
(නිමන්ති රණසිංහ)
බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බයක් ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා මහත්මිය අද (10) නියෝග කළාය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බම්බලපිටිය අදිමලේ වීදියේ පදිංචි හුසේමා අබ්බාස් කැන්බෝයි නැමැත්තෙකි.
මෙම සැකකරු ඊයෙ (09) පෙරවරුවේ සිය නිවසේ සිට පෙට්‍රල් බෝම්බයක් ගෙනැවිත් බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට දමා ගසා ඇති බවත් එය පිපිරි නොයාම හේතුවෙන් නැවතත් නිවසට ගොස් තවත් බෝම්බයක් ගෙනැවිත් දමා ගසා ඇතැයි බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
කෙසේ වෙතත් සැකකරු දමා ගැසූ බෝම්බ පිපිරී ගොස් නැති ඇති අතර මේ සම්බන්ධයෙන් සැකකරු කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද? මොවුන්ට පුපුරන්න බෝම්බයක් හදා ගන්න බැහැ. තව කොහේද?
නම බ්ලාස්ට් කැන් බෝයි වුණාට... කෝ..! එකක්වත් පත්තු වෙලා නැහැනේ...
රට බේරගන්න තව අවස්ථාවක් උදාවේගෙන එනවද මන්දා...?
හම්බයිටත් හම්බයෝ එපා වෙලා වගෙයි. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තොත් ඌරා ගේ මාළු ඌරා ගේ ඇඟේ තියලම කපන්න පුළුවන්.