දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 129 දෙනකුට කඩිනමින් සහන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අසාධාරණ වූ බවට ලැබුණු අභියාචනා සලකා බැලූ කමිටුවක් විසින් සහන සැලසීමට සුදුසු නම් නිර්දේශ කරනු ලැබීය.
එම පිරිසෙන් දැනට විනය පරීක්ෂණ නැති නිලධාරීන්ට කඩිනමින් සහන ලබා දිය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන ඇත.
ඔවුනට සහන සැලසීමේදී පොලිස් සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට ද තීරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ ආණ්ඩුව ආවත් ඔය පළිගැනීම් වලට ලක්වූවෝ ඉන්නවා. පළිගැනීම් කළවුන්ට දඬුවම් කීරීමක් නැහැ (නි)