IMG-LOGO

‘දේශපාලනඥයින්ටත් අසහනය වැඩියි‘

නව සංඛ්‍යා ලේඛන අනුව මෙරට පාසල් ළමුන් සියයට 20 කට වැඩි  ප්‍රමාණයකට දියවැඩියාව, අධික ස්ථුලතාවය, විවිධ මානසික හා කායික ප්‍රශ්න ආදී රෝග ඇති බවත් ජනගහණය අනුව සියදිවි නසා ගැනිම් වැඩි රටවල් 5න් එකක් බවට ලංකාව පත්වී තිබෙන බවත් කැළණි විශ්ව  විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ පීඨාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

සමාජය වේගයෙන් කාර්මිකකරණය, නාගරිකරණය හා වාණිජකරණයේ තරගකාරීත්වය සමග ආහාරයේ වෙනස්කම් මත කායික හා මානසික රෝග ඉහළ යාම මීට හේතුව බවද  මහාචාර්යවරයා කියයි.

මහනුවරදි පැවැත්විමට යන යෝගා වැඩමුලුවක් සම්බන්ධ දැනුම්වත් කිරීමකට එක්වෙමින් ඔහු එසේ කීවේය.

තරුණ හා මැදිවියේ  අයගේ මානසික ආතතිය, මානසික ඉච්ඡාභංගත්වය, දිවි නසා  ගැනීමේ මට්ටම ඉතා වේගයෙන් වැඩිවන බවද මහචාර්යවරයා පෙන්වා දුන්නේය.

කයට බෙහෙත් ගැනීම තරම් ඉතාම වැදගත් වන්නේ ව්‍යායාම් ශරිරයට අවශ්‍ය පරිදි ලබා දෙමින් නව ක්‍රියාකාරී සමාජයක් බිහි කිරිම බවද ඒ සඳහා යෝගි ක්‍රම පිටුවහලක් වන බව ද පියදාස මහතා  කීවේය.

පහළ සමාජ තල වල පමණක් නොව ප්‍රතිපත්ති තීරණය කරන ඉහළ සමාජතල වලද මානසික අසහනය, ආතතිය  අර්බුදය වැඩි බවත් පාර්ලිමේන්තුවේ අසහනකාරි තත්වයන්ගෙන් පෙළෙන දේශපාලනඥයින් සිටින බවත් ඔහු කීය.

web_731MG_8974

 



අදහස් (0)

‘දේශපාලනඥයින්ටත් අසහනය වැඩියි‘

ලංකාසිරි Sunday, 31 July 2016 11:44 AM

උදේ ආහාර වේලට පිරිසිඳු කොළ කැඳ බොන්නට පුරුදු කිරීමත් දිනපතා භාවනාව පුරුදු කිරීමෙනුත් මේ තත්වය පහසුවෙන් මග හරවා ගත හැක. බුදුන් වහන්සේ කොළ කැඳ වල ගුණ බොහොමයක් බව දේශනා කර ඇත. උන්වහන්සේ දානයක් නවතා කොළ කැඳ දානයක් බාරගත් බවද කියැවේ (බ)

:       0       0

රොකී Monday, 01 August 2016 12:21 AM

ලංකාසිරි මහත්තයෝ, එහෙම කර තිබෙන්නේ මොන සූත්‍රයේද? (නි)

:       0       0

රොකී Monday, 01 August 2016 12:28 AM

දේශපාලකයන්ට තියෙන්නේ ආතතිය, කොලොස්ටෝරෝල්, එහෙම නැත්නම් ජරාව කෑමෙන් හැදුනු බඩේගාය වෙන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site