දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ සිට මහාධිකරණයෙන් ඇප නියම කැරුණු දිවි නැගුම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්හු දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද මුදා හරිනු ලැබූහ.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි ඔවුහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යා. "අනු යහපාලනයක්" කියන්නේ මොකක්ද.? ඔබට පහුවෙලා හරි මේ ටික තේරුණ එක හොඳයි. (ම)
නියමයිනේ! (නි)
මහත්වරුනි,ඔබ ලැබුවේ මානසික වේදනාවක් හෝ පීඩාවක් යැයි නොසිතන්න. ඔබට දෙව්ලොවින් වටිනා නිවාඩුවක් ලැබුනා යැයි සිතන්න. ඔබ රාජකාරි කරනවිට කල්පනා නොකළ දේ මේ නිවාඩුව තුළ කල්පනා වුණා නේද? ඒ වාගේම මිතුරන් සහ සතුරන් හඳුනාගන්නට හැකි වුණා නේද? ඒ නිවාඩුව තුළින් ලද බුද්ධිය ප්‍රඥයාව ඉදිරි කටයුතු වලට උපයෝගී කරගන්න. ඔබ සැමට සුභ අනාගතයක්. (නි)
ඇතිවුණු මානසික පීඩාවට හා අවමානයට විරුද්ධව වන්දි නඩුවක් ගොනු කරන්න කියලයි මම නම් කියන්නේ (නි)
යහ පාලනයේ ඉන්නෙත් කලින් වහපාලනයේ නිලධාරින්මනේ. නිතිය, අධිකරණය, රජයේ සේවා, සේරම එකම මාෆියවකින් වැහිලා. ගොඩ ගන්න අමාරුයි. එහෙම නැතිව කියන්න එපා මේ තොත්ත බබාල කියලා. (ම)
පිවිතුරු යහපාල, ඒකත් වෙයි නේද.? ටික දවසක් මෙයාල ගෙදර කට්ටිය එක්ක සැනසිල්ලේ උන්නාවේ. එයාලා වෙනුවෙන් නීතිවේදීන් වැඩ කරන්නේ නැතැයි. මේ නිලධාරීන්ගේ හැකියාව දක්ෂකම් අඩුවක් නැතිව රාජකාරියට නැවත යොදවන්නට උදව් කරවමු. (ර)
උණු නිසා කන්නත් බැහැ. කැවුම් නිසා වීසිකරන්නත් බැහැ (නි)
මෛත්‍රීගේ යහපාලනයෙන් නම් තක්කඩින්ට ගැළවුමක් ලැබෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට වගේ යහපාලනය ඇතුළේ තවත් අනු-යහපාලනයක් වැඩ කරනවා කියලා අපිට හිතෙනවා. ජනතාව අන්ද මන්ද වෙලා. අන්තිමට ඔක්කොම නිදහස්. වැරදි කළේ ජනතාව. (නි)
මොකද සත්‍ය මහත්තයෝ..සිරිපාල කියන්නේ ඉදිරියෙන් පහල වෙලා මනු ලොවට ආපු කෙනෙක්ද ජනවාරි 8 වෙනිදායින් පස්සේ. අන්තිම මාස දෙක වෙනකම් ඔය දුෂිතයි කියන ආණ්ඩුවේ දුෂිතයි කියන කැබිනට් මණ්ඩලේ වග කිව යුතු බලවත් ඇමති කෙනෙක් වෙලා සියලු වරප්‍රසාද ලබාගෙන හිටියේ මෙයා නෙමෙයිද එතකොට..(ම)
දැන් බලනකොට වැරදි කාරයෝ කරන්නැති බොරුවට ලෝකයාට යහපාලනය පෙන්නලා මොනවද දැන් කරන විකාරය බලාගෙන යනකොට දේශපාලකයෝ ඔක්කොමලා මහජනතාවට බෝල බස්සනවා (ම)