අද දහවල් 12 වන විට සියයට 30කට වඩා ඡන්දය නොදුන් බව මැතිවරණ නිරීක්ෂකයන් වන පැෆරල් සංවිධානය කියයි. අනුරාධපුරයෙන් සියයට 25ක් ද, රත්නපුරයෙන් සියයට 20-30 අතර ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ සියයට 30 ක් පමණ ද, පොළොන්නරුවේ සියයට 30ක් පමණ ද ඡන්දය දී ඇතැයි තේරීම් බාර නිලධාරීන් වන දිස්ත්‍රික් ලේකම්වරු කියති.
ඡන්ද මධ්‍යස්ථාන අසල මනාප අංක බෙදීම්, ඡන්ද දැන්වීම් ප්‍රදර්ශනය ඇතුළු මැතිවරණ නීති කැඩීම් 37ක් වාර්තා වී ඇතැයි ද සන්ධානයෙන් වැඩිපුර වාර්තා වී ඇතැයි ද පැෆරල් සංවිධානය කියයි.
ඡායාරූප අතුල බණ්ඩාර, ක.ග. කරුණාරත්න, ජවුෆර් ඛාන්, අමදෝරු අමරජීව, අම්පාර වාර්තාකරු, රොහාන් කුමාර, සංජිව රත්නායක
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද චින්තන ඉදිරි දැක්මේ 52 වැනි පිටුවේ සඳහන් වන්නේ මෙසේය. ”පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ අනුගත ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට මම යෝජනා කරමි...” ”දුෂණය, වංචාව කුළුගැන්වීමේ ප‍්‍රවණතාවක්ද අනුගත ඡුන්ද ක‍්‍රමය නිසා ඇති වී තිබේ. ප‍්‍රාදේශීය නියෝජනය සහමුලින්ම අවුල් වී ඇත...” (ස)
මේ තියෙන පින්තුර දැක්කහම පේනවා මේ අය මුහුණ පුරා හිනහ වී ගෙන ඉන්නේ .ඒකෙන් පේන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව ඉන්න අය කියල .සාමාන්‍ය ජනතාව ඡන්දය දැම්මේ නැද්ද ?(නු)
ඡන්දය නොදෙනවාට දඩ ගහන්නේ කොහොමද? ඒක රටවැසියාගේ අයිතිය..(නු)
මේවා ගැන කතාකරලැ වැඩක් නැහැ..!!(නු)
දැන් මිනිස්සුන්ට ඡන්දය එපා වෙලා තියෙන්නේ. මේවා නවත්වන්න ඕන. බොරු ඡන්ද කට්ටියම එකතු වෙලා රට හොඳ තැනකට ගෙනියන්න ඕන. (ස)
අනේ ඉතිං කවුරු ඡන්දෙ දැම්මේ නැතත් දින්න ඕන අය දිනනවානේ.. හෙට උදේට ඒක බලාගන්න පුළුවං.. (නු)
හොරුන්ගෙත් හොරු කම්බ හොරු. හොර කාලා හොරා කාලා පුපුරන්න වගේ. පාරෙ යන්නත් බෑ (ස)
මේ ෆොටෝ වල ඉන්න අයටනම් මන්දපෝෂණය වගේ..(ස)
ඡන්දය නොදිම ඉමු.. මෙය පවතින ක්‍රමය නොවේ.. නායකයින් රටට කරන දේවල්වලට දඩුවමක්ම වේවා..!(නු)
ඡන්දය දාපු 30% එක පැත්තකට යයි..අනිත් අය නොදා හිටපුවාම 30% නිකම්ම දිනාවි.. (ස)
ජනතාවට මැතිවරණ එපා වෙලා තියෙනේ (ස)
ඕස්ට්‍රේලියාවේ වගේ ඡන්දය නොදෙන අයට දඩ ගහනවානම් හැමෝම ඡන්දය දේවි..!!(නු)
කොහොම හරි ඕක 90% මට්ටම ම නගීවි තව පැය කීපයකින්...(නු)
වත්මන් දේශපාලනය කරන අයට වඩා අපේ රටේ ජනතාව මේ රටට ආදරය කරන බව ඡන්ද දාන්න උනන්දුවක් නැති බවෙන් පෙනී යයි .(නු)
මිනිස්සුන්ට ඡන්දය එපා කෙරෙව්වේ මේ අයමතමයි.....මේ මැතිවරණවලින් සියළු ප්‍රතිලාභයන් යන්නේ මිනිස්සුන්ට නොවන බව මිනිස්සු හොදාකාරව දන්නවා. එහෙව් රටක මැතිවරණ මොන ඉලව්වකටද කියල මිනිස්සු අහන එක අසාධාරණයක් නොවේ..(නු)
ඉස්සර වගේ දැන් ජනතාව රැවටෙන්නේ නැහැ...දැන් මිනිස්සු රටේ ලෝකේ වෙන්නේ මොනවද කියල දන්නවා. කොහොමත් මේ ක්‍රමේ අපිට ගැලපෙන්නේ නෑ.දැන්වත් පාලකයෝ හිතුවොත් හොදි අපිට ගැලපෙන වෙන ක්‍රමයකට යන මගක්.(නු)
තවත් මෝඩයෝ 30% ඉන්නවා නේද?? .ඉස්සරහට මෙයාලත් ඉගෙන ගනීවී..(ස)
මොනව බෙදුවත් වැඩක් නෑ , මිනිස්සුන්ව රවට්ටන්න බෑ දැන්.(ස)
ඡන්ද දායකයින් දේශපාලුවන්ගේ කර පිටින් යන අන්තිම හොරා කිහිපයයි මේ..(ස)
මෙය තීරණාත්මක ඡන්දයක් නොවෙයි..(ස)