IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දොස්තර ගැටේට අසුනොවේ

වෘත්තීය ඊර්ෂ්‍යාව මත බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරයකු ස්ත්‍රී දූෂණ නඩුවකට පැටලවීමට ගත් උත්සාහයක් එම ස්ත්‍රිය විසින් හෙළි කරනු ලැබීමෙන් පසුව දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබිණි.

රුපියල් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත මෙම සැලැස්ම බාරදුන් පුද්ගලයා හා තවත් අයකු සොයන බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

අපරාධ ඉතිහාසයක් ඇති බව කියන දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත. එම දෙදෙනා මාතර දික්වැල්ලේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

දික්වැල්ලේම 30 හැවිරිදි දෙදරු මවක මේ සඳහා යොදා ගෙන ඇතත් ඇය දොස්තරට කාරණය පැවසීමෙන් පසු පොලිසියේ උපදෙස් අනුව දොස්තර ක්‍රියාකර ඇත.

දොස්තරගේ තරහකරුවාගේ සැලැස්ම වී ඇත්තේ දොස්තර හා දෙදරු මව කිසියම් උපක්‍රමයකින් ඇල්ලේ හෝටලයකට රැගෙන යාමයි. දොස්තර එම සැලැස්මට අසුවූ බව පෙන්වමින් කාන්තාව සමග හෝටලයට පැමිණි බවත් දැන් තමා රැගෙන යාමට එන ලෙස කොන්ත්‍රාත්තුව බාර දෙදෙනාට දුරකථනයෙන් දන්වා ඇත. මේ අනුව සැකකරුවන් දෙදෙනා හෝටලයට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

 

 



අදහස් (0)

දොස්තර ගැටේට අසුනොවේ

ඉන්දු Monday, 08 June 2015 10:47 AM

කොලඹ කාක්කන් බෙන්තර ගඟෙන් එහා කියල බයෙන් වෙවුලන්නේ බෙංතර ගඟ සහ නිල්වලා ගඟ අතර ප්‍රදේශයට​. බන්ඩාරවෙලට සාපේක්ශව​, බෙන්තර ගඟ තියෙන්නෙ එහා ද මෙහාද දන්න කෙනෙක් කියන්න​.(නදී)

:       0       0

නිශාන්ත - හල්ලොලුව Wednesday, 10 June 2015 01:36 AM

ඔය දොස්තර මහත්තයා දෙවිකෙනෙක් වගේ හොඳ කෙනෙක්.ඕක කුහක චේතනාවෙන් පළිගන්න කළ වැඩක් කියලයි මම නම් කියන්නේ. ඔය දොස්තර මහත්තයා ගොඩක් හොඳ කෙනෙක්. මම එයාගේ දේශන වලටත් සහභාගිවෙලා තියෙනවා. (නි)

:       0       0

කාන්ති Monday, 08 June 2015 06:47 AM

ආයෙත් ජීවිතේට මෙහෙම ජරා වැඩ කරන එකක් නැහැ. අර කාන්තාවටත් මම ගරු කරනවා. මෙහෙම අපාගත වෙන වැඩකට සම්බන්ධ නොවුනාට. (කේ)

:       0       0

චමල් Monday, 08 June 2015 06:49 AM

අපරාධ ඉතිහාසයක් තියෙන දෙන්නෙක් නම් මේ කාන්තාව ටිකක් පරිස්සම් වුණොත් හොඳියි මොකද දොස්තරවත් පොලිසියවත් නැහැ තනි නොතනියට (ම)

:       0       0

දුමින්ද Monday, 08 June 2015 06:59 AM

හෙනහුරෙක් මාරුවෙලා (ම)

:       0       0

පැතුම් Monday, 08 June 2015 07:27 AM

අපෝයි බෙන්තර ගඟෙන් එහාපැත්තෙන් නම් ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියන්නේ කට කසනවට නෙවෙයි (ම)

:       0       0

මහේෂ් Monday, 08 June 2015 07:46 AM

පැතුම්, ඔයා හරියටම හරි. පහුගිය කාලේ රට අත් වින්දෙත් ඔයා කියන එකම තමා. (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 08:02 AM

මේ කාන්තාවට හැමෝම ගෞරව කල යුතුයි (කේ)

:       0       0

ඉසුරන්දි Monday, 08 June 2015 08:12 AM

ඉල පනින කතා කියන්න එපා පැතුම්!(ම)

:       0       0

ජයසිරි මනමේන්ද්‍ර Monday, 08 June 2015 08:19 AM

ඔව්, ඔව් පැතුම් බෙන්තර ගගනේ එහා පැත්තේ අය නැත්නම් අද සිංහලයට රටක් නැහැ (නදී)

:       0       0

ලක්මල් Monday, 08 June 2015 08:31 AM

බෙන්තර ගඟෙන් එහා පැත්තේ අය නැත්නම් ලංකාවක් නැහැ පැතුම්. අද වැඩ බලන විනිසුරුවරියගේ ඉදන් ජනාධිපති,හමුදාපති,වගේ ප්‍රදානින් ඔක්කොම දකුණේ හරිද? (නදී)

:       0       0

දිලාන් Monday, 08 June 2015 08:54 AM

දැන් මේ දොස්තර මෙහෙම ගෑනු උගුලක පැටලෙන්න යම් කිසි සම්භාවිතාවක් තියනව කියලා හරියටම දන්නේ නැති නම් මෙහෙම ගෑනු කෙනෙක් එවන්නේ නැහැනේ . මෙතන අපි නොහිතන තවත් පැත්තක් තිබෙනවා. (ම)

:       0       0

නිමල් ලලිතා Monday, 08 June 2015 09:35 AM

පැතුම් ,මහේෂ් මුළු දකුණම එකම මිම්මෙන් මනින්න එපා. (නදී)

:       0       0

ඩිල්ශාන් Monday, 08 June 2015 06:50 PM

වෙන රටවල උගතුන් ළඟ ඊර්ෂ්‍යාව නැති තරම්. ඒකට ලංකාව! (නි)

:       0       0

නාමල් Monday, 08 June 2015 10:22 AM

බෙන්තර ගගෙන් එහා පැත්තෙ අය හුගක් අපරාධවලට සම්බන්ධ නම් තමා... දැක්කනෙ අවුරුදු 10 තිස්සේ මැදමූලන කෙනෙක් රටට කළ හරිය...(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site