පතුල ද පෑදී ගිය දේවහුව ජලාශයේ දිය කඩිත්තට ගොවියෝත් මිරිදිය ධීවරයෝත් අද සටන් වැදුණාහ. අක්කර තුන්දහක ගොයම මැරෙන්නට නොදී රැක ගතහැකි දැයි බැලීමට ගොවියෝ එම වතුර ටික ගන්නට සැරැසෙති. මාළු ටික බේරාගන්නට ධීවරයෝ සැරැසෙති. පොලු මුගුරු රැගෙන වෑ කන්දට වී දිය කඩිත්ත දෙස බලමින් ලේ රත්කරගනිමින් සිටි පිරිස සන්සුන් කිරීම බරපතල ප්‍රශ්නයක් විය. අක්කර අඩි නව දහසක ජලාශයක් වූ දේවහුව මේ තරම් සිඳී ගිය කාලයක් මතක නැතැයි ගොවියෝ කියති.








1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධනය කියලා තව ටිකක් වනාන්තර විනාස කරාන්නකෝ....මීට වඩා තව දේවල් බලාගන්න පුළුවන්.....(ස)
තිලක් ඔයා කියන එක හරි. මිනිස්සු එහෙම හිතන දවසට ලෝකය ගොඩක් ලස්සන වේවි. (නි)
ඔබ නිවරදියි තිලක්... මේක තමයි නියම වේලාව සියලුම මඩ ඉවත්කර වැව් තවදුරටත් ගැඹුරට හාරන්න.. බලන්න මේවා හරියට සෙල්ලම් පිට්ටනි වගේනෙ.. අපට වැහිකාලයේදී වැඩිපුර වතුර රදවාගැනීමට හැකිවෙනවා..හදට අඩලා පලක් නැහැ.. අපි ඊළග ඉලක්කය වෙත සූදානම් විය යුතුය.. හිතන්න.. සෑම අදුරු වලාවකම රිදී රේඛාවක් ඇත...(නු)
රජ ඉන්ජිනේරුවන් හිටියට වැඩක් නැහැ. මොකද ඊට ඉහළින් දේශපාලුවන් ඉන්නවනේ. (නි)
අහසින් නොමිලේ ලැබෙන වතුර ටික කළමනාකරණය කර ගන්න නොදන්න ඉන්ජිනේරුවන් මොකටද අපට? ගොවියන්ට දුන්නා නම් ඒ වැඩේ කරන්න යසට කරයි. (නි)
තිලක් කියන දේ සෛද්ධාන්තිකව හරි. නමුත් උගුර කට වේළිලා හාමතේ ඉන්න අසංවිධානාත්මක ගොවි පිරිසක් කොහොමද එහෙම වැඩකට අතගහන්නේ? ඒකට පළාතේ පරිපාලන බලධාරීන් අනුමැතිය දේවිද? කොහෙන්ද ප්‍රතිපාදන? කවුද බැකෝ ආදියට හා ආහාරපාන වලට වියදම් කරන්නේ? අනික අවිධිමත් ජල කළමනාකරණය, සමාගම් වල වගා වලට හිතු මතේ දිය මුදාහැරීම, වැඩිපුර ජලවිදුලිය නිපදවා ලාබ පෙන්වීමට යාම ආදී දහසක් ප්‍රශ්න නිසා ඇතිව තිබෙන රටේ ජල ප්‍රශ්නයට හුදෙක් වැවු ගැඹුරු කිරීම එකම විසඳුම නොවේ. ගොවියන් උදලු ගෙනත් හැරීමෙන් මේවා විසඳන්න පුළුවන් නම් මේ රටට ජල කළමනාකරණය උදෙසා මේ තරම් ඉංජිනේරු, පරිපාලන හා ඇමති ගොල්ලක් කුමටද? එහෙත් ඔබේ පරමාර්ථය සහෝදරත්වයෙන් අගය කරමි. (නි)
මේවා තමයි නියම අපායවල්.....(ස)
මේ වැවු වලට වැදිලා තියෙන්නේ දේශපාලුවන් කළ දේව ශාපයි. තව ටික කාලෙකින් මේවාත් මට්ටම් කරලා හෝටල් හදයිද දන්නේ නැහැ. (නි)
ගොවියයි ධීවරයයි දෙන්නම සටන් කරන්නේ ආහාර සොයන්න. කණගාටුදායක සිද්ධියක් .(ස)
බෞද්ධ රටක් නිසා මාලුන්ට මැරෙන්න දෙන්න බැහැ. (නි)
දෙගොල්ලම සාධාරණයි.. මටනම් හිතාගන්න බෑ... මේ ප්‍රශ්ණෙ පව්...!!(නු)
මේව අපේම වෑරදි... ඉවක් බවක් නෑතුව ගස් කපල දානකොට කාටවත් මේව තේරෙන්නෙ නෑ..දෑන්වත් ඉඩ තීන තීන තෑන්වල ගස් හිටවන්න හිතාගමු එහෙම උනොත් අපේ ඉදිරි පරම්පරාවලට වත් ..ඒවගෙන් ප්‍රතිඵල ලෑබේවි...(ස)
අනේ තිලක්..(ස)
වනාන්තර ආරක්ෂා කර ගන්නත් මේ විදියටම උත්සාහ කළොත් අනාගතයේදී කණගාටු වෙන්න වෙන එකක් නැහැ. (නි)
තිලක්, ලබන යාලේ නෙවෙයි, මහ කන්නේ. අනික බුදු බණේ කියලා තියෙන්නේ නිරාහාර කෙනෙකුට බණ දේශනා කරන්න එපා කියලා. (නි)
කියල වැඩක් නෑ තිලක්. ඔන්න ඔයා ඔය හිතන විදිහ අපෙන් ඈත් වීම තමා රටටම හෙණේ වුණේ. 'සරුපස දිලේ පූදින ගොයමක් සේම මසුරන් හෙළන ආකාසේ තරු සේම අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම නොඉඳින් මලේ - පොලු අරගෙන ඔය ලෙසට - ' (නි)
ධීවරයාට කලින් ගොවියා රැකගත යුතුයි. මොකද මාලු කන්නත් බත් තියෙන්න ඕනෑනේ. ඒත් මේකේ මාලු මැරිලනේ.මේ මාලු කෑවොත් කන අයවත් මැරෙයි පාවනය හැදිලා. (නි)
මේ විදියට දෙපැත්තට අදින්න ගියහම ගෙදර ළමයින් එදාට කන්නේ පස්ද? (නි)
අනේ දළදා හාමුදචුරුවනේ, අපට වැසි ලබා දෙන්න. (නි)
තිලක් ඔයා කියන එක හරි. මිනිස්සු එහෙම හිතන දවසට ලෝකය ගොඩක් ලස්සන වේවි. (නි)
ගොවියාත් ධීවරයාත් දෙදෙනාවම රැක ගනිමු. (නි)
වැඩි ජලය ගොවියන්ට දෙන එක හොදයි. කරුණාකර වැව හාරන්න.. වියළි කලාපයට වැඩිපුර ජලය අවශ්‍යයි.(නු)
සංජේ, කීල්ස් එකෙන් මාලු කාලා තියෙනවද? (නි)
ඔය පොලු මුගුරු පැත්තකට දාල උදලු, කූඩ, ට්‍රැක්ටර් , බැකෝ... තම තමන්ට තියෙන දෙයක් අරගෙන එන්ඩ ආයුබොවන්, මේ වැව හිඳිලා තියෙන වෙලාවේ මඩ ටික අරන් දාන්න. එහෙම කළොත් මීට වඩා වතුර එකතු වෙනවනේ. එතකොට අපට ලබන යලේ වත් කුඹුරු වැඩ කරන්න, මාළු බාන්න පුළුවන්. එන්ඩ බණ්ඩා මලේ, මැණිකේ නගේ, මේවට අපි මොකට ගහමරා ගන්නවද? මේ අෂ්ට ලෝක ධර්මේ හැටිනේ. අයියනායක දෙයියන්ට බාරයක් හෙම වෙලා මේ වැඩේ පටන් ගම්මු. මතුමත්තට අපේ දරු මුණුබුරන්ටත් පොරෝජනයි නොවැ. (නි)
මේ ජලාශ වල මසුන් ආහාරයට නොගන්න. ඔවුන්ට විවිධ රෝග වැළදි තිබෙන්න පුලුවන්. (නි)