අමරපුර මහ සංඝ සභාවේ මහානායක දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියෝ (102) අපවත් වුහ.
බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙන දී 1915 දෙසැම්බර් 31 වැනි දා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු 8 වැනි දා පැවිදි දිවියට පිවිසියේය.
උන්වහන්සේ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත් වුයේ 2002 වසරේ දීය. ඤාණිස්සර මහ නාහිමියෝ අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යශූරී, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, ද්වි භාෂා විශාරද, සංස්කෘත චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී ගෞරව නාම රාශියකින් පිදුම් ලද සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ භාෂා ශාස්ත්‍රයන්හි උන්නතිය සඳහා අතිවිශාල මෙහෙවරක් කළ යතිවරයන් වහන්සේ නමකි.
දවුල්දෙන ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අප්‍රේල් 6 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වැඩි විස්තර සඳහා http://www.lankadeepa.lk/columns
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති
jayasinha Monday, 03 April 2017 04:37 AM
අපගේ සාතිශය ශෝකය පුදකරන අතර උන්වහන්සේට අජරාමර නිවන් සුව පතමු.
gamini abeykoon Monday, 03 April 2017 04:50 AM
අතිපුජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා.
hashanthi Monday, 03 April 2017 05:17 AM
අපගේ සාතිශය ශෝකය පුදකරන අතර උන්වහන්සේට අජරාමර නිවන් සුව පතමු
Sampath Samarasekara Monday, 03 April 2017 06:30 AM
ප්‍රාර්ථනීය බෝධියකින් උන්වහන්සේ වහ වහා චතුර්‍යයසත්‍යාභෝදය ලැබේවා !!!
Saumya Monday, 03 April 2017 06:31 AM
අතිපුජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා....!!!
soma Monday, 03 April 2017 06:51 AM
නායක හාමුදුරුවෝ කල සේවය අති උදාරයි
siri Monday, 03 April 2017 08:39 AM
ඔබ වහන්සේගෙන් වුණු සේවය මිල කළ නොහැකියි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!
kalpa Monday, 03 April 2017 08:56 AM
ඔබ වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා
arschfikaa Monday, 03 April 2017 09:43 AM
හොඳ හිමිනමක්.... අවුරුදු 101 ක්ම ආයුෂ වින්දනය කළ භික්ෂුවක්..