කරන්දෙණිය දිසා රෝහලේ දොස්තර පි‍්‍රයංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනයට යොදා ගත් බව කියන ටී-56 අවි දෙක, උණ්ඩ හා පතුරෝම් හැට රජයේ රස පරීක්‍ෂකට යවන්නැයි බලපිටිය මහේස්ත‍්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත්මිය රහස් පොලිසියට නියෝග කළාය.
කරන්දෙණිය බොරකන්ද වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු කේ.ජී. චින්තක රුවන් ජයසේන, හමුදා කපිතාන් වයි.ජී. චන්දන වික‍්‍රමසිංහ, කෝප‍්‍රල්වරුන් වන එස්. ජයලත් ද සිල්වා, එස්. ශාන්ත ද සිල්වා හා මීටියාගොඩ ඞී. විජිත් ආනන්ද සැකකරුවන් දැඩි රැකවල් මැද සිව්වැනි වරටත් අධිකරණ ශාලාවට රැගෙන ආ අවස්ථාවේ එහි සිටි තරුණියෝ කිහිප දෙනෙක් ඔවුනට බැණ ශාප කරන්නට වූහ.
එළියට යන ලෙස ඔවුනට නියෝග කිරීමෙන් පසුව හඬා වැටෙමින් ඔවුහු අධිකරණ ශාලාවෙන් පිටවී ගියහ.
දෙසැම්බර් 16 වැනිදා තෙක් ඔවුහු රිමාන්ඞ් කරනු ලැබූහ.


1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දඩුවමක් දෙන්න ඕන
කරන්දෙණියේ දොස්තර මහතා ඝාතනය කල මේ මිනිසුන්ට නිසි දඩුවම් ලැබේවා.....
අයියයි මල්ලී හොදයි නේද? දැන් සනීපද
අනිවාර්යෙන්ම මරණ දඩුවම දිය යුතුයි.
මේ අයට සිංහල රජ කාලේ දඩුවම් දිය යුතුයි. ප්‍රසිද්ධ ස්ථානවලට ගෙනත් දඩුවම් දිය යුතුයි
මරණ දඩුවම ක්‍රියාත්මක කලයුතු කාලයයි. ඇයි තවමත් එය ප්‍රමාද? මෙවන් ජීවිත තව කීයක් නැතිවේද?
මේගොල්ලන්ව සැඟවූ අවි පෙන්නන්න ගෙනිච්චේ නැත්තේ මොකද