අද දහවල් 12 වන විට සියයට 30කට වඩා ඡන්දය නොදුන් බව මැතිවරණ නිරීක්ෂකයන් වන පැෆරල් සංවිධානය කියයි. අනුරාධපුරයෙන් සියයට 25ක් ද, රත්නපුරයෙන් සියයට 20-30 අතර ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ සියයට 30 ක් පමණ ද, පොළොන්නරුවේ සියයට 30ක් පමණ ද ඡන්දය දී ඇතැයි තේරීම් බාර නිලධාරීන් වන දිස්ත්‍රික් ලේකම්වරු කියති.
ඡන්ද මධ්‍යස්ථාන අසල මනාප අංක බෙදීම්, ඡන්ද දැන්වීම් ප්‍රදර්ශනය ඇතුළු මැතිවරණ නීති කැඩීම් 37ක් වාර්තා වී ඇතැයි ද සන්ධානයෙන් වැඩිපුර වාර්තා වී ඇතැයි ද පැෆරල් සංවිධානය කියයි.
ඡායාරූප අතුල බණ්ඩාර, ක.ග. කරුණාරත්න, ජවුෆර් ඛාන්, අමදෝරු අමරජීව, අම්පාර වාර්තාකරු, රොහාන් කුමාර, සංජිව රත්නායක
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දවල් 12ට සියයට 30ක් ඡන්දය දීලා
සිරි Saturday, 08 September 2012 11:06 PM
මේ තියෙන පින්තුර දැක්කහම පේනවා මේ අය මුහුණ පුරා හිනහ වී ගෙන ඉන්නේ .ඒකෙන් පේන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව ඉන්න අය කියල .සාමාන්‍ය ජනතාව ඡන්දය දැම්මේ නැද්ද ?(නු)
ජනක Saturday, 08 September 2012 01:15 PM
ජනතාවට මැතිවරණ එපා වෙලා තියෙනේ (ස)
ගුණරත්න Saturday, 08 September 2012 01:20 PM
මෙය තීරණාත්මක ඡන්දයක් නොවෙයි..(ස)
අමිල කටුනායක Saturday, 08 September 2012 01:28 PM
ඡන්ද දායකයින් දේශපාලුවන්ගේ කර පිටින් යන අන්තිම හොරා කිහිපයයි මේ..(ස)
මධූ Saturday, 08 September 2012 01:32 PM
මොනව බෙදුවත් වැඩක් නෑ , මිනිස්සුන්ව රවට්ටන්න බෑ දැන්.(ස)
චන්ද්‍රදාස Saturday, 08 September 2012 01:32 PM
තවත් මෝඩයෝ 30% ඉන්නවා නේද?? .ඉස්සරහට මෙයාලත් ඉගෙන ගනීවී..(ස)
ප්‍රීති - කුවේට් Saturday, 08 September 2012 01:40 PM
ඉස්සර වගේ දැන් ජනතාව රැවටෙන්නේ නැහැ...දැන් මිනිස්සු රටේ ලෝකේ වෙන්නේ මොනවද කියල දන්නවා. කොහොමත් මේ ක්‍රමේ අපිට ගැලපෙන්නේ නෑ.දැන්වත් පාලකයෝ හිතුවොත් හොදි අපිට ගැලපෙන වෙන ක්‍රමයකට යන මගක්.(නු)
ඔසන් සලාම් - දෝහා Saturday, 08 September 2012 01:39 PM
මිනිස්සුන්ට ඡන්දය එපා කෙරෙව්වේ මේ අයමතමයි.....මේ මැතිවරණවලින් සියළු ප්‍රතිලාභයන් යන්නේ මිනිස්සුන්ට නොවන බව මිනිස්සු හොදාකාරව දන්නවා. එහෙව් රටක මැතිවරණ මොන ඉලව්වකටද කියල මිනිස්සු අහන එක අසාධාරණයක් නොවේ..(නු)
නන්දා Saturday, 08 September 2012 01:46 PM
වත්මන් දේශපාලනය කරන අයට වඩා අපේ රටේ ජනතාව මේ රටට ආදරය කරන බව ඡන්ද දාන්න උනන්දුවක් නැති බවෙන් පෙනී යයි .(නු)
තුසිත පෙරේරා Saturday, 08 September 2012 01:49 PM
කොහොම හරි ඕක 90% මට්ටම ම නගීවි තව පැය කීපයකින්...(නු)
පනාගොඩ - ඕස්ට්‍රේලියා Saturday, 08 September 2012 01:50 PM
ඕස්ට්‍රේලියාවේ වගේ ඡන්දය නොදෙන අයට දඩ ගහනවානම් හැමෝම ඡන්දය දේවි..!!(නු)
කමල් Saturday, 08 September 2012 02:49 PM
මහින්ද චින්තන ඉදිරි දැක්මේ 52 වැනි පිටුවේ සඳහන් වන්නේ මෙසේය. ”පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ අනුගත ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට මම යෝජනා කරමි...” ”දුෂණය, වංචාව කුළුගැන්වීමේ ප‍්‍රවණතාවක්ද අනුගත ඡුන්ද ක‍්‍රමය නිසා ඇති වී තිබේ. ප‍්‍රාදේශීය නියෝජනය සහමුලින්ම අවුල් වී ඇත...” (ස)
යොහාන් Saturday, 08 September 2012 03:09 PM
ඡන්දය දාපු 30% එක පැත්තකට යයි..අනිත් අය නොදා හිටපුවාම 30% නිකම්ම දිනාවි.. (ස)
දාගොන්න Saturday, 08 September 2012 03:33 PM
ඡන්දය නොදිම ඉමු.. මෙය පවතින ක්‍රමය නොවේ.. නායකයින් රටට කරන දේවල්වලට දඩුවමක්ම වේවා..!(නු)
කැටවල Saturday, 08 September 2012 04:07 PM
මේ ෆොටෝ වල ඉන්න අයටනම් මන්දපෝෂණය වගේ..(ස)
රොෂාන් කොඩිකාර Saturday, 08 September 2012 04:40 PM
හොරුන්ගෙත් හොරු කම්බ හොරු. හොර කාලා හොරා කාලා පුපුරන්න වගේ. පාරෙ යන්නත් බෑ (ස)
සුභාෂිණී Saturday, 08 September 2012 05:27 PM
අනේ ඉතිං කවුරු ඡන්දෙ දැම්මේ නැතත් දින්න ඕන අය දිනනවානේ.. හෙට උදේට ඒක බලාගන්න පුළුවං.. (නු)
අනුර Saturday, 08 September 2012 05:44 PM
දැන් මිනිස්සුන්ට ඡන්දය එපා වෙලා තියෙන්නේ. මේවා නවත්වන්න ඕන. බොරු ඡන්ද කට්ටියම එකතු වෙලා රට හොඳ තැනකට ගෙනියන්න ඕන. (ස)
චන්ද්‍රසිරි Saturday, 08 September 2012 06:24 PM
මේවා ගැන කතාකරලැ වැඩක් නැහැ..!!(නු)
පද්මි ප්‍රංශය Saturday, 08 September 2012 06:24 PM
ඡන්දය නොදෙනවාට දඩ ගහන්නේ කොහොමද? ඒක රටවැසියාගේ අයිතිය..(නු)