මීළඟ පාප් වහන්සේ පත් කර ගැනීමට රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන් ඉතාලි වේලාවෙන් රාත්‍රී හතට ( ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.30ට) තවත් ඡන්ද විමසීමක් සිදුකරතියි වතිකාන ආරංචි කියයි.
සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර නොගත් බවටත්, සුදු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර ගත් බවටත් ඉන් පසු සංඥාවක් ලැබෙයි.
රෝමයේ බැසිලිකා දේවස්ථානයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් ද, දහස් ගණනක් මාධ්‍යවේදීහුද රැස්ව සිටිති.
අද දහවල් 12ට සිස්ටයින් දෙව්මැදුරෙන් කළුදුම පිට විය.
එසේ වූයේ කාදිනල්වරුන් දෙවරක් ඡන්දය දීමෙන් පසුවය.
සිකුරාදා වන විට නව පාප්තුමා පත් කර ගත නොහැකි වුවහොත් සෙනසුරාදා කාදිනල්වරුන්ට යාඥා සඳහා වෙන් කැරෙයි. ඒ ආකාරයට 34 වැනි ඡන්ද වටය දක්වා දින තුනත් ඡන්ද විමසීමට ද, පසු දිනය යාඥා සඳහා ද වෙන් කැරෙයි.
ඉන් පසුව වැඩිම ඡන්ද ගත් කාදිනල්වරුන් දෙදෙනා අතරික් කෙනෙකු තෝරා ගැනෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමිඳුනි අප නිසා යාඥා කල මැනව....(ස)
මැවුම්වාදයට හුරේ දමන බෞද්ධ යයි කියා ගන්නා අය.බෞද්ධ කම භාවිතා නොකර අදහස් ප්‍රකාශ කරන්නේනම් මැනවි. දෙසැටක් මිත්‍යා දෘෂ්ටීන් වෙන වෙනම උගුළුවා දේශණා කරණ ලද දහමට අවමන් කරන්න එපා. (අ)
අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමා දිනනවාමයි. සුභපැතුම් (අ)
මේක හරිම නීරස පුවතක් , කෙසේ වෙතත් පල්ලියේ ගිනි ඇවිලිලා බව නම් සැබෑවක් බවයි පේන්නේ (ස)
අසේල හරි කියලා හිතෙනවා (ස)
අපේ කාදිනල්තුමා කීවැනි තැනටද දන්නෙ නැහැ ඉන්නේ? (නි)
සුදු දුම කොහෙද? (දී)
ජනතාවග බලාපොරොත්තුව සුදු (දී)
මැවුම් වාදය බොරුවක් කියලයි මම නම් කියන්නේ. (නි)
මම සුභ පතනවා (අ)
අසේල හොඳ කමෙන්ට් එකක්. අපේ අයට ඕක නොතේරේ (ස)
අපේ ලංකාවට වාසනාව ලැබේවා. (අ)
මෙතුමාට මේ උතුම් තනතුර ලැබුනොත් මුලු ලෝකයටම හිතා ගන්න වත් බැරි තරම් පුදුමාකාර සිදුවීමක් සිදුවෙනවා. ඒකට හේතුව රටේ බහුතරයක් බුද්ධාගමේ උනත් හැමෝම එතුමාට රජකෙනකුට මෙන් ගරු බුහුමන් දක්වා උත්සවශීයෙන් පිලිගන්නා ආකාරයයි. එය ලොවේ කතොලික ජනතාව තුල අප රටේ උසස් මිනිස්කම් ගැන පැහැදීමට හේතුවනු ඇත. (අ)
අවංකවම මෙතුමාට පාප් තනතුර ලැබේවා ,මම බෞද්ධයෙක් වුණාට මගේ ප්‍රාර්ථනය එයයි ! (අ)
ඇයි ඒ අය කලු දුම් ගහන්නේ? (නි)
අසේල වැනි අයට මැවුම්වාදය තේරෙන්නෙ නැහැ. (නි)
අනේ... සුදු දුම යවන්නකෝ (දී)
මම බෞද්ධයෙක් වුණාට අපේ සිංහල රටේ ඉපදුනු මෙතුමාට හදවතින්ම සුභ පතනවා (ස)
අස්ල, ඔයා ඔයාගේ වාදය තියාගන්න. අපිට අපේ මැවුම්වාදය හොදයි. (නි)
අපේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා නව පාප් වහන්සේ වේවා.........ඔබ තුමාට ජේසු පිහිටයි......(අ)