මහා පරිමාන ලෙස වංචා කළ රාජපක්ෂ රජයේ දේශපාලඥයන් පිරිසක් රට පැන ඇතැයි ද ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බව හිටපු ඇමති රාජිත සේනාරත්න කියයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඔහු එසේ කීවේය.
රටට අවැඩ කළ කිසිවෙකුට බේරීයාමට ඉඩ නොදෙන බව ද ඔහු කීවේය.
ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි පැවසුවේ ඡන්ද සමයේ මාධ්‍ය ආයතනවලින් ලංකාදීප, සිරස හා ටී.එන්.එල්. ආයතන පමණක් අපක්ෂපාතීව හා ස්වාධීනව ක්‍රියාකළ බවයි. හිමියෝ ඒ ආයතනවලට කෘතඥතාව පළ කළහ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසුවේ පසුගිය රජය කාලයේ තිබුණාටත් වඩා සාමකාමී වටපිටාවක් උතුරේ පවතින බවයි. නොයෙක් කටකතා පතුරුවතත් ඒවායේ සත්‍යතාවක් නොමැති බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයට හැමදාම මුල් තැන, සුබ පැතුම් (නදී)
සමහර නාලිකා මහින්දට කඩේ ගියා. සමහර ඒවා මෛත්‍රීට කඩේ ගියා. (නදී)
හරියට හරි, පටන්ගන්න ඕනේ හිටපු ධිවර ඇමතිතුමාගෙන්. (නදී)
පළමුව ඇමතිකම් දරමින් සිය බලය පාවිච්චිකර තමන්ගේ කොටස් ඇති සමාගමක් මගින් ටෙන්ඩර් ලබාගෙන රජයට භාණ්ඩ සපයා දඬුවම් ලබාපු දේශපාලුවන් දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. (නදී)
නැත්නම් කරපු කතා කතාම වෙනවා (නදී)
අර කොළොන්නාවේ කිසි දෙයක් මතක නැති එක්කෙනත් රට පැනලද? (නදී)
වී.අයි.පි එකෙන් යනකොට සමහර අය ඔය පෝරම පුරවන්නේ නැහැ. අනෙක කේ.පී ගියේ චාටර් ජෙට් එකකින්. දුමින්ද සිංගප්පූරුවට ගියෙත් ඔවැනි ගුවන් යානයකින්. කේ.පී ට වෙනම නම් ගම් දාලා පාස්පෝර්ට් එකකුත් හදල දීල තියෙනවා. ඔයවගේ එක පාරක් කරුනාම්මන්ටත් ගොතා ගුවන් බලපත්‍රයක් හදල දීල එංගලන්තෙට යවල එහිදී මාට්ටු වෙලා අාපහු ලංකාවට එව්වා. මමත් වැඩකරන්නේ ගුවන් තොටුපොළේ ඔය කියන පර්යන්තෙමයි. 8 වෙනිදා දවල් ඉඳල කී දෙනෙක් ගියාද හෙන සල්ලි බෑග් එල්ලගෙන. ඒ එකෙක් ගැනවත් කිසිම පොතක නැහැ. (නදී)
සුදර්මන් රදලියගොඩත් ළඟම ඉන්නවා. (ස)
අහන්නත් ආසයි මහත්තයෝ! ඒ වගේම අර තානාපති සේවයට අනුයුක්ත කරලා යවල ඉන්න, නිසි සුදුසුකම් නොමැති ජාවාරම් කාර නෑදෑ හිතමිත්රාදීන්වත් ඉවත් කරන්න කටයුතු කලොත් හොඳයි!. (ස)
බොහොම හොඳ වැඩක්. මාධ්‍ය ආයතනයක සබාපති කෙනෙකුත් රට පැනල. එයා තමා මෛත්‍රී මහතාට ගොඩක් අපහාස කලේ. (ස)
අතුරලියේ රතන හිමිගේ ආයුකාලය ගොඩාක් දික්වේවා කියා පතනවා. මොකද ස්වභාවධර්මය ගොඩාක් නපුරුයි. (ස)
මම කණ කපාගන්නවා එක්කෙනෙක් හරි අල්ලලා දඬුවම් දුන්නොත්... (නි)
අනිවාර්යෙන් මහින්දගේ ධිවර ඇමති වෙලා හිටිය අයත් අත්ඩංගුවට ගන්න ඕනා. (නදී)
කාගේ කාගේත් කිල්ලෝට වල හුනු තියෙන්න පුලුවන්. ඒ නිසා හරියට වැඩ කරන්න (නදී)
මේ කියන මහත්වරුන්ගේ වංචා,දුෂණ කිසිවක් නැද්ද දන්නේ නැහැ නේද ?(දිල්)
අපි දන්නවා කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියෙනවා කියලා (දිල්)
රාජිත මහත්තයෝ ඔබල හයියෙන් දුවන තරමටම ඉක්මනින් හති වැටෙනවා. අපි බලමු. (බ)
සත්තකින්ම ඔබත් ඇතුළුව (බ)
උඩ පන්නින්නේ නැතුව වැඩ කරන්න. (හේ)
කල කම් පල දේ (නදී)
ගුවන්තොටුපොළ වහනවා කිව්වා නේද. ඇයි යන්න දෙන්නේ? (නදී)
ඒක තමයි වෙන්න ඕනේ.(හේ)
ඔබතුමාත් රට පනින්න එපා වාරය එනකන් ඉන්න (බ)
ඔන්න එක හොරෙක් අද උදේම රට ගිහින් "" ඇමෙරිකාවට" ලොකුම හොරා (නදී)
මෙයා සුදනා (නදී)
කිසිම පක්ෂයකට කතා නොකර ස්වාදීනව සිටීම ගරු ගරුකරනවා (නදී)
රාජිත ඇමති තුමනි රට පනින්න ඉඩ දීල පසුව ඔහොම කියනවට වැඩිය නරකද රට පනින්න නොදී වැට බඳින එක. මොකද මුළු රටම බලාගෙන සිටින්නේ හොරුන්ට දඩුවම් කරන තුරුයි. එහෙම නොකලොත් ඔබතුමන්ලත් ඉතාම ඉක්මනින් ජනතා අප්‍රසාදයට පත්වේවි (නදී)