IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දුෂණ දර්ශකයේ 86 ලංකාවට

ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා ඔවුන්ගේ නවතම ‘දුෂණ දර්ශකය’ එළිදැක්වූ අතර ඒ අනුව ලෝකයේ දුෂණ වංචාවලින් පිරුණු රට සෝමාලියාවය. දුෂණ අඩුම රට ලෙස එම වාර්තාවේ දැක්වෙන්නේ නවසීලන්තයයි. ශ්‍රී ලංකාව 86 වැනි ස්ථානයේ ද පසුවෙයි. ඉන්දියාවට හිමිවන්නේ 95 වැනි ස්ථානයයි. ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය එම ‘දුෂණ දර්ශකය’ සකස් කර තිබෙන්නේ රටරටවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සිදුවන්නා වූ දුෂණ වංචා පිළිබඳ දත්ත එක්රැස් කර ගැනීමෙනි. එම දත්ත රැස්කර ගැනීමේදී විවිධ රටවල අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල, ව්‍යාපාරික සමාගම් සහ පරිපාලන ආයතනවල සහාය ලබා ගෙන තිබේ. ඔවුන් එම දර්ශකය ඉදිරිපත් කර ඇත්තේ අවරෝහණ පිළිවෙළටය. එනම් දුෂණ වැඩිම රටට බිංදුව ද අඩුම රටට 10 ද වශයෙන් ලකුණු දීමේ ක‍්‍රමයක් අනුව මෙම දර්ශකය සැකසෙයි. ඒ අනුව නවසීලන්තයට පසු අටවැනි ස්ථානයේ පසුවන්නේ  ඕස්ටේ‍්‍රලියාවය. 14 වැනි ස්ථානයේ ජපානයත්, 10 වැනි ස්ථානයේ කැනඩාවත්, 16 වැනි ස්ථානයේ බි‍්‍රතාන්‍යයත් සිටියි. ඇමෙරිකාව 24 වැනි ස්ථානයට පත්ව ඇති අතර ප‍්‍රංශය පවතින්නේ 25 වැනි ස්ථානයේය. මීට අමතරව චීනය 75 වැනි ස්ථානයේ ද පාකිස්තානය සහ මාලදිවයින 134 වැනි ස්ථානයේ ද පසුවන අතර 143 වැනි ස්ථානයට පත්ව ඇත්තේ රුසියාවයි. සෝමාලියාවට පසු දුෂණ වංචා වැඩිම දෙරට උතුරු කොරියාව සහ මියන්මාරයයි.



අදහස් (0)

දුෂණ දර්ශකයේ 86 ලංකාවට

සුමුදු Monday, 05 December 2011 03:55 PM

ලංකාවේ වාර්තා හරියට ලබාගන්න බැරිවෙලාද කොහෙදෝ....

:       0       0

අබේසිංහ Monday, 05 December 2011 03:36 PM

ඒකෙන්වත් අපිට පළමුවැනි තැන ගන්න බැරි වුණානේ

:       0       0

සිසිර කුමාර Monday, 05 December 2011 04:10 PM

ටොප් 10 වලට එන්න ලැබේවායි පතමි

:       0       0

දුලිප් Monday, 05 December 2011 03:59 PM

මන් හිතන්නේ මේක වැරැදියි. ලංකාවට මීට වඩා හොද තැනක් එන්න ඕනෑ

:       0       0

මනෝජ් Monday, 05 December 2011 04:36 PM

මේක වැරදියි. ලංකාව තියෙන්න ඕන මියන්මාර් වලටත් පස්සේ

:       0       0

කුමාර D. Monday, 05 December 2011 04:55 PM

සුදු අංක තහඩු නැති වාහනයකින් ඇවිල්ල උස්සයි කියල බය හිතිලද කොහෙද 86 දීල ඇත්තේ. නැතිනම් අඩුමගානේ 10 වත් ලැබෙනවා ෂුවර්

:       0       0

කැකිල්ල Monday, 05 December 2011 05:33 PM

හරියට බැලුවොත් රුසියාවටත් පහල තැනක් දෙන්න ඕන

:       0       0

රේල්පාරෙ ඉමිටියාස් Monday, 05 December 2011 05:41 PM

ඇති ඔයින් ගියා

:       0       0

Yoonus Alavi Monday, 05 December 2011 06:06 PM

ලබන පාරවත් පළමු තැන ගන්න උත්සාහ කළ යුතුය.

:       0       0

චන්දිමා Monday, 05 December 2011 06:19 PM

ලංකාව කොම්පියුටර් jil-mart දැම්මද දන්නෙ නැහැ?

:       0       0

විමල් Monday, 05 December 2011 05:56 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්

:       0       0

සම්පත් Monday, 05 December 2011 08:06 PM

ලංකාවට පොතේ හැටියට තියෙන්න ඕනා සෘන 0 (-0)

:       0       0

සමන්ත Monday, 05 December 2011 10:34 PM

වෙන්න බෑ

:       0       0

චම්පික Monday, 05 December 2011 10:41 PM

මේවනම් කියල වැඩක් නැහැ.

:       0       0

සංජීව Tuesday, 06 December 2011 02:27 AM

මේක හදපු අයටත් මොනව හරි දුන්නද දන්නෙ නෑ.

:       0       0

පොඩි මල්ලි Tuesday, 06 December 2011 07:12 AM

අනිවාර්යෙන්ම මේක වැරදි රිපොර්ට් එකක් වෙන්න ඇති.

:       0       0

නදීෂා Tuesday, 06 December 2011 09:21 AM

86 වත් ලැබුණ එක ගැන හිතල හිත හදාගමු

:       0       0

ධර්මෙ Tuesday, 06 December 2011 10:06 AM

දත්ත රැස් කිරීමේ ක්‍රමයක් අලුතෙන් හදාගත්තොත් හොදයි.

:       0       0

සෙනරත් Tuesday, 06 December 2011 10:53 AM

බය වෙන්න එපා. ඊළග සැරේ පළමු තැන ගනී

:       0       0

මහේෂ් Tuesday, 06 December 2011 01:32 PM

රට ගැන ධනාත්මකව කතා කරන කවුරුත් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 10 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site