යුද සමයේ මානව හිමිකම් කඩවීයැයි කියන චෝනදා ගැන දේශීය පරීක්ෂණය ලබන ජූනියේ දී ආරම්භ කර සැප්තැබ්මරයේ අවසන් කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පුවත්පත් කතුවරුන් සමඟ පැවසීය.
විදේශ පරීක්ෂණයකට රජය අකමැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ට පැවසූ බවත්, ඔහු එය පිළිගත් බවත් ජනපති කීවේය.
සිරිසේන මහතා මෙසේ ද කීවේය.
‘විල්පත්තු රක්ෂිතය එළි කිරීම වැරදියි. කිසිම රක්ෂිතයක් එළි නොකළ යුතුයි. වනාන්තර කැපීම නතර කළ යුතුයි. අවතැන්වූවන් හා දෙවැනි තෙවැනි පරපුරේ අයට ඉඩම් දිය යුතු බව ඇත්ත. ඒත් රක්ෂිත ඒ සඳහා පාවිච්චි කළ නොහැකියි. එසේ නොකළ යුතුයි.
විල්පත්තු පැත්තේ නැවත පදිංචි කරවා ඇත්තේ ගිය රජය යටතේ ඉඩම් පිළිබඳ කාර්ය සාධක බළකායේ නිර්දේශ මතයි. මේ ගැන පරීක්ෂණ පැවැත්වෙනවා.
මහා පරිමානයේ වංචා ගැන සෙවීමට පත් කළ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසිරුවන්නේ නැහැ. එහෙම විසිරුවන බවක් මා කීවෙත් නෑ. එම කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනයේ එක් වගන්තියක් වෙනස් කළ යුතු බව මා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කළා.
ව්‍යවස්ථා දායක සභාව ළඟදී පිහිටුවනවා. ලබන මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය ගැන පක්ෂ අතර ප්‍රශ්න තිබෙනවා. මනාප ක්‍රමය ඉවත් කළ යුතු ද නැද්ද එවැනි ප්‍රශ්නයක්. ඒ ගැන අදත් හෙටත් (20,21) සාකච්ඡා කරනවා.
ලබන ඡන්දය වෙනුවෙන් මේ සතියේ ම නාමයෝජනා කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය ගැන ජනාධිපති කාර්යාලයය වෙනම පරීක්ෂණයක් පවත්වනවා. (බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ බෑණාගේ සමාගමට අනිසි ආකාරයෙන් බැඳුම්කර වෙන්දේසි කළ බවට විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයෙදී ඔහු ඊට සෘජුවම සම්බන්ධ නැතැයි අගමැතිට වාර්තා කර තිබිණි.)‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරලිය ගහ මන්දිරෙන් නැහැ කිව්වනම් ඉතින් නෑම තමයි.ඒ නිසා අපරාදේ ඔය විමර්ශන වලට යන වියදමත් ඉතුරු කරන් තව තව කලගුණ සලකල කීකරු ළමයෙක් බව පෙන්නන්න..(බ)
නියම නායකයෙක්. ඔබතුම වගේ තීරණ ගන්න අය තමා අවශ්‍ය. (ර)
රටේ සංවර්ධනය හොදින් කරගෙන යන්න පොර්ට් සිටි එක නවතන්න එපා ඒ තුළින් සංචාරක ව්‍යාපාරයට ලොකු පිටුවහලක් වෙනවා ගහකොළ පරිසරය සතා සීපාවා රැකගැනීම අපි කාගේත් වගකීමක් විල්පත්තු රක්ෂිතය විතරක් නෙමෙයි මුළු රටේම රක්ෂිත රැකගන්න ඕනි! (බ)
හමුදාවන් බොරුවට පාවාදෙන්න එපා. මෙතෙක් හොර ගිවිසුම් වලට අනුව දීපුවට මොනවාද ලැබුණු ප්‍රතිචාර? (ස)
වැකෝ, හමුදාවන් බොරුවට පාවා දුන්නේ යුද්දේ ඉවරවුන ගමන් බැන්කි මුන් හම්බවෙලා පරීක්ෂනයක් කරන්නම් කියපු අය. (ස)
මහජනතාවට වගකියන විනිවිද පෙනෙන සාධාරන නායකත්වයක් , හොර බොරු නැති අවංක මනුස්සයෙක් , ජනපති තුමනි ඔබගේ ආරක්සාව අංක එක , රටේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය කරන ශක්තිය , ධෛර්ය, අධිෂ්ඨානය තෙරුවන් ගුණ බලෙන් නොඅඩුව ලැබේවා ! (ස)