනාව කාරෙකට නග්ගාගන්නේ නැති කට්ටිය ඉන්න රටක්නේ! (නි)
එශාන්, ඕස්ට්‍ර්ලියාවේ ඉන්න ලාංකික පවුල් ගැන පර්යේෂණයක් කරලාද? ඔයා කොහොමද හරියටම කියන්නේ හුඟක් අයගේ පවුල් ජීවිත අන්තිමයි කියලා. අපේ දරුවන් අපි දහම් පාසල් යවනවා. සිංහල උගන්වනවා. ළමයින් උදේට යනකොට අපිට වැඳලා යන්නේ. ලංකාවේ කීයක් මිනීමැරුම් වෙනවද අනියම් සම්බන්ධකම් නිසා. ළමයින් පැනලා යනවාද? නිකම් දැකලා වගේ කියවන්න එපා එශාන්. ඔය කිව්වේ ඔයාගේ පවුලේ විස්තරද මම දන්නේ නැහැ. (නි)
ඉතින් එශාන් මොකද තවම ඕස්ට්‍රේලියාවේ? ලංකාවට ගියා නම් ඔය පවුල් ජීවිත ගැන තිබෙන හිතේ අමාරුවත් නැතිවේවි. (නි)
අනේ! අපිට නම් මෙහෙ ආවා කියලා කිසිම වැරැද්දක් වුණේ නැහැ. මහත්තයාගේ නෑදෑයන් ඇඟිලි ගහලා කැඩෙන්න ගිය පවුල් ජීවිතෙත් බේරුනේ මෙහෙ ආ නිසා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. (නි)
එශාන් , ඕස්ට්‍රේලියාවේ නෙමෙයි ලංකාවේ ජීවත්වෙන පවුල් වලටත් ප්‍රශ්න තිබෙනවා. එකම වෙනස මේ වගේ අපරාධයක් කරලා ලංකාවේ අත්අඩංගුවට ගන්න බැරිවෙන්න නීති නියෝගයක් අරන් වුණත් බේරෙන්න පුළුවන් ඇති. හැබැයි ඕස්ට්‍රේලියාවේ ඒ සෙල්ලම් බැහැ. (නි)
අනේ අපි නම් දෙවියන්ගේ පිහිටෙන් ලංකාවේ හිටියාට වැඩිය හොඳින් මෙහෙ පවුල් කනවා.ලංකාවේදී මට බිරිඳගේ නෑදෑයන් නඩත්තු කරලා කෙළවරක් නැහැ. හම්බුවුණ සොච්චම් පඩියෙන්. දැන් ඉතින් දෙවි පිහිටෙන් අර අපිව පාලනය කරන්න එන අවිවාහක ලොකු අක්කා ඇතුළු සැමට අපි හිතේ හැටියට උදවු කරනවා. වෙනදා අපි දෙන්නා කොච්චර ඔය අක්කා නිසා රණ්ඩු වුණාද ? (නි)
එෂාන්, ඔයා ඕස්ට්‍රේලියාවේ ලංකාවේ කට්ටියගේ ගෙවල් ගානේ ගිහින් තොරතුරු රැස්කරලද ඔය දේවල් කියන්නේ? ලංකාවේ ඉන්න පවුල්කාරයන් හැංගි හැංගි කරන දේවල් ඔයාගේ දත්ත ගබඩාවේ නැද්ද? (නි)
මේ එශාන කියන කෙනා දුරදිග නොබලා කටට ආ පළියට ලියා තිබෙන්නේ හොඳ දෙයක් නෙමෙයි. මම විශ්‍රාමිකව දැන් මගේ දුව ළඟ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ලංකාවේ ඉන්නකොට මහත්තයාගේ සහෝදරියන් නිසා හරියට ඒ දෙන්නට ප්‍රශ්න තිබුනා. දැන් කිසිම කරදරයක් නැහැ. මෙහෙට ආ එකෙන් හොඳක්මයි වුණේ. දැන් මාසෙකට වතාවක් සල්ලි යවන නිසා සහෝදරියොත් බොහොම සතුටෙන් ඉන්නේ. (නි)
අම්මෝ! මම මේ ලංකාවේ ඉන්න අවුරුදු 3 ක සිට මෙතන ලියන එශාන්. ඉහත අදහස ලිව්වේ මම නම් නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ ඉන්න පාඨක භවතුන් මගේ මුතුන් මිත්තන් සිහිකරන තත්වයක් දැකපු නිසයි මේ ලිව්වේ. (නි)
මෙවැනි අපරාධ ලෝකේ කොතැනත් සිදුවේ. එවැනි අපරාධ සිදුවූ විට රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුය. අපේ රටේ ප්‍රශ්නය මෙයයි. ද්විත්ව ඝාතන වලට දඬුවම් ලබා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණු අයකුට කිසිදාක ඕස්ට්‍රේලියාවේ නීතියෙන් පොදු සමාවක් ලැබෙන්නේ නැත. (ම)
මෙයලටත් මේ නඩුව ලංකාවට මාරුකරගන්න කියන්න ..සාක්කි පරස්පරි කියල බේරෙන්න පුළුවන්..(ම)
ඕකනේ අපි නෝනලා අරගන ඔස්ට්‍රේලියාවට යන්නේ නැත්තේ !!(ම)
ඒෂාන් නමින් කවුරු ලිව්වත්, ඒක ඇත්තට ළඟයි. මේකෙ මේ ඒ අදහසට විරුද්ධව කතා කරපු ඔස්ට්‍රේලියාවට ගිය සංක්‍රමණිකයන් කියන බහුභූත දැක්කම හිනා යනවා. ඔය කට්ටියට නැති එකක් තමයි ලැජ්ජාව. බොරු සෝබන කතා දාලා ලංකාවෙ මිනිසුන් මුලා නොකර ඉන්නවා ද? ඔව්, ලංකාව අපායක් තමයි. ඒත් ඔස්ට්‍රේලියාව දිව්‍යලෝකයක් නොවේ. ඔස්ට්‍රේලියාවේ පවුල් කෑම ලංකාවෙ එකට සමාන කිරීම විහිළුවක්. ලංකාව තමන්ගෙ රට කියලා හිතන අය මේ සංක්‍රමණිකයන් කියන විකාරවලට රැවටෙන්න එපා. මේක ලියන මම ඔස්ට්‍රේලියානු අපරාධකාරයන්ගෙ කොළණියේ වසර 25ක් ඉඳලා ලැබූ අත්දැකීම ගත්තම, අර මග සිටියොත් තා නසී, ගෙදර ගියොත් අඹු නසී වගෙයි. ලංකාවත් තවම ඉංග්‍රීසි කොළණියක්. දෙකේ වෙනසක් නැති තරම්.(කේ)
මොනවා උනත් ලංකාවේ ඉදලා ගිය කාන්තාවන් ඕස්ට්‍රලියාවේ ඉන්නේ නම් හරිම ලොකු කමින් පිරිමියාට වඩා හැම වෙලේම උඩින් යන්න තමයි බලන්නේ මම තවම කසාදයක් කරගෙන නෑ යාලුවන්ගේ බිරින්දෑ වරුන් යාළුවන් මඩ වන හැටි දැක්කම ඔවුන් ගැන පුදුම අනු කම්පාවක් ඇති වෙන්නේ ලංකවේ ඉපදුන ගැනු ද මේ කියලා හිතනවා.(හේ)
එශාන් හරි. එකෙකුට එකෙක් නැහැ. සංගම් නම් වැහි වහල. සෝබන දැක්කම ලජ්ජා හිතෙනවා. ලංකාවේ අයට සල්ලි යවලා ඉවරයක් නැහැ. අපේ අයව සල්ලි දිලා සතුටු කරන්නත් බැහැ. අනියම් සම්බන්ධකම්, පවුල් අවුල් නිමක් නැහැ. සමහරු සිංහල ඉගෙන ගන්නවා. සමහරුන්ට සිංහල පෙන්නන්ඩ බැහැ. වීසයි.ලොකුකම පෙන්නනේ සිංහල බැහැ කියලා. වැඩක් නැහැ කියලා. (හේ)
කණගාටුදායක සිදුවීමක්. මේවා දේශයක දීපයක වරද නිසා සිදුවෙනවා නොවෙයි. සිදුවීමට සාපේක්ෂකව සිතෙහි අවසන් තත්පර කීපය කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීමේ දුර්වලතාවය. (ස)
මගේ මතකේ හැටියට මේ සැමියා විසින් බිරිද මරදැමු බවට සිද්ධිය වූ අවස්ථාවේ දැන් වැඩේ කණපිට ගිහිල්ලද? (බ)
හුග දෙනෙක් දික් කසාද වීම ,වෙන්වීම.මරා ගන්න එක නොවයි .සුද්දන්ගේ රටවල අපේ පවුල් සි සි කඩ. සුද්දන්ගේ ක්‍රමයට (බ)
දොස්තරලා ඉන්නේ මිනිස්සු ජීවත් කරවන්න.ඒත් දැන් දැන් සියල්ල සිදුවන්නේ කණපිටට. (බ)
මේක දෙවෙනි මිනි මැරුම පලවෙනි එක සම්පත් වඩුගේ සිල්වා බිරින්දව මිටියකින් ගහල මේරුව මේ ගැහැණු කෙනත් ස්වාමියට මිටියකින් ගහල මරල තියෙන්නේ. දැන් පෙරත් වල ලංකාවේනම් මිටි විකුනන්නේ නෑ. හැමෝම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ සේරම හොඳයි කියල ඒ වුනාට හුඟක් අයගේ පවුල් ජීවිත අන්තිමයි. ලංකාවට එන්න බැරී නිසා ඉන්නව. ළමයි වුනත් දෙමව්පියන්ට කීකරු නෑ. (බ)