‘වංචා දූෂණ සහ අක්‍රමිකතා නතර කිරීමට රජය මොන තරම් උත්සාහ කළත් ඒවා නතර කිරීම හරි අමාරුයි. ඒවා නතර කිරීමට මහජනයා අපට සහය දිය යුතුයි.‘ මහින්ද රාජපක්ෂ ජනපති මහනුවර ජනාධිපති මන්දිරයේදී මාධ්‍යවේදීන් සමග එසේ පැවසීය. සංවර්ධන හා ඉදිකිරීම් කටයුතු ගැන මහජනයා නිතරම සෝදිසියෙන් සිටිය යුතු යැයි ජනපති කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් දූෂණ ගැන මොකුත්ම මතක නැහැ. (නි)
ඔබතුමා හරි
ඕනෑම සහයක් දෙන්නම් (දී)
ජනපතිට අපේ සහාය
ඔබතුමා හරි
ලංකාව ගැන දුකත් හිතෙනවා
නැතුව කොහොමද
වැරදි කරන්නේ අපි එනම් අපිම තමයි ඒවා නවත්තන්න ඕනේ
අපි සැමදා ඔබට ගරු කරනවා
පළවෙනි ඔත්තුව- බාල තෙල් ආනයනය කරන ටෙන්ඩර් එක අනුමත කළේ ඇමති කෙනෙක්. (නි)
ලොකු මිනිසුන්ගෙන් පටන්ගෙන පොඩි මිනිසුන්ගෙන් අවසන් කරන්න. (නි)
ජනතා සහාය නැතුව බැහැ තමයි
වෙන මොකාක් කරන්නද එතුමා
විධායක බලතල මට දුන්නොත් මම කරලාම පෙන්නනවා. (නි)
ඔබතුමාට අපේ සහය
අනේ ඔවු. අපි අල්ලලා දෙමු. (නි)
අපේ සමහර ඇමතිලාම කරන මැර වැඩ සහ දූෂණ පේන්නේ නැද්ද? (නි)
දූෂණ නතර කරන්න අවශය නම් මහජනයා උදවු කරයි. දූෂකයන්ගේ නම,ලිපිනය ඇතුලුව විස්තර අවශ්‍ය නම් ඊ-මේලුත් කරයි. (නි)
ලංකාවෙ එහෙම අය නැහැ.ඒ හින්දා දෙන්න විදියක් නැහැ. (ස)
ජනතාවගේ සහාය මොකටද ? (නි)
කතාව ඇත්ත
පෙ සහාය ඔබට
අනේ ඔව්, මොනවට කියනවද ඉතිං? (නි)
ඉස්සෙල්ලාම ඔත්තුව දෙන්න වෙන්නේ කවුරු ගැනද? (නි)
ජනතාව කරන දූෂණ වලට දඩුවම් දෙන්න කියලා ඔබතුමාගේ ගෞරවනීය ඇමති මන්ත්‍රි මණ්ඩලයට කියලා බැලුවනම්. (නි)
කරනවානම් හොද වැඩක් (දී)
අංගුලිමාලලාට බණ කියනවා වගේ වැඩක් මේක. (නි)
ජනාධිපතිතුමනි, අපරාධකරුවන්ට දැඩි දඩුවම් දෙන්න. එවිට අපරාධ අඩුවේවි. (නි)
අනේ මගේ කට. (නි)
කවුද දන්නේ නැහැ නේද වංචා දූෂණ කරන්නේ? මොකද අපි කරනවා කියලයෑ? (නි)
වංචා දූෂණ වලට වැඩිපුරම සම්බන්ධ වෙන්නේ කොයි පැත්තේ අයද කියලා ඉතිං හැමෝම දන්නවනේ. (නි)
ආණ්ඩුවම එලියට දැම්මත් බැරි වෙයි දුෂණය නැති කරන්න (දී)
විගණක ඔයාට වැරැදිලා. (අ)
අනේ අපේ ගමේ බංඩා සීයා තමා මේ රටේ තියෙන හැම හොරකමක්ම කරන්නේ.මිනිස්සු ඇමතිවරුන්ට බනින්නේ බොරුවට. (ත)
අනේද කියන්නේ? (නි)
එහෙනම් මුලින්ම ඔය ඇමතිලට දඩුවම් දීලා ආදර්ශයක් දුන්නනම් හොදයි. (ත)
ජනපතිතුමාව තවමත් ජනතාව හුගක් විශ්වාස කරනවා. මේ වෙන දේවල් නවත්වන්න කුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඒ විශ්වාසය නොකැඩී දිගටම පවතීවි. (නි)
අපි කිව්වට අහනවාද? (ත)
මේ වගේ පුංචි රටක් වත් හදාගන්න බැරිනම් මොකද්ද ඇති වැඩේ??? (ත)
ජනාධිපතිතුමා හරි. අපි හැමදාම ආණ්ඩුවට බැන බැන හිටියට රට හදන්න බෑ. අපිත් අපේ වැරදි හදාගන්න ඕන. (ත)
ජන සහාය දුන්නට ඔබතුමා ගන්නේ නෑනේ. (නි)
හැමෝම අපිට තමයි විහිළු කරන්නේ.. (ත)
මහත්තයො , කවදා ඉදන්ද මිනිස්සු දූෂණයට විරුද්ධ? පළමුව ඉහළින්ම පටන් ගන්න. එතකොට මිනිස්සු සහයෝගය දෙයි මදි නොකියන්න. (නි)
මට මතක් වෙනවා කකුලුවන් සම්බන්ධ සිංදුවක් මේවා දකිනකොට. (නි)
මහජනතාව සෝදිසියෙන් තමයි ඉන්නේ. ඒත් වැඩේ කියන්නේ එහෙම හිටියහම දන්නෙම නැතුව අතුරුදහන් වෙන එකනේ. (නි)
කට්ටිය කිසිම මහන්සියක් නැතුව හැදෙන විදිය ඔබතුමාට තේරේවි, ටිකක් කල්පනා කරලා බැලුවා නම්. (නි)
අති ගරු ජනාධිපති තුමනි, රටේ තියන දුෂණ වංචා නතර කරන්න ඔබතුමා ගන්න උත්සාහයට පින්. එහෙත් බලන්න හැමදාම පත්තරයක් දිහා, කවුද වැඩියෙන්ම මේවා කරන්නේ කියා.අපි තවමත් ඔබතුමාට ආදරය කරනවා. මේවා නවත්වන්න පුළුවන් ඔබතුමාට විතරයි. එහෙත් මේ යන විදිහට අපිට සතුටු වෙන්න බැහැ.හැමතැනම දුෂණය සහ වංචාව.මම හිතන්නේ අපි මේක පාර්ලිමේන්තුවෙන්ම පටන් ගනිමු.අපි අපේ මවුබිමට ගොඩක් ආදරය කරනවා. මෙහෙම ගියොත් අපිට අමාරුවෙන් දිනාගත්ත රට නැතිවෙනවා.අපේ මැති ඇමතිවරුන්ට කියමු හැමෝටම ආදර්ශයක් වෙන්න කියලා. එවිට රට නිකම්ම හැදෙනවා.ඔබතුමාට අපේ රට හදන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි. (නි)
අපි දෙන්නම් ගාණට ඔත්තු. මොකක්ද අපි කතා කරන්න ඕනෑ නොම්මරේ. (නි)
මැතිදුණි, කාවවත් රවට්ටන්න නෙමෙයි නේද මෙහෙම කියන්නේ? (නි)
කාවද මැතිදුනි අන්දවන්න හදන්නේ ? (දී)
ගරු ජනාධිපතිතුමනි, අපි ඔබට ඡන්දය දුන්නේත් ස්වයංපෝෂිත රටක් සහ දූෂණ වලින් තොර රටක් ගොඩ නැගීමටය. (නි)
ජනපතිට ජයවේවා (දී)
ඔව්. දිගු ගමනක් යන්න නම් දූෂණ නතර කළ යුතුයි (නි)
රරට යහපතක් කරන්න (දී)
නරකද හමුදා බුද්ධි අංශය මේ වගේ වැඩකට යෙදෙවුවොත්? (නි)
ඒ සහයෝගය ඉල්ලන්න ඕනෑ මුලින්ම ඇමති මණ්ඩලයෙන් නේද? (නි)
අපේ ජනපති තුමාට අපි ඕනෑම උදවුවක් කරනවා (දී)
ඔක්කෝටම කලින් හොර ඇමතිවරුන්ට දඩුවම් දුන්නොත් ජනතාව ඔබව විශ්වාස කරයි.
ඊට වඩා හොඳ විකල්පයක් තිබෙනවා (නි)
අපි ඔබ සමගයි ජනපතිතුමනි (නි)
සුදූ වෑන්ද ඉවත් කළ යුතුයි (නි)
කතාව ඇත්ත
වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ජනපතිතුමනි.? (ත)
ගරු ජනාධිපතිතුමනි, කරුණාකරලා නෙත් එෆ්.එම්. බැලුම්ගල අහන්න. නියම රජ හොරු ටික අල්ලගන්න පුලුවන්. (නි)
එක පවුලක් හැටියට ලංකාව ගැන සිතමු (නි)
වංචා , දූෂණ සහ අක්‍රමිකතා නතර කිරීමට අවශ‍්‍ය වන්නේ එල්ලුම් ගස පමණයි. (නි)
එතකොට ජනාධිපතිතුමා මේ මුකුත්ම දන්නේ නැද්ද? (නි)
ඇයි මේ සහාය මැති ඇමති මන්ත්‍රී වරුන්ගෙන් ඉල්ලන්නේ නැත්තේ? පොලිසියේ හමුදාවේ අයගෙන් ඉල්ලන්නේ නැත්තේ? රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ නැත්තේ? වංචා දුෂණ වැඩිපුර කරන්නේ කවුද කියල කවුරුත් දන්නවනේ.
ජනපතිතුමනි, පළමුව බාල තෙල් ගෙන්නන අයට දඩුවම් දෙන්න (නි)
මේවා අහනකොට අපිට පිස්සු වගෙයි (නි)
රටම දුෂණයෙන් පිරිලා
රටේ මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් නැහැ. නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් කොහෙද වංචා , දුෂණ වෙන්නේ? (නි)
ජයවේවා
විධායක ජනාධිපති බලය තියාගෙන මොනවද මේ කතා උතුමාණෙනි? (නි)
මේවා ගැන මට දුකයි
අනේ, නීතිය හරියට කරවන්නකෝ.එතකොට රට හැදෙයි (නි).
මේ ගොනාට ඇන්දිල්ල ඉවරවෙන්නේ කවදද උතුමාණනි? (දී)
මට නම් මුකුත්ම මතක නැහැ (නි)
අනේ මන්දා ඉතින්
අපට මේ වචන ටිකම ඇති (නි)
නරකම නෑ, ඒකත් ජනතාවගෙ පිටම දැම්මා නේද? මම පිළිගන්නවා ප්‍රේමදාසගෙන් පසුව වැඩක් කළේ මෙතුමා විතරයි. කළ හොද අනාගත ජනතාව දකීවී, වර්තමානය යනු ඡිවත්වීම බැවින් ජනතාව ඔබතුමාගේ හෙට දවසේ තීරණය ගනීවි. (නි)
ජනපතිතුමනි, වසර 35ක ශාපලත් යුද්ධය නිමාකළ ඔබට අපි මුළු හිිතින්ම සහය දෙමු (නි)
මං දන්නව හොරු ඉන්න තැන. හොරු ඔක්කොම ඉන්නෙ දේශපාලකයෝ ලග
ආපි පව් කියලයි මට කියන්න තියෙන්නේ
කකුළුවා ඔහොම තමයි කියන්නෙ. (ස)
ඇයි දෙයියනේ අපට මෙහෙම සුදු ලූණු පොඩි කරන්නේ? (නි)
හොරු කවුද කියලා රටම දන්නවා. (නි)
'බාල තෙල් (දෙවෙනි වතාවටත්), හෙඩිජින්,ඈමතිවරු ලජ්ජා නෑතිව මිලියන ගණනින් කප්පම් ගෑනිම' මේ සියල්ල කාගේ වෑඩද? තවත් මොන කතාද? (නි)
මේ රටේ මිනිස්සු කොණ්ඩෙ බැදපු චීන්නු කියල හිතාගෙන වෙන්න ඇති මෙහෙම කතා කියන්නෙ. (අ)
2000 අවුරුද්දේ මාතර ගොඩගම අධිවේගී මාර්ගය සදහා රජය අත්පත් කරගත් ඉඩම් වලට නිසි වන්දි ලබාදී නැත. තවත් අයට මෙතෙක් කිසිදු මුදලක් තවමත් ගෙවා නොමෙත. (දී)
අපි අපේ ලංකාව බේරා ගන්න ඕනේ
ජනාධිපතිතුමාගේ ලග්නය මොකක්ද දන්නේ නැහැ නේද? (නි)
අනේ මන්දා මේවට අපි මොනවා කියන්නද කියලා? (නි)
අනුන්ට ඇගිල්ලක් දිගු වෙනකොට ඇගිලි හතරක්ම තමන්ට දිගු වෙලයි තියෙන්නේ. (නි)
එතන හිටපු මාධ්‍යවේදින් අතරින් කොණ්ද පණ තිබෙන කවුරුත් හිටියෙ නැද්ද දුෂණ කරන්නෙ කවුද කියලා මුණටම කියන්න? අනේ අපිට එතුමව මුණ ගැහෙන්න විදියක් නැද්ද? කට කැවත් කියන්වා 'ඒ ටු ඉසෙඩ්' වෙනකල් නම් ටික කවුද කරන්නෙ කියලා. (නි)
ඔබතුමාට පුළුවන් මෙවදෙත් කරන්න
අයියෝ සල්ලි
ඔවු නිකන් බොරු වැඩ කරලා වැඩක් වෙන්නේ නැහැ. පළක් ඇති දෙයක් කරන්න. (නි)