වර්ෂ 1818 ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට සම්බන්ධ වූ හෙයින් අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහින් ලෙස නම් කරන ලද වීරයන් 900 ට අධික පිරිස ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 මාර්තු 1 වැනිදා ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයේදි දේශප්‍රේමීන් ලෙස ඔසවා තබන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඡනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මහනුවරදි පැවැසිය.
මහනායක හිමිවරුන්ගේ අදහස් අනුව මෙම උත්සවය දළදා මාලිගා පරිශ්‍රයේදි පවත්වන්න අපි කටයුතු කරනවා. 1818 ප්‍රථම නිදහස් අරගලය මෙහෙයවු විර කැප්පැටිපොළ ඇතුළු විරුවන් කිහිප දෙනෙක් සුදු අධිරාජ්‍යවාදින් විසින් දේශද්‍රෝහීන් ලෙස වසර ගණනාවකට කලින් නම් කර තිබිණි.
එසේ වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පිරිස දේශප්‍රේමීන් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කරන ලදි. ඒ අවස්ථාවේදි ඒ සටනට සහාය දුන් තවත් විරුවන් 800 ක් 900 ක් පමණ ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ට ද සාධාරණය ඉටු කර දෙන ලෙස එම විරුවන්ගේ ඥාතින් කළ ඉල්ලිම අනුව මෙය සිදුකැරෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඡනමාධ්‍ය ඇමැතිවරයා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාවහරි මුරුංගා ඇත්තේ නග්ගන්න හදනවා වගෙයි. රටේ ජනතාව දැන් සුඛිත මුදිත වෙලා ඉන්නේ. දැන් මොවුන්ට කරන්න දෙයක් ඉතිරිවෙලා නැති නිසා, ඉතිහාසය අවුස්සනවා. (නි)
රටේ ධනය හොරාකෑ සියල්ල ජාතිද්රෝභීන් ලෙස නම්කරන්න ඕනෑ (නි)
රට වෙනුවෙන් දිවිපිදූ අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් දැන්වත් අපේ ඇස් අැරුණු එක ලොකු දෙයක්. (නි)
රණවිරු,රජින්ද,විපුල, .. ඔබලාගේ අදහස හරි....1818 සහ 1848 සටන් නිදහස් සටන් මෙහෙයවූ දෙගොල්ලන්ටම ඥාති සම්බන්ධකම් මට තියෙනවා. නමුත් මෑත රණවිරුවන් හිරේ යවමින් මේ කරන දේවල් මට නම් වැඩක් නැහැ. හේතුව නියම සිංහලයන්ට ,සිංහලයාගේ අනාගතය වෙනුවෙන් එදත් මැතකත් දිවි පිදු, ඇස ,අතපය අහිමි කරගත්තවුන් සැමදාමත් ජාතික වීරයන්. (බ)
මේක හොඳ දෙයක් වුනත් මේකේ යටි අරමුණ ලකුණු ටිකක් දම ගැනීම සහ අනෙකුත් දැවෙන ප්‍රශ්න යට ගැහීමය්. (බ)
රට බේරාගත් වත්මන් වීරයෙකු දේශ ද්‍රෝහියෙකු කරලා සිරගත කරන අාරංචියකුත් වටින් පිටින් එනවා . ඒක නම් ඒ තරම් ලේසි වෙන එකක් නැහැ (බ)
කවදද නිදහස ලැබුනේ? (බ)
මෙහෙම රටට ආදරේ නැති කෙනෙක්, උපන් වීරයන් ව වීරයන් ලෙස නම් කිරීම හාස්‍ය ජනක කරුණක්. රටම ණය බරින් ගිලෙනවා. මේක තමා අඩු වෙලා තිබුනේ. (බ)
අර ලංකාව දියුණුවෙමින් පවතින රටකි කියන එක ඔය වැඩේ කරපු ගමන් නැතිවෙලා යාවි නේද (නි)
එතකොට රණවිරුවන් පරාජිතයින්? මොවුන් මියගියේද රට බේරාගැනීමේ සටනේදී. රණවිරුවන් මියගියේද රට බේරාගැනීමේ සටනේදී. එතකොට මොවුන් වීරයින් නම් රණවිරුවන්ද වීරයින්ය. (නි)
ඇත්තටම මේක හොඳ දෙයක්. අපේ ජාතික වීරයන් දේශප්‍රේමීන් හැටියට නම් කිරීම. නමුත් නව ව්‍යවස්ථාව ගෙනවිත් රට බෙදීමට කටයුතු කළොත් අායේ අලුතෙන් 150 කගේ විතර නම් ලැයිස්තුවක් දේශද්‍රෝහීන් හැටියට ගැසට් කරන්න වෙයි (නි)
එසේම ප්‍රභාකරන්ලාට රටේ පාලනය අවුරුදු 10 ට දෙමු කී අය දේශද්‍රෝහීන් කරමු (නි)
වීරවරයන් ගැන ඉතිහාසේ ලියවිලා තිබෙන්නේ දැන් එ්කට බොරුවට උත්සව තබල මහජන මුදල් නාස්ති කරන්න ඕනේ නැහැ , නමුත් ඔබල ඕව කරන අස්සේ විග්නේශ්වරන් උතුරෙන් සිංහලයෝ පන්නල දමන්න එක එක දේවල් කරනවා , නරකද උතුර ගැන හොයන්න ඔය මුදල් , කාලය , ශ්‍රමය යෙදෙවුව්ව නම්? (බ)
මොකක්හරි හේතුවක් හදලා, උත්සවයක් තියාගන්න ලැබුනොත්, එ්ක තමයි අපේ දේශපාලකයින්ගේ සතුට. (නි)
අද ඉන්න දේශපාලකයින්ට වැලේ වැල් නැතිවෙන්න යනකොට ඔයවගේ දේවල් මතක් වුණත් 1818 සිට අද දක්වා රට ජාතිය වෙනුවෙන් දිවිපිදු, උරදුන් සැවොම ලංකාවාසී සියලු දෙනාටම ඔවුන් ජාතික වීරයින්. (නි)
මහනායක හිමිවරුනේ, අපේ රට නැවත සුදු අධිරාජ්‍යවාදින්ගේ යටත් විජිතයක් නොකරමු. වසර සිය ගණනකට පෙර සුදු අධිරාජ්‍යවාදින්ගේ නීති ශ්‍රී ලංකාවේ අදටත් පිළිගැනීමට සුදානම්ව සිටින පුරවැසියන් සිටින බව ඔප්පු කර පෙන්වීමකි. මෙම උත්සවය දළදා මාලිගාවේ හෝ වෙනත් තැනක නොපැවැත්වීමට කටුයුතු කරන්න. (නි)
සමහරු හිතාගෙන ඇති ලකුණු ටිකක් වැඩියෙන් ලැබේවි කියලා (නි)
බුදු හාමුදුරුවන්ට වැඳ වැඳ හිටියට බෞද්ධයෙක් නොවෙනවා වාගේ ඉතිහාසයේ හිටපු රණවිරුවෝ සමරමින් හිටියාට විරුවෙක්, දේශප්‍රේමියෙකු වන්නේ නැහැ. දේශප්‍රේමී අදහස් ක්‍රියාත්මක කරන්න. උතුරක් නැගෙනහිරක් යැයි වෙන්නොවූ ඒකීය රටක් ගොඩනඟන්නට නායකත්වය දෙන්න (නි)
මෙයාලා කියද්දි තමා අපි දන්නේ මෙච්චරකල් මේ වීරවරයෝ ද්‍රෝහීන් කරලා කියලා. අපේ හදවතේ නම්, ලියකියවිලි වලින් ඔවුන් වීරයන් කරන්න කලින් හැමදාමත් වීරයෝ තමා. ඔබතුමාලා දැන් මේවා කර කර ඉන්නේ වෙන වැඩ නැද්ද. නිකන් පුස් වීරයෝ වෙන්න මේවා නොකර සැබෑ වීරයෙක් වෙන්න. හොරකම් කළා කියන ජාතික ධනයවත් ජනසතු කළානම් එ්කත් වීරකමක්. (නි)
දේශය පාවාදෙන්න හදපු සහ හදන අය දේශද්‍රෝහීන් හැටියට මම නම් දැනටමත් නම්කරලා තිබෙන්නේ. (නි)
එතකොට දැනුත් සමහර දේශප්‍රේමී යනුවෙන් කියමින් දේශය සූරකාපු සහ සූරාකමින් ඉන්න කොටසකුත් ඉන්නවනේ. ඔවුන්ව එදාට දේශද්‍රෝහීන් කියා ප්‍රකාශ කරන්න බැරිද ? (ර)
අනේ මහත්තුරුනේ, කරුණාකරලා අපේ හදවත් වල සැමදාම වීරයන් වූණ අතීතයේ වීරයන් එලෙසම තබන්න. නිදහස ලබා අවුරුදු 69 කට පසු නැවත ඔවුන් ද්‍රෝහීන් කරන්නේ නැතුව ඉන්න. (නි)
හැමෝටම අමතක වෙලා තිබුන දෙයක් .මේක අගය කල යුත්තක්. (ර)
එතකොට හමුදාවේ කොල්ලෝ දේශද්‍රෝහීන්ද දන්නේ නැහැ.? (ර)
ඇයි කරුණා අම්මාන් ? (ර)
ප්රභාකරන් ඉන්නවද දන්නේ නැහැ නේද ඔය ලිස්ට් එකේ. (ර)
මහජන මුදල් වැය කරලා නටන නාඩගම්. ඔය විරුවන් කිව්වත් නොකිව්වත් සදාකාලික ජාතික වීරයන් තමයි. (ර)
මේවා වැඩකට නැති දේවල්. ඉතිහාසය වෙනස් කරන්න හදනවා වගේ. වැඩකට තියෙන දෙයක් කරන්න. (ර)
ඒ අය පරාජිතයෝ නෙවෙයිද ? (බ)
රටට ජනතාවට තියන ලොකුම ප්‍රශනයක් විසදෙනවා. අඩුවකට තිබුනේ මේක විතරයි. අනිත් අතින් රටම කිරියෙන් පැණියෙන් ඉතිරිලා. (බ)
වැඩේ හොඳයි. නමුත් ජීවමාන රණ විරුවෝ හිරේ දාලනේ මේවා සමරන්නේ ...(බ)
ඔවු දැන් අපේ රටේ තවත් දැවෙන ප්‍රශ්නයකට සාර්ථක විසඳුමක්! කොහොමද ටිකිරි මොලේ? (බ)
ඔය ගොඩේ ප්රභාකරන් එහෙම නැහැ නේද? (නි)
පොතේ හැටියට මගේ ලොකු සීයත් ඔය ලිස්ට් එකේ ඇති. එහෙම වුණොත් මටත් නින්දගම් පොජ්ජක් ලැබෙයි නේද? (නි)