වසර 10ක කාලයේ ලංකාවේ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධානත්වයෙන් පිහිටැවූ දූෂණ විරෝධී පෙරමුණ කළ ඉල්ලීම අනුව අද (20) වන විට පැමිණිලි 800ක් පමණ ලැබී ඇතැයි එම පෙරමුණ කියයි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සිරිලිය සවිය, ලංකා වානේ සංස්ථාව, ලක්සල සහ මිහින් ලංකා ආයතන සම්බන්ධ පැමිණිලි ද ඒ අතර වේ.
එම සියලු පැමිණිලි සම්බන්ධ තාක්ෂණික ක්‍රියාවලිය මේ වන විට කරගෙන යන බවත්, පැමිණිලි පහක් සම්බන්ධයෙන් අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බාර දෙන බවත් දූෂණ විරෝධී පෙරමුණේ නිශාන්ත වර්ණසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතහරින්න එපා චම්පික අයියේ.අපිට ඔයාව විශ්වාසයි (නි)
මේවා දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා! කවුරු කළත් වංචාව වංචාවමය (නි)
එහෙම බැලුවොත් කොච්චර වංචා ඇද්ද හොයන්න? (නි)
800 නෙමෙයි ඕක 8000කට නඟින්න බැරි නැහැ (නි)
දැන් ඉතින් සමහරු කියාවි මේක පලි ගැනීමක් එහෙම නැති නම් අසවලාට කලගුණ සලකන හැටිද මේ කියලා.(හේ)
ඉන්න සමහර ඇමතිලා ගැනත් හොයන්නකෝ අනේ. (නි)
මොරටුව රාවතාවත්ත බෝ ගස අසල සමූපාකාර ඉඩම පසුගිය සමයේ ජීවන් කුමාරතුංග පදනම ලෙස වෙනස් කර ගොඩනැගිලි කඩා ගස් කපා සකස් කරන ලදී. කරුණාකර මේ ගැනත් පරීක්ෂණ ආරම්භ කරන්න.(නදී)
හැම දේටම පෙර රට ගැන හිතලා රටට වැඩක් කළොත් නරක නැහැ (නදී)
තව ඉස්සරහට පැමිණිලි සංඛ්‍යාව වැඩිවෙයි.(හේ)