දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයෝ හා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජය පක්ෂය, සමාජවාදී පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී දේශපාලන පක්ෂ ද, වමේ හඩ, සම අයිතිය ව්‍යාපාරය, අලුත් පරපුර, ලංකා ගුරු සංගමය ආදී සිවිල් සංවිධාන හා වෘත්තීය සිමිති නියෝජිතයෝ පිරිසක් ද ඊට එක්වූහ.
නඩු නොදමා වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින දේශපාලන සිරකරුවන් මුදා නොහැරීම නිසා ඔවුන්ගේ මානව හිමිකම් කඩවන බව විරෝධතාකරුවෝ කීහ.
අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මෙන්ම අක්ෂය සංවාද මණ්ඩපයේ ක්‍රියාකාරිකයකු ද වන නජිත් ඉන්දික මහතා කීවේ එල්ටීටීඊයේ ප්‍රධානීන් නිදැල්ලේ සිටියදී ඔවුන්ගේ කීමට වැඩ කළ ඇතැමුන් සිර කරගෙන සිටින බවයි. ඇතැම් දේශපාලන සිරකරුවන් සිය ජීවිතයේ වැඩි කාලයක් ගෙවා ඇත්තේ බන්ධනාගාරයේ බව ද ඔහු කීවේය.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දේ කාලේ මේ කට්ටිය හිටියේ කොහෙද ? මට හිතෙන හැටියට උතුරේ කොටි එක්ක. (බ)
මේ ඇතුලේ ඉන්නේ තනිකර මිනීමරු කොටි ...මේ එළියේ ඉන්නේ කොටින්ට කඩේ යන අය (අ)
දැන් පේනවනේ මේගොල්ලෝ කාටද කඩේ යන්නේ කියල..(හේ)
ඔය ඉන්නේ කට්ටිය බැනර් උස්සගෙන. (බ)
මේ මොකද්ද ත්‍රස්තවාදීන්ට දේශපාලන සිරකරුවන් කියල අලුත් නමක් තියාගන? ලෝකේ කොහෙවත් මෙහම නැහැ. ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන්මයි. මේ අය නිදහස් කරන්නෝන කියනවා. අනිත් පැත්තෙන් රණවිරුවන්ට දඬුවම් දෙන්නත් ඕන? මේවා සාධාරණද? (බ)
පහුගිය කාලේ ඔයාලා කොහෙද හිටියේ? (නි)
මේ අය දැන් ඉදන්ම සැරසෙන්නේ යුද අධිකරණ ගෙනත් හමුදාව නොකළ වරදවලට පටලවා හිරේ දමා, කොටින් නිදහස් කර ඔවුන්ට වන්දි ලබාදෙන සැලසුමට ජන මනස හුරු කිරීමටයි. මේවට ගෙවීම් ලැබෙන මුදල් වර්ගය කියන්න වුවමනා නැහැනේ! (බ)
කවුද මේ දේශපාලන සිරකරුවෝ? (නි)
අාවට ගියාට අදහස් දමන්න එපා. යුද්ධයෙන් බැටකාපු ගොඩක් පිරිස දෙපැත්තෙන්ම අදත් දුක් විඳිනවා සිංහල, දෙමළ. මේවට විසඳුමක් නැති නිසා සැහෙන කාලයක් අපි මරාගත්තා. දැන්වත් ප්‍රායෝගිකව සැමදෙනා කටයුතු කළයුතු බවත් ජාති බේද, කුල බේද මනුස්ස ගුණධර්මයන්ට පටහැනි බව අවබෝධ කරගැනීම වඩාත් සුදුසු බව මා ප්‍රකාශ කරනවා (නි)
මිනීමරු කොටින්ට දේශපාලන සිරකරුවන් කියා නිදහස හා වන්දි ඉල්ලන මොවුන්මය හමුදාව මිනීමරුවන් කියමින් ඔවුන් එල්ලා මරණ ලෙස පෙළපාලි යන්නෙත්. (ම)
ත්‍රස්තවාදයයි දේශපාලනයි පැටළිලා වගේ මට නම් පෙනෙන්නේ. පව් පෙළපාලි ගිහින් වෙන්න ඇති අත්අඩංගුවට ගන්න ඇත්තේ. (නි)
මේ අයගෙන් වැඩි දෙනෙක් කෑගහන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)
මෙතැන අදහස් දමන සමහර අයගේ දැනුම අන්තිමයි. මේ උද්ඝෝෂණය කිසිදු චොදනාවක් නැතුව අවුරුදු ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරවල තියාගෙන ඉන්න අහිංසකයින්ව නිදහස් කරන්න කියලායි (නි)
ත්‍රස්තවාදය දැන් දේශපාලනය බවට හැරවුණේ කුමන බලයක් නිසාද? (නි)
මෙහෙමත් සිංහලයෝ? ලැජ්ජයි. (නි)
දේශපාලන සිරකරුවන් නැත. ඉන්නේ ත්‍රස්තවාදීන්ය. සමහර සිංහලයිනුත් ඔවුන්ට දේශපාලන සිරකරුවන් කියන්නේ සුමාන දෙකෙන් අමතකවීමේ රෝගය නිසාද
මහින්ද රජය සමයේ පටන් මේ දේශපාලන සිරකරුවෝ බන්ධනාගාරයේ හිටියා. ඒත් මේ වගේ උද්ඝෝෂණ කළේ නම් නැහැ නේද? (නි)
අවුරුදු ගානක් නීතිය ක්‍රියාත්මක නොකර නිකන් කන්න දිදී තියාගත් එක නම් වැරදියි. නමුත් මේ ඉන්නේත් අහිංසකයෝද? (නි)
බලන් යද්දී මෙවැනි ඉල්ලීම් සාධාරණයි කියලත් හිතෙනවා අවුරුදු ගණන් ඇදී ඇදී යද්දී. එක්කෝ තීරණයක් දෙන්න ඕනේ ඉක්මනින් ඔය දේශපාලකයන්ට දෙනවා වගේ. (බ)
හිරගෙදර සිටිය යුතු බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ තවමත් සිටිනබව පෙනේ. ඔවුන්ව ඇතුලට දාන්ට කියා පෙළපාලි ගියොත් නරකද?(ම)