තමා යම් අක‍්‍රමිකතාවක් හෝ මුදල් වංචාවක් කතරගම දේවාලයේ බස්නායක නිළමේ හැටියට කර ඇත්නම් ඉවත් විමට පෙර වහාම පරික්‍ෂණයක් කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගෙන්ද පොලිස් පතිගෙන්ද ඉල්ලා සිටින බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා බස්නායක නිළ මැදුරේ මාධ්‍ය හමුවේ දි පැවසිය.
‘මා රාජපක්‍ෂ පවුලේ අයකු විම නිසා මා හට ද විවිධ දේශපාලඥයින් බෝරු චෝදනා කරමින් මඩ ගසනවා. සෑම දිනකදීම දේවාලයේ කුණු ට‍්‍රැක්ටර් කුණු අදින්න යැව්වත් දේවාලේ බඩු පන්නනවා කියනවා.
මම 2006 සිට කතරගම දේවාලයේ බස්නායක නිළමේ දේවාලයේ ශත පහක් මම අයථා ලෙස භාවිතා කර නැහැ. හිටපු ජනාධිපති තුමා මගේ ඥාතිකම මත මට රජයෙන්ද උපකාර කරමින් කතරගම පෙරහැර කිරිමටත් දේවාලයේ පෞරාණික පුද චාරිත‍්‍ර නිසි අයුරින් කිරීමටත් අවස්ථාව ලැබුණා.පෙර සිටි බස්නායක නිළමේ වරුන් සිදු කළ කිසිදු සමාජ සේවාවක් නතර කළේ නැහැ.
මට ලබන මාර්තු 17 දක්වා කාලයක් නිළයේ කාලය තිබුණත් මා ඒ කාලය දක්වා සිටිමට බලාපොරොත්තුවක් නැහැ.
කතරගම දේවාල භුමියෙත් නගරයෙත් සංවර්ධන රැසක් කිරීමට මට හැකි වුණා.
‘මම ඉවත් වුවාට පසුව චෝදනා කරන්න එපා ‘ ජනපතිගේ විශේෂ බලතල යටතේ මේ නිලයට පත් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
82
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දේවාලේ සත පහක් වංචා කළේ නෑ‘
ඩිලාන් Wednesday, 21 January 2015 12:30 AM
එසේනම් අඹුදරුවන් කඩිමුඩියේ විදෙස්ගත කළා යැයි කියන ආරංචිය බොරුවක්ද? (නි)
ප්‍රියදර්ශිකා Wednesday, 21 January 2015 12:42 AM
කතාව නම් ඇත්ත. ඔප්පුකළ හැකි චෝදනා ඇත්නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළයුතුයි. එහෙම නැතුව මඩගැසීම නම් වැරදියි (නි)
මෙල්වින් Wednesday, 21 January 2015 01:13 AM
ඕස්ට්‍රේලියාවේ පර්ත් වල ඉන්න ලාංකිකයන් ගෙන් අහන්නකෝ දිලාන්. (නදී)
යශෝධා Tuesday, 20 January 2015 01:34 PM
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ තමයි (නි)
කීර්ති Wednesday, 21 January 2015 03:16 AM
දේවාලවල දෙවියන්ගේ සල්ලි ඕන නැහැ. ලංකාවේ පන්සල්වල දේවාලවල ඔය පෙට්ටි සේරම ඉවත්කරන්න. තේරෙන්නේ නැත්නම් පකිස්ථාන් ෆිල්ම් එකක් බලන්න (නදී)
අජිත් කරුණාරත්න Wednesday, 21 January 2015 03:30 AM
දේවාලයේ පින් කැටයට වැටෙන මුදල් කන්දරාවේ හැටියට වංචාවක් සිදුවුණත් හොයන්නේ කොහොමද? බිලක් අරගෙන නොවෙයිනේ පින් කැටේට මුදල් දමන්නේ, පුජා වට්ටියට මුදල් තියන්නේ... ඔය අභියෝගය අනුව හොරකම් කළා කියලා ඔප්පු කරන්න නම් බැහැ තමයි. (නි)
මුණසිංහ Wednesday, 21 January 2015 03:42 AM
සසීන්ද්‍ර කියන්නේ වංචා කාරයෙක් නොවෙයි. එතුමාගේ කාලේ දේවාල භූමිය සංවර්දනය වුනා. ඔබතුමාට කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා. පගා වලට මන්ත්‍රීවරු බාගනිපු අයට වැඩිකල් පාලනය ගෙනියන්න බැහැ කතරගම දෙවියන් ඕවා බලා ගනීවි. (නදී)
බණ්ඩාර කුවෛට් Wednesday, 21 January 2015 03:44 AM
දෙවියන් යදින්න යන්නේ ඉතාම දුප්පත් අය. ඉතින් එම මුදල් අසාධාරණ ලෙස ගසාකන අයට සොබා දහම විසින් සම සමව ප්‍රතිපල ලබා දේවි (නදී)
සෑම් Wednesday, 21 January 2015 03:50 AM
දෙවියන්ගේ දෙය කෑවොත් දඬුවම් ලබනු ඇත (නදී)
සනික Wednesday, 21 January 2015 03:58 AM
දෙවියන් යදින්න යන්නේ ඉතාම දුප්පත් අයනේ! (නි)
පද්මිණි Tuesday, 20 January 2015 03:33 PM
ඒත් අන්තිමට දෙවියෝ බැලුවේ නැහැනේ! (නි)
රන්ජිත් Tuesday, 20 January 2015 03:47 PM
බයවෙන්න එපා.හොරකම් කර නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
කෙවින් Wednesday, 21 January 2015 05:00 AM
මතක නැද්ද දෙවිනුවර උපුල්වන් දේවාලයේ පින් පෙට්ටියට වුන සන්තැසිය. ඒ නිසා මම නම් දෙවියන්ගේ දේව කාරිය කළ පමණින් දේශපාලකයන් කියන කට්ටිය විශ්වාස කරන්නේ නැහැ. මම මේ මෙතුමාට දොසක් කියනව නෙවෙයි, නමුත් දේශපාලනයයි දේව කාරියයි එකට යන දේවල් නෙවෙයි. ඒක දැන් මෙතුමාත් තේරුම් ගන්න ඇති අහක යන කුණු ගොඩක් ඇඟට පහත් වුන වෙලාවේ. (බ)
චාන්දන Wednesday, 21 January 2015 05:05 AM
දෙවියෝ තමා දන්නේ....... (නි)
ජිලෝ Wednesday, 21 January 2015 05:06 AM
ඔබට මේ මඩ ගහන්නේ විරුද්ධවාදීන් විතරක් කියලා හිතන්න එපා. ඕවයේ අපි නොදකින පැති තිබෙනවා. කවුද දන්නේ ඊළඟට ඔබ මහනුවර පැත්තේ උසස් තනතුරකට වුණත් යන්න අවකාශ තිබෙන බව දැන, ඒක වළක්වන්න තමන් නොහිතපු පාර්ශවයක් කළ දෙයක්ද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නයේදී පිට මිනිස්සු විතරක් සැකකරන්න යන්න එපා. (නි)
පෙරේරා Tuesday, 20 January 2015 04:33 PM
දෙවියන් සියල්ල දෙස විමසිල්ලෙනි (නි)
නිමල් ප්‍රනාන්දු Wednesday, 21 January 2015 05:06 AM
හා හා... තවත් මොනවද කියන්න ඕනෑ? (නි)
නුවන් Wednesday, 21 January 2015 06:00 AM
ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියනවානෙ බස්නායක නිළමෙතුමා. (අ)
කරුණාරත්න විජේකෝන් Wednesday, 21 January 2015 06:03 AM
කෙනෙකු වරදක් කර ඇති බව සැක සහිත නම් ඒ බව රටේ පවතින නීතියට අනුව ඒ ගැන සොයා බලන්න ඕනි. ඊට පස්සේ ඇත්තටම වරදක් කරල තියෙනව නම් ඔහු සතු දේපල වලින් අලාභය අය කර ගන්න ඕනි. ඒ වගේ අයට ඉන් පසු තනතුරු හෝ වගකීම් පැවරීමෙන් වලකින්න ඕනි. කෙනෙකුට චරිත සහතිකයක් දෙන විට ඔහු ගැන සත්‍ය තොරතුරු සදහන් කරන්න ඕනි. ඒ ගැන සැලකිලිමත් වෙලා සුදුසු වගකීමක් පැවරීම තමා සුදුසු......(අ)
විරංග Tuesday, 20 January 2015 06:43 PM
ඔය මහත්තය ගැන අපි දන්නවා. (නදී)
සුගුනවති Wednesday, 21 January 2015 06:18 AM
" වරදක් කලත් සිතකින් නොවෙයි " (නදී)