වසර 10ක කාලයේ ලංකාවේ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධානත්වයෙන් පිහිටැවූ දූෂණ විරෝධී පෙරමුණ කළ ඉල්ලීම අනුව අද (20) වන විට පැමිණිලි 800ක් පමණ ලැබී ඇතැයි එම පෙරමුණ කියයි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සිරිලිය සවිය, ලංකා වානේ සංස්ථාව, ලක්සල සහ මිහින් ලංකා ආයතන සම්බන්ධ පැමිණිලි ද ඒ අතර වේ.
එම සියලු පැමිණිලි සම්බන්ධ තාක්ෂණික ක්‍රියාවලිය මේ වන විට කරගෙන යන බවත්, පැමිණිලි පහක් සම්බන්ධයෙන් අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බාර දෙන බවත් දූෂණ විරෝධී පෙරමුණේ නිශාන්ත වර්ණසිංහ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දස වසරක දූෂණ ගැන පැමිණිලි 800ක්
මහින්ද Tuesday, 20 January 2015 11:38 AM
අතහරින්න එපා චම්පික අයියේ.අපිට ඔයාව විශ්වාසයි (නි)
ටිරෝන් Tuesday, 20 January 2015 07:19 AM
මේවා දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා! කවුරු කළත් වංචාව වංචාවමය (නි)
මහින්ද Tuesday, 20 January 2015 07:25 AM
එහෙම බැලුවොත් කොච්චර වංචා ඇද්ද හොයන්න? (නි)
තිලක් Tuesday, 20 January 2015 07:28 AM
800 නෙමෙයි ඕක 8000කට නඟින්න බැරි නැහැ (නි)
යසිරු Tuesday, 20 January 2015 07:36 AM
දැන් ඉතින් සමහරු කියාවි මේක පලි ගැනීමක් එහෙම නැති නම් අසවලාට කලගුණ සලකන හැටිද මේ කියලා.(හේ)
රුවන් Tuesday, 20 January 2015 07:53 AM
ඉන්න සමහර ඇමතිලා ගැනත් හොයන්නකෝ අනේ. (නි)
නියෝමාල් Tuesday, 20 January 2015 08:18 AM
මොරටුව රාවතාවත්ත බෝ ගස අසල සමූපාකාර ඉඩම පසුගිය සමයේ ජීවන් කුමාරතුංග පදනම ලෙස වෙනස් කර ගොඩනැගිලි කඩා ගස් කපා සකස් කරන ලදී. කරුණාකර මේ ගැනත් පරීක්ෂණ ආරම්භ කරන්න.(නදී)
වාසනා Tuesday, 20 January 2015 08:57 AM
හැම දේටම පෙර රට ගැන හිතලා රටට වැඩක් කළොත් නරක නැහැ (නදී)
ජගත් Tuesday, 20 January 2015 10:51 AM
තව ඉස්සරහට පැමිණිලි සංඛ්‍යාව වැඩිවෙයි.(හේ)