වෙළදපොළේ කිසිවිටකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සදහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනපතිවරයාත් සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනපතිවරයා මේ බව කීවේය.
සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව වෙත ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
වෙළෙදපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සහන මිලකට සහල් ලබාදීම සියලූදෙනාගේ වගකීමක් බව ද කී ජනපති සිරිසේන මහතා දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක් නියම කිරීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට උපදෙස් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසියාවෙන් ජනධිපාති තුමා පුත්ගලිකව ඉල්ලපු හාල් ටොන් 5,000 අධාර වශයෙන් ඊයේ නැව් ගත කලා ඉල්ලුවේ රටේ මිනිසුන්ට කන්න නැහැ වියලි කාල ගුණය කියලා. ඇත්ත කියනවා නම් වියලි කලා ගුණය නෙමෙයි උනේ. පොහොර සහනාධාරය කැපීම. (ර)
රටේ හාල් හිඟයක් නම් නැහැ. මිල වැඩිකම තමයි තියෙන්නේ (නි)
සහල් මෝල් හිමියන් ඉස්සර කියපු විදිහට ඔවුන් ළඟ දේශීය සහල් තොග තිබුනේ නැහැ. දැන් මොකද මිල වැඩි කරගන්න දඟලන්නේ තමන් ළඟ නොමැති දෙයකට? (නි)
අපිට කරන්න තිබෙන්නේ ලබන කන්නයේ ගොයම් කැපෙනකොට ගොවිපලට ගොස් ගොවියාගෙන් සාධාරණ මිලට වී කිලෝ 100 විතර මිලදීගෙන අවුවේ දමා වියළා, අවශ්‍යවිට මෝලට දී ටික ටික කොටාගැනීමය. වී කිලෝ 100 කින් සහල් කිලෝ 65-70 අතර ප්‍රමාණයක් සකසා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම ලබන කන්නේදී එම වැඩය කරනවා. දැනටමත් මම ගොවි මහතෙක් සමඟ කතාකරගෙන ඉන්නේ (නි)
ඔබතුමාගේ සහෝදරයා සමඟ කතා කරලා දේශීය සහල් වලට මිලක් නියම කරගත හැකියිනේ. අනිත් කාරණය ආණ්ඩුවේ ඉන්න කෘෂිකර්ම අැමති? මොකද වී වගාව සීමා කිරීම, පොහොර සහනාධාරය නොලැබීම ආදී දේවල් වලින් තමයි රටට මෙවන් විපතක් වුණේ (නි)