සෙවනගල රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි නිල නිවසේ ජල ටැංකියට වස දමා ඔහු ද ඔහුගේ දරු පවුල ද ක‍්‍රමයෙන් මරා දැමීමට තවත් වෛද්‍යවරයකුගේ සැලැස්ම මත ක‍්‍රියා කළැයි සැකපිට එම රෝහලේ සුළු සේවකයකු වන ඇන්.ඒ. නිමල් රංජිත් ලබන නව වැනි දා තෙක් ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් පී. ආර්. එස්. ජිනදාස මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය.
ප‍්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ කියනුයේ තම දරු දෙදෙනා ද දරුවකු ලැබීමට සිටින බිරිය ද, තමා ද වරින් වර අසනීප වූ බවයි. ‘‘මට අවශ්‍ය එම වස දුන් අයට දඬුවම් කිරීම නොවෙයි. මටත් මගේ දරුවන්ටත් හැදුණු ලෙඩ සුවපත් කර ගැනීමයි.’’
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.
ඔබට සහ පවුලේ අයට ඉක්මන් සුවය ලැබේවා. වස දුන්න අයට දෙවියන් විසින් දඩුවම් ලබා දෙයි.
දැන් තියෙන දඩුවම තමයි වස ඒ දෙන්නටත් පොවන එක..
දොස්තරකම කියන්නේ ගෞරවනීය තණතුරක්. එහෙව් අය අතරෙත් කුහක අය ඉන්නවානේ..
මෙහෙම මිනිස්සු ඉන්නකම් ලංකාවට වගතුවක් නෑ..
පුදුම රටක්..
ලෝකෙන්ම උතුන්ම රටේ සිදුවන දේ?
ඔහු දොස්තර කමට තියා කසල සෝදන්නවත් සුදුසු නෑ. සේවකයටයි, දොස්තරටයි රැකියා තහනම් කළ යුතුයි. හොඳ දොස්තර පවුලට නිරෝගී සුව පතමි...
දැන් පුළුවන්නම් කියන්න මේක කරලා තියෙන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් ආපු දොස්තර කෙනෙක් කියලා..
මෙම දොස්තරලා දෙන්නගෙ විශ්වවිද්යාල කාලය මොනවගෙද කියලා දැනගන්න කැමති...
දැන් තියෙන දඩුවම තමයි වස ඒ දෙන්නටත් පොවන එක..