ඓතිහාසික දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවස කප් සිටුවීමෙන් ආරම්භ විය. පළමු පේලි පෙරහර ලබන 27 වැනිදා ආරම්භවීමට නියමිතය. අගෝස්තු නමවැනිදා රාත්‍රියේ පැවැත්වෙන කෝල්මුර යාගය හෙවත් දේව තොවිලයෙන් ද පසුදින (10) පැවැත්වෙන මහා දේව දානනේ ද ඇසළ උත්සවය නිමාවට පත්වේ.