උතුරු මැද මහ ඇමැති ධුරය ලොකු අර්බුදයක් කාරා යා හැකි යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිල් දෙකකට බෙදීමේ තත්ත්වයක් වළක්වා ගැනීමට රජයට හැකි විය යුතුයැයි උතුරු මැද හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අනුරාධපුරයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. එස්.එම්. රංජිත් මහතාට මහ ඇමැතිකම දීමට යතියි පළවූ පුවත් වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමට සිය නිවසේදී ඔහු මේ සාකච්ඡාව පැවැත්වීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය සභා 19කමන්ත්‍රීන් 154 දෙනකුගෙන් 120ක්ම තමා සමග සිටින බව කී හිටපු මහා ඇමැති රංජිත් මහතා මහා ඇමැති කම දෙන බවට ශ්‍රී ලනිප ලේකම් හෝ සන්ධාන ලේකම් මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැතැයි ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂයේ මහින්ද සෝම අධිකාරී වැනි ප්‍රබලයන් සමග සටන් කර පක්ෂය ගොඩ නැගූ තමා ශ්‍රී ලනිපයේ උප සභාපති ද සන්ධානයේ භාණ්ඩාගාරික පදවියද දරන බව කී දිසානායක මහතා රට ජාතිය වෙනුවෙන් නොවූ බවත් මල්ලී වෙනුවෙන් ඇමැති කමින් ඉල්ලා අස්වීම ගැන එස්.එම්.චන්ද්‍රසේන මහතාට තම ස්තූතිය පළ කරන බව ද කීවේය. ‘මම උතුරු මැද පළාත් සභාවේ ඇමැති කම් බාරගන්නෙත් නෑ උපදේශක කම් ගන්නෙත් නෑ මහා ආණ්ඩුවේ ඇමැති කමක් දුන්නත් ගන්නෙත් නෑ. මේ ප්‍රශ්නයෙන් ලංකාවේ දේශපාලන අර්බුදයක් ඇතැවිය හැකියි‘.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට අපි ජේෂ්ඨ ඇමතිකමක් දුන්නානම් වැඩේ ඉවරයිනේ..(ස)
නැහැ එහෙම වෙන්නේ නැහැ
එදත් අදත් හෙටත් අපේ මහ ඇමති මෙයා ? (ස)
ජනතා කැමැත්තට ඉඩ දෙන්න අනේ. (නි)
අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තණ්හාවක්.... (නි)
අනිවාර්යයෙන්ම වැඩි මනාපයට මහ ඇමතිකම දෙන්න ඕනෑ. (නි)
ඔහොමවත් කියලා හිත හදාගන්න...තව තව දේ ගැන හිතලා බලද්දි ඉවසන්නම වෙනවා..(ස)
මේවා නැති කරන්න ඕනේ
කතාව ඇත්ත මමත් පිලි ගන්නවා
චන්ද්‍රසේන ඇමතිතුමා දිනේවා! (නි)
මනාප අඩුවුණහම ඔහොම වෙනවා. (නි)
මොකක්ද කරපු වරද මං.... (නි)
ඡන්දය දිනුවේ ඉල්ලපු අයගේ හැකියාව නිසා නෙමෙයි. (නි)
මෙය සාමාන්‍ය සිදුවීමකි. (නි)
කොහොම හරි මහ ඇමති වෙන්න හදන්නේ අපි ගැන හිතලා නේද? අපි දන්නවා ඔබතුමා කළ දේවල්. අපිට ඔබතුමා එපා නිසයි අපි වෙන කෙනෙකුට මනාප දුන්නේ. මහත්තයෙක් වගේ ඉවත් වෙනවානම් නේද හොද? එයත් හොද නැතිනම් අපි ලබන සැරේ වෙන කෙනෙකුටයි මනාප දෙනවා. (නි)
මනාප නම් ? අනේ මන්දා... (නි)
හොදින් හෝ නරකින්ද?(නු)
පැහැදිලි නැහැ..!(නු)
අනිවාර්යෙන්ම දියයුත්තේ වැඩි මනාපෙට. අර්බුදයකට යනවනන් එයාට යන්න දෙන්න. කොපමණ ගුණකලත් දුදනෝ නොවෙති යහපත්.(නු)
මටත් පේනවා
බර්ටි කොහොමද දන්නේ
ස්තුත්යි ඔබ තුමාට
මොනවද මේ විකාර
අප්පා මෙයාගේ සැර. ලද දෙයින් සතුටු වෙන්න. අපි බදු ගෙවලා නඩත්තු කරනවානේ. තවත් මොනවාද ප්‍රශ්න. (නි)
නිලයට බලයට වස්තුවට මෙතරම් තණ්හාවක් මිනිස්සුන්ට තියෙන්නේ ඇයි? තමාගේම පක්ෂයේ මන්ත්‍රීවරු තමාගේ පක්ෂයේ මහා ඇමති කවුරු වුණත් සහය වීම නේද සදාචාරය. පක්ෂයේ නායකයට පාර්ට් දාල කළුගලේ ඔලුව ගහගන්න එපා. ඕක දීලා දාන්න. ඔය කළා මදැයි. (නි)
ජයවේවා ඔබ තුමාට
අර්බුදය පටන් ගැනීමට පෙර දැනුම්දීමක් කරන්න. සහයෝගයට අපිත් එනවා. (නි)
පරිස්සම් වෙන්න ඕනේ ජනතාව
සත්‍යයකි
කොහොමද එහෙන්ම වෙන්නේ
මනාප ක්‍රමයෙන් අමානාප වේ..(ස)
වැඩේ හැබෑව
පවු අප්පා. දුක හිතෙනවා මට. (නි)
ඡන්දයක් තිබ්බේ අපරාදේ..(ස)
දැන් කරන්න තියෙන්නේ කලා වැවට පනින එකයි. නරකද ඒ යෝජනාව? (නි)
කොහොමත් ලංකාවේ නිදහස් පක්ෂයක් නැහැනේ. (නි)
මිදි ඇඹුලයි වගේ.(ස)
අනේ මගේ ලංකාව
ප්‍රවේසමෙන් (ස)
නුඹලාට මහ ඇමතිකම දෙන්නන් අපි නම් සළකන්නේ රාජ්‍ය විරෝධීන් හැටියටයි. (නි)
මහත්මයෙක් ලෙස ජනතා කැමැත්තටම ඉඩදිය යුතුයි. (නි)
දැන් එහෙනම් සාත්තරත් කියනවා වගෙයි. (නි)
අනේ, ඔන්න ඔහේ යන්න කියන්න. (නි)
අටලෝ දහම ගැන හිතලා හිත සන්සුන් කරගන්න. (නි)
මුලින් කට මැත දොඩවා දැන් වැඩේ වැරදි ඇත. මැරකම හරි නැත. (නි)
එහෙනම් මිනිසුන්ගේ කැමැත්තෙන් වැඩක් නැහැ? (නි)
අයියෝ බර්ටි
දුකට කියන කතා. (නි)
120ක් නෙමෙයි 240ක් ඉවත් වුවත් සුදුස්සාට සුදුසු තැන දියයුතුයි. (නි)
අද ඊයේ නොවෙයි දේශපාලන අරබුදය ඇති උනේ
මොනවා වුණත් බර්ටි ඇමතිතුමා පක්ෂය වෙනුවෙන් අවුරුදු ගානක් කළ මෙහෙවර අමතක කරන්න හොද නැහැ. මහ ඇමතිකමට නියම සුදුස්සා බර්ටි විතරමයි. (නි)
මීට වැඩිය ලොකු පුටුවකට කැමති නැද්ද? (නි)
ඔය දුන්න හැම මනාපයක්ම අවබෝධයෙන් දුන්න ඒවා නෙමෙයි. මහ ඇමතිකමට සුදුසු බර්ටිම විතරයි. (නි)
යන්න බර්ටි යන්න
ලංකාවේ ඔහොම තමයි.මම දන්නෑ ඇයි (ස)
ඒ රස කොහොම අමතක කරන්නද? (නි)
ඇමතිකම් භාර නොගත්තා කියලා අපිට පාඩු වෙන්නේ නැහැ. හොදක් වෙනවා මිසක්. (නි)
අපි ඉවසීමෙන් බලාගෙන ඉදිමු (නි)
කතාබහ නම් අපටත් පැහැදිලි මදි තමයි. ඒත් එක දෙයක් ස්ථිරයි. අධිකතර බලයක් එක තැනකට එක්රැස් වීම විනාශයකින් මිස කෙළවර නොවේ. පරමාණු බෝම්බය තනා ඇත්තෙත් මේ මූලධර්මය මතයි. වෙන වෙනම තියෙන යුරේනියම් කැබලි දෙකක් එක්වී අවධි ස්කන්ධයට පැමිණි විට දාම ප්‍රතික්‍රියාවක් ඇරඹෙනවා. ලක් ඉතිහාසය පුරාමත් මෙහෙම දේවල් වෙලා තියෙනවා. ලබාගත් ජනබලය රැකගන්නට කාට කාටත් හැකිවේවා කියා පතමි. (නි)
ජනතා පරමාධිපත්‍යට ගරු කරන්නේ මෙහෙමනම් ජනතා සේවය ගැන කවර කතාද? (නි)
බර්ටි හරි
හා හා හොරේ දැනුනා දැනුනා මට නාවේ මොකෝ කියලා... (නි)
බලය තමයි දේශපාලනය කියන්නේ
ජයන්ත... මාරයි කමෙන්ට් එක ! (නු)
ඒ වැඩේ ඇත්ත
නියමයි බර්ටි
මැරෙනකල්ම ඉන්න හිතුනද?(නු)
අර්බුදයකට යන්න ඕන නැහැනේ ... බර්ටි මහත්තය මහත්තයෙක් වගේ තම ආධාර කරුවන්ට කරුණු පැහැදිලි කරලා වැඩි මනාප ගත්ත කෙනාට සහය දෙන්න කියන්න නේ තියෙන්නේ. (නු)
අනේ මන්දා, මෙහෙම ගියොත් පිස්සු හැදෙයි. (නි)
ඡන්දෙ කාලෙ අපි දැක්ක පත්තරේ ගිය ඒවා.!(නු)
මොනවත්ම එපා නම් නිකං ඉන්න.. තව කට්ටිය ඉන්නවා..!(නු)
ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 120 ද, ලක්ෂ ගානක මහජන මනාපයද වටින්නේ කියලා බර්ටි මහත්තයට තේරෙන්නේ නැහැ. ජනතාව අකමැතිනම් ඉතින් මොනවා කරන්නද? දැන් ඔබතුමා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මහජන මතයට ගරු කරන්න. නැත්තම් ඡන්ද අයිතියේ තේරුම කුමක්ද? සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. (නි)
පුතා හම්බකළාම මදිද.?(නු)
මොනවාද මේ කියන්නේ..!(නු)
ඔබ හරි බර්ටි
කමෝන් බර්ටි. ඔහොම යන්. (නි)
කොහොමත් මහත්තයෝ ලංකාවේ දේශපාලනය අර්බුධයක තමයි. ඒක අපි දන්නවා. අපි විපාක විදවනවා. ඔයාට අද ඒක දැනිලා තියෙන්නේ ඇයි කියලාත් ඔබ තුමාම දන්නව ඇති. ඉතින් කිසිම බලයක් නැති අපිට කොහොම මේ අර්බුදය දැනෙනවා ඇති ද කියලා හිතලා බලන්න.(ස)
වෙන්නත් පුළුවන්