තමා යම් අක‍්‍රමිකතාවක් හෝ මුදල් වංචාවක්  කතරගම දේවාලයේ බස්නායක නිළමේ හැටියට කර ඇත්නම්   ඉවත් විමට පෙර වහාම පරික්‍ෂණයක් කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගෙන්ද පොලිස් පතිගෙන්ද ඉල්ලා සිටින බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා බස්නායක නිළ මැදුරේ මාධ්‍ය හමුවේ දි පැවසිය.

 ‘මා රාජපක්‍ෂ පවුලේ අයකු විම නිසා  මා හට ද විවිධ දේශපාලඥයින් බෝරු චෝදනා කරමින් මඩ ගසනවා. සෑම දිනකදීම දේවාලයේ කුණු ට‍්‍රැක්ටර් කුණු අදින්න යැව්වත් දේවාලේ බඩු පන්නනවා  කියනවා.

මම 2006 සිට කතරගම දේවාලයේ බස්නායක නිළමේ දේවාලයේ ශත පහක් මම අයථා ලෙස භාවිතා කර නැහැ. හිටපු ජනාධිපති තුමා මගේ ඥාතිකම මත මට රජයෙන්ද උපකාර කරමින් කතරගම පෙරහැර කිරිමටත් දේවාලයේ පෞරාණික පුද චාරිත‍්‍ර නිසි අයුරින් කිරීමටත් අවස්ථාව ලැබුණා.පෙර සිටි බස්නායක නිළමේ වරුන් සිදු කළ කිසිදු සමාජ සේවාවක්  නතර කළේ නැහැ.

මට ලබන මාර්තු 17 දක්වා කාලයක් නිළයේ කාලය  තිබුණත් මා ඒ කාලය දක්වා සිටිමට බලාපොරොත්තුවක් නැහැ.

කතරගම දේවාල භුමියෙත් නගරයෙත් සංවර්ධන රැසක් කිරීමට මට හැකි වුණා.

‘මම ඉවත් වුවාට පසුව චෝදනා කරන්න එපා ‘ ජනපතිගේ විශේෂ බලතල යටතේ මේ නිලයට පත් කැරිණි.