දේවහුව දිය කඩිත්තට ගොවියන් හා ධිවරයන් අතර අද දවස පුරාම පැහි පැහී ගිය සටන පොලිස් අධිකාරි කේ.පී. ඥානසේන විසින් අද සවස සමථයකට පත් කෙළේය. මාළුවනට ද වතුර කොටසක් ඉතිරි කැර ගොවිනට වතුර ටිකක් රැගෙන යෑම සඳහා බැකෝවකින් ඇළක් කපා දීමට ඔහු මූලික විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම කෙනෙක්ම බලන්නෙ පණ නල ගැට ගහ ගන්නනේ. මාලුවත් ඕනේ. මිනිහත් ඕනේ. වතුරට මේක තේරෙනවා නම්? (නි)
පරිස්සම් වෙන්න..මාරුවීමක් ලැබේවිද දන්නේ නෑ..(ස)
ඔබට අපේ උත්තමාචාරය (ස)
මෙන්න නියම පොලිස් නිලධරීන්. ජය වේවා ඔබට!(නු)
පොලිසියේ මහත්වරුන්ගේ ඥානාන්විත ක්‍රියාව නිසා අද ගම් දෙකක් මිනී මරාගන්න තිබ්බ එක නැවතුණා. ඔබලාට පින්! (නි)
කවුරු උනත් ඒ උත්තමයට නමදාපු කෙනා හරියටම නම දාලා තියෙනවා....(ස)
මේවා පළාතෙ දේශපාලඥයන්ට, ප්‍රාදේශීය සභාවෙ අයට අයිති වැඩ නේද? ඔක්කොම ජනතා මුදල් වලින් නිකං ඉඳන් සැප විඳිනවා. මිනිස්සුන්ට දැන් හැම ප්‍රශ්නෙකටම සරණක් හොයාගෙන යන්න වෙලා තියෙන්නෙ පොලිසියට. ඔය පළාතෙ මිනිස්සුන්ට තියෙන්නෙ ඊලඟ සැරේ පොලිස් ස්ථානාධිපතිට ඡන්දය දෙන්න. (නි)
මිනිස්සුන්ට පොලිසිය නැතුවම බෑ. දූශිත නිලධාරීන් ටික එළවලා දේශපාලන ග්‍රහණයෙන් පොලිසිය මුදවා ගත්තොත් අපේ පොලිසිය ගැන ආයෙ කියලා වැඩක් නැහැ. (නි)
ගොකරැල්ලෙ දැන් ඉන්න ඕ.අයි.සී මහත්තයත් ඔහොමයි. රාජකාරියෙන් පිට වුණත් මිනිස්සුන්ගෙ හොඳට නම් ඕන දෙයක් කරන්න ඉදිරිපත් වෙනවා. කෙනෙක්ගෙ පවුල් ප්‍රශ්නයක් වුණත් එතුමා සාවධානව අහලා උපදේශනයෙන්ම සමගි කරවනවා. නඩු යන්න දෙන්නෙ නැහැ. මෙවැනි නිලධාරීන් රටටම වාසනාවක්. (නි)
නිකමටයැ ඥානසේන කියන්නේ.....(ස)
ඒ තමයි නියම පොලිස් මහත්තයලා. (නි)
බුද්ධිමත් නිලධාරියෙක්. (නි)