(කාංචන කුමාර ආරියදාස)
ශ්‍රී ලංකාව මේ වන විට විශාල අර්බුදයකට ලක්ව ඇති බවත් මෙම අර්බුදය නිසා මෙරට සමස්ත රජයත් ආයතන ක්‍රමයක් විශාල බිඳ වැටීමකට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (06) දඹුල්ලේ පැවැති සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය.
දේශීය ප්‍රති නිර්මාණය කරමු මැයෙන් පුනරුදය සංවිධානය මගින් දිවයින පුරා සංවිධානය කරන ලද පුනරුද තරුණ තරුණියන් හමුවේ මෙම සම්මන්ත්‍රණය දඹුල්ලේ දී පැවැත්විණි.
මේ අවස්ථාවට දිවයින පුරා තරුණ තරුණියන් සහ විවිධ වයස් මට්ටම් වල 350ක් පමණ දෙනා සහභාගි වී සිටියහ.
මේ අවස්ථාවේදී මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රටේ සෑම තැනකම කුණුවෙච්ච ගතියක් පවතින බවත් දේශපාලන නායකයන්ට පවතින පිළිගැනීම වාෂ්ප වී ඇති බවත්ය.
කිසිදු නීති සම්පාදකයෙකු ක්‍රියාත්මක වීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවත් අවම වශයෙන් ගැසට් නිවේදනයක් හෝ නිසියාකාරව කෙටුම්පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද සඳහන් කළේය.
වර්තමාන නායකයින්ට ප්‍රඥාව නොමැති බවත් මේ හේතුව නිසා විශාල අවුලකට රට පත්ව තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනඥයින්ට මොන පිළිගැනීමක්ද? අපේ රටේ වැඩි දෙනෙක් විවිධ අපරාධවලට සම්බන්ධ නිසි අධ්‍යාපනයක් නැති මැට්ටෝ... කීප දෙනෙකුට රට පාලනය ගැන දැනුමක් තිබුණත් ඔවුනුත් හවුලක් නිසා වියවුල් වෙලා. විශේෂයෙන් දැන් පවතින රජය පවත්වාගැනීම ඉතාමත් අසීරුවී ඇත්තේ රටේ ජනපතිගෙයි, අගමැතිගෙයි දියාරු ප්‍රතිපත්තියක් නැති රාජ්‍ය පාලනයයි. ඔවුන් රටේ බලය ලබාගැනීමට ප්‍රථම ජනතාවට දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ට නොකිරීම නිසා දේශපාලනඥයා හරියට අම්බරුවන් ගාණට වැටිලා..
අපගේ මවුබිමේ දේශපාලනඥයින් නොමැති බව ඔහේ නොදැන සිටීම කණගාටුවකි. සිටින්නේ දේශපාලකයන්ය. "දේශපාලනඥයා " යන වැදගත් වචනයේ අර්ථයවත් නොදන්නා මේ අම්බරුවන් රැල පිළිබඳ නොදැනීම පිළිබඳව අප නැවත වරක් "පැරණි රතු අයියා" ගැන කණගාටු වන්නෙමු. තවද ඔහෙලගේ රතු මල්ලිලාත් මේ අම්බරුවන් 225 ට ඇතුළත් බවත් දැන්වීමට කැමැත්තෙමු.
දේශපාලකයින් ගැන විතරක් නෙමෙයි, අපි නම් මාධ්‍ය ආයතන ගැනත් කල කිරිලා ඉන්නේ. ඔබ වැනි එඩිතර මාධ්‍යවේදීන් කීපදෙනෙකු හැරුණාම වැඩිදෙනෙක් කරන්නේ කාට හෝ කඩේ යාමයි. රාජ්‍ය මාධ්‍යය ගැන නම් කියන්නම දෙයක් නැහැ.. නමුත් ස්වාධීනයි කියන, අපි ඇත්තමයි කතා කරන්නේ යැයි කියන, අපි කාටවත් බය නැහැ කියන මාධ්‍ය මුදලාලිලාගෙන් කවුද නාගානන්ද කොඩිතුවක්කු, සුගන්ධිකා ප්‍රනාන්දු වගේ අයගේ 'උසාවිය නිහඬයි' වර්ගයේ හෙලිදරව්වකටවත් ප්‍රචාරයක් දෙන්නේ?
මේ රටේ ඉහළ ඉඳලා ප්‍රාදේශීය සභාවට වෙනකම් ඉන්න හොර පාලකයෝ ටික එක පාරම පිටසක්වල ජීවින් අරන් ගියොත් ඔන්න එදාට මේ රට හැදෙයි.
දේශපාලකයින්ට පමණක් නොවේ... දේශපාලකයින්ට කඩේ යන අයටත් ඔය කියමන වලංගුයි. ඒ වගේම ජන මාධ්‍යය මඩ ගැසීමේ කලාව කරගනිමින්, මාධ්‍යය බඩ ගෝස්තරය කරගෙන ජනතාව ගොනාට අන්දවන බෝතල් පත්තරකාරයින්ටත් ඔය කියමන අදාලයි.
මුළු ලංකාවම හරි මඟට ගන්න නම් අපේ ඔරලෝසුව 1970 ට විතර ආපස්සට කරකවන්න ඕනෑ. ඒ කාලේ මිනිස්සු දේශපාලනය කලේ තමුන් වැජඹෙන්නේ නැතුව මහජනයාට සේවයක් කරන්න විතරයි. හතර පාරක්ම අගමැති වුණු ඩඩ්ලි සේනානායක මහත්තයා මැරෙනකොට බැංකු පොතේ තිබුණේ රුපියල් 418ක් විතරයි. උප්පත්තියෙන්ම කෝටිපතියෙක් වුණු එතුමා මුළු ධනයම වියදම් කළේ රට වෙනුවෙන්. දැන් කාලේ ප්‍රාදේශීය සභාවට පත්වෙන සාමාන්‍ය පුද්ගලයෙක් මන්ත්‍රී වෙලා අවුරුදු 5 අවසාන වෙනකොට කෝටිපතියෙක් වෙනවාමයි.
මොහු එක්තරා දේශනයකදී කියා තිබුණා අපි කලේ අසාර්ථක කැරැල්ලක්... එය නොකළ යුතු දෙයක් කියා.. ඔව් එම අසාර්ථක කැරැල්ලට තරුණ තරුණියන් බාරගෙන පොළඹවා බිලිදී ඔවුන් වැනසුවාට එම අසාර්ථක කැරැල්ලට ජීවිත පුජා කළ අය මතින් ගොඩ ගියේ මොහුයි ...
දේශපාලන පක්ෂ, හා පක්ෂ නායකයින් අදහන ගෝත්‍රිකයින් ඉන්න රටකට තිරසාර අනාගතයකට ගමන් කරන්න ඉඩක් නැහැ, පක්ෂ දේශපාලනයෙන් හා තක්කඩි කමින්, ඉරිසියාවෙන් කුහක කමින් අනෙකට වල කපන කඩාකප්පල් කාරයින්ට පැවැත්මක් තියෙයිද? ජනතාවගේ කුණු රසය ඉස්මතුකරන කැලෑ පත්තර කාරයින් මහා ඉහලින් වැජබෙන, සමාජයට ලොකු ටෝක් දෙන සමාජ චුන් කාරයින්ට මඩු වලිගෙන් ගසා පන්නා දැමිය යුතු සමයකයි අප මේ ජීවත් වෙන්නේ. දේශපාලකයින්ට කලින් වාෂ්ප විය යුත්තේ ඒ දේශපාලකයින්ව කරලියට ගෙනා, හා ඔවුන්ව බලයට ගෙන්න තටමන මිනිස්සුන්ටය.
එ්ක අැත්ත. කවුරු පිලිගත්තත් නැතත් අැස් පනාපිට වෙන දේ කියන්නම්. නිදහස් පක්ෂය අවසන් ගමන් යමින් තිබානවා එ.ජා.ප එහෙම්මමයි. ඔයාලට පේනවද මේ පක්ෂ ගොඩගන්න නියම නායකත්වයක් පේනතෙක් මානයක තියවද. ඉන්න ඔක්කොම පුද්ගලික අරමුණු වෙනුවෙන් වැඩ කරන බඩගෝස්තරයින් එ්කනේ අැමතිකමක් නොමැති වුනාම නාහෙන් අඬන්නේ. මැයි දිනය සමරන අාකාරයෙන්ම එ්ක පෙනෙනවා. පක්ෂවල ගම්මට්ටමේ බලකනු දැන් කිසිම දේකට යන්නෑ. පොහොට්ටුව ගත්තත් රාජපක්ෂ මහතගේ අාර්ෂණය මත විතරයි පවතින්නේ. එ්ක ඔවුන් පිලිගන්නවා එ්කනේ ඔවුන් කියන්නේ රාජපක්ෂ මහතා කිව්වොත් පොල් ලෙල්කට හරි මිනිස්සු ඡන්දෙ දෙනවා කියලා. එ් කියන්නේ මිනිස්සු ගරු කරන නායකයන් දැන් නෑ. සියලු අායතන පද්ධති කඩා වැටිලා අපි මේ යන්නේ ලොකු විනාශයක් කරා.
දේශපාලනඥයින් ගේ කිසිදු වැරද්දක් නොමැත , ඇත්තේ ඔවුන් පත්කර හරින ජනතාවගේ නුගත්කමයි , අවිචාරවත්කමයි ,ඥානාන්විතව තීරණ ගැනීමට ඇති නොහැකියාවයි. මිට සම්පුර්ණයෙන් වගකිවයුතේ ඡන්දබලය හිමි ජනතාවයි.
ප්‍රවීන දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතාගේ ප්‍රකාශය ගැඹුරින් සාකච්ජා කළයුත්තකි. ලාංකික දේශපාලන දේහය පුරා පැතිරී ඇති වේදනාත්මක කුෂ්ට රෝගය ආරම්භ වුයේ 1977 නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමේදී සිදු වූ අදුරදර්ශී ක්‍රමවේද නිසාය. විටින්විට කැසීමෙන් වින්දනය ලැබූ පාලකයෝ ලාංකික සමාජය පිළිගත් සංකෘතික, ආගමික, ආර්ථික හැසිරීමේ යථා ස්වභාවය තේරුම් ගැනීමට තරම් රාජ්‍ය තාන්ත්‍රික නොවුහ. පරාර්ථය වෙනුවෙන් අවංකව දේශපාලනය කල මහත්වරු වෙනුවට "සුදු කරපටි පැළඳි මහත් හොරු' හොරකම කිසිදු ලැජ්ජාවකින් තොරව පෙරට ගත්හ. වත්මන් පාර්ලිමේන්තුවේ 225 දෙනාම නොවැදගත් පිරිසක් නොවේ. උසස් අරමුණු වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම අතේ ඇඟිලි ගණනට වඩා අඩු බව ඇත්තය. ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකම වසර 70ක් පුරා ගෙන ගිය මජර පාලනයත්, ඔවුන් නැවත නැවතත් බලයට පත් කරමින් ,අත්පොලොසන් දුන් අත් දෙකම කම්මුලට තබා ගනිමින් පසු තැවෙන ප්රබුද්ධ පුරවැසියෝ වූ අපි.
රාහුල් මහත්තයා ඔබ නිවැරදියි.. ලෝක හොරු තමයි.. මගේ ළඟ නෑදෑයෝ ගාල්ලේ, පාසලෙත් හොරකමට වාර්තා තියපු කිසිම ආත්ම ගරුත්වයක් නැති කෙනෙක්..