හොර්ටන්තැන්නෙන් ආරම්භවී බෙලිහුල්ඔය හා ඉහළමස්සැන්නෙන් ආරම්භ වන දොරවෙල ඔයේ දූවිලි ඇල්ල ආශ්‍රිතව ඉදිවීමට යෝජිත පෞද්ගලික ජලවිදුලි බලාගාරයකට බළන්ගොඩ කල්තොට ජනතාව විරෝධය පළ කරති.
ජෛව විවිධත්වයෙන් අනූන සොඳුරු පරිසර පධතියත්, එහි ජීවත්වන වන සත්වයින් මෙන්ම වෘක්ෂලතාවන්ද ගඟ ආශ්‍රිතව ආවේණික මිරිදිය මත්ස්‍ය සම්පත ද අහිමිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව කල්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති වැලිපත සුමනරතන, බුදුගල සෝමරතන, වේලිඔය සුමේධාලංකාර යන ලේඛකාධිකාරි හිමිවරු ඇතුළු වලවේ ගඟ සුරැකීමේ සංවේදී පරපුර සංවිධානය පෙන්වාදෙයි.
දූවිලි ඇල්ල පාමුල ජලයෙන් ඉදිකිරීමට යෝජීත මෙම ව්‍යාපෘතියෙන් මෙගාවෝට් 1.5 විදුලිබලයක් නිපදවන බව කියන අතර මෙම ඉදිකිරීමෙන් පසුව ගඟ කිලෝමීටර් 2 ක පමණ කුඩා දියපහරක් පමණක් වනු ඇති බව සහ පෝෂිත ප්‍රදේශයේ කෙත්බිම් අක්කර 1500 ක් වැනසීයනු ඇති බවද කියති.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඒ ගැන මෙසේ කීවේය. ‘අවසරදීම් හා අවසරගැනීම් අපි හරහා ගිහින් නැහැ. අපි හරහා යන්නෙ නැහැ. ප්‍රාද්ශීය ලේකම් අපට වාචිකව දන්වා තිබෙනවා මහජන විරෝධයක් ඇවිත් තියන බව. මේ මහජන විරෝධ පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින පරිසර කමිටුවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පුනරුදය වැඩසට යටතේ විශේෂ පරිසර බලකායක් තිබෙණවා. ලබන සතියේ අපි ඒගැන කථාකරනවා. විදුලිබල අමාත්‍යාංශය යටතේ පුණර්ජනනීය බලශක්තිය පිළිබඳ ඒකකය වන සුනිත්ත බලඅධිකාරිය යටතේ පවතිනවා ගංගා කුඩාදියඇලි අසුරින් ජලවිදුලිය නිපදවන වැඩපිළිවෙලක් ඒ යටතේ තමයි යන්නේ. ඊට පනතක් තිබෙණවා. ඒ යටතේ ක්‍රියා කළයුතුයි‘
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘දුවිලි ඇල්ල කිලිටි වෙන්න යනවාලු‘
වසන්ත Monday, 15 August 2016 04:37 AM
අපේ හාමුදුරුවරු ටික නැත්නම් පරිසරයකුත් අපිට නැහැ. (නි)
රොමේෂ් Monday, 15 August 2016 05:45 AM
මේ වගේ සුන්දර දිය ඇලි සහ අනෙකුත් ඕනෑම ස්වභාවික පරිසර පද්ධතීන් විනාශවන අයුරින් සිදුකරනු ලබන ඕනෑම සංවර්ධනයක් අනාගත පරපුරට සිදුකරන නපුරක්ම පමණයි. පරිසරය රැකගනිමින් කරන සංවර්ධන කටයුතු වලින් පමණයි අනාගත පරපුරට උපරිම ප්‍රතිලාභ ලැබෙන්නේ. මේවගේ ලිපියකට අදහස් පලකරන්නවත් කෙනෙක් ඉදිරිපත් නොවන වටපිටාවක, මේ වගේ දේවල් තව තවත් සිදුවෙයි. (බ)