වෘත්තීය ඊර්ෂ්‍යාව මත බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරයකු ස්ත්‍රී දූෂණ නඩුවකට පැටලවීමට ගත් උත්සාහයක් එම ස්ත්‍රිය විසින් හෙළි කරනු ලැබීමෙන් පසුව දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබිණි.
රුපියල් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත මෙම සැලැස්ම බාරදුන් පුද්ගලයා හා තවත් අයකු සොයන බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
අපරාධ ඉතිහාසයක් ඇති බව කියන දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත. එම දෙදෙනා මාතර දික්වැල්ලේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
දික්වැල්ලේම 30 හැවිරිදි දෙදරු මවක මේ සඳහා යොදා ගෙන ඇතත් ඇය දොස්තරට කාරණය පැවසීමෙන් පසු පොලිසියේ උපදෙස් අනුව දොස්තර ක්‍රියාකර ඇත.
දොස්තරගේ තරහකරුවාගේ සැලැස්ම වී ඇත්තේ දොස්තර හා දෙදරු මව කිසියම් උපක්‍රමයකින් ඇල්ලේ හෝටලයකට රැගෙන යාමයි. දොස්තර එම සැලැස්මට අසුවූ බව පෙන්වමින් කාන්තාව සමග හෝටලයට පැමිණි බවත් දැන් තමා රැගෙන යාමට එන ලෙස කොන්ත්‍රාත්තුව බාර දෙදෙනාට දුරකථනයෙන් දන්වා ඇත. මේ අනුව සැකකරුවන් දෙදෙනා හෝටලයට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලඹ කාක්කන් බෙන්තර ගඟෙන් එහා කියල බයෙන් වෙවුලන්නේ බෙංතර ගඟ සහ නිල්වලා ගඟ අතර ප්‍රදේශයට. බන්ඩාරවෙලට සාපේක්ශව, බෙන්තර ගඟ තියෙන්නෙ එහා ද මෙහාද දන්න කෙනෙක් කියන්න.(නදී)
ඔය දොස්තර මහත්තයා දෙවිකෙනෙක් වගේ හොඳ කෙනෙක්.ඕක කුහක චේතනාවෙන් පළිගන්න කළ වැඩක් කියලයි මම නම් කියන්නේ. ඔය දොස්තර මහත්තයා ගොඩක් හොඳ කෙනෙක්. මම එයාගේ දේශන වලටත් සහභාගිවෙලා තියෙනවා. (නි)
ආයෙත් ජීවිතේට මෙහෙම ජරා වැඩ කරන එකක් නැහැ. අර කාන්තාවටත් මම ගරු කරනවා. මෙහෙම අපාගත වෙන වැඩකට සම්බන්ධ නොවුනාට. (කේ)
අපරාධ ඉතිහාසයක් තියෙන දෙන්නෙක් නම් මේ කාන්තාව ටිකක් පරිස්සම් වුණොත් හොඳියි මොකද දොස්තරවත් පොලිසියවත් නැහැ තනි නොතනියට (ම)
හෙනහුරෙක් මාරුවෙලා (ම)
අපෝයි බෙන්තර ගඟෙන් එහාපැත්තෙන් නම් ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියන්නේ කට කසනවට නෙවෙයි (ම)
පැතුම්, ඔයා හරියටම හරි. පහුගිය කාලේ රට අත් වින්දෙත් ඔයා කියන එකම තමා. (බ)
මේ කාන්තාවට හැමෝම ගෞරව කල යුතුයි (කේ)
ඉල පනින කතා කියන්න එපා පැතුම්!(ම)
ඔව්, ඔව් පැතුම් බෙන්තර ගගනේ එහා පැත්තේ අය නැත්නම් අද සිංහලයට රටක් නැහැ (නදී)
බෙන්තර ගඟෙන් එහා පැත්තේ අය නැත්නම් ලංකාවක් නැහැ පැතුම්. අද වැඩ බලන විනිසුරුවරියගේ ඉදන් ජනාධිපති,හමුදාපති,වගේ ප්‍රදානින් ඔක්කොම දකුණේ හරිද? (නදී)
දැන් මේ දොස්තර මෙහෙම ගෑනු උගුලක පැටලෙන්න යම් කිසි සම්භාවිතාවක් තියනව කියලා හරියටම දන්නේ නැති නම් මෙහෙම ගෑනු කෙනෙක් එවන්නේ නැහැනේ . මෙතන අපි නොහිතන තවත් පැත්තක් තිබෙනවා. (ම)
පැතුම් ,මහේෂ් මුළු දකුණම එකම මිම්මෙන් මනින්න එපා. (නදී)
වෙන රටවල උගතුන් ළඟ ඊර්ෂ්‍යාව නැති තරම්. ඒකට ලංකාව! (නි)
බෙන්තර ගගෙන් එහා පැත්තෙ අය හුගක් අපරාධවලට සම්බන්ධ නම් තමා... දැක්කනෙ අවුරුදු 10 තිස්සේ මැදමූලන කෙනෙක් රටට කළ හරිය...(ම)