මීළඟ පාප් වහන්සේ පත් කර ගැනීමට රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන් ඉතාලි වේලාවෙන් රාත්‍රී හතට ( ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.30ට) තවත් ඡන්ද විමසීමක් සිදුකරතියි වතිකාන ආරංචි කියයි.
සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර නොගත් බවටත්, සුදු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර ගත් බවටත් ඉන් පසු සංඥාවක් ලැබෙයි.
රෝමයේ බැසිලිකා දේවස්ථානයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් ද, දහස් ගණනක් මාධ්‍යවේදීහුද රැස්ව සිටිති.
අද දහවල් 12ට සිස්ටයින් දෙව්මැදුරෙන් කළුදුම පිට විය.
එසේ වූයේ කාදිනල්වරුන් දෙවරක් ඡන්දය දීමෙන් පසුවය.
සිකුරාදා වන විට නව පාප්තුමා පත් කර ගත නොහැකි වුවහොත් සෙනසුරාදා කාදිනල්වරුන්ට යාඥා සඳහා වෙන් කැරෙයි. ඒ ආකාරයට 34 වැනි ඡන්ද වටය දක්වා දින තුනත් ඡන්ද විමසීමට ද, පසු දිනය යාඥා සඳහා ද වෙන් කැරෙයි.
ඉන් පසුව වැඩිම ඡන්ද ගත් කාදිනල්වරුන් දෙදෙනා අතරික් කෙනෙකු තෝරා ගැනෙයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙවැනි වරටත් කළු දුම
යොහාන් Wednesday, 13 March 2013 06:25 PM
සමිඳුනි අප නිසා යාඥා කල මැනව....(ස)
අසේල Wednesday, 13 March 2013 06:34 PM
මැවුම්වාදයට හුරේ දමන බෞද්ධ යයි කියා ගන්නා අය.බෞද්ධ කම භාවිතා නොකර අදහස් ප්‍රකාශ කරන්නේනම් මැනවි. දෙසැටක් මිත්‍යා දෘෂ්ටීන් වෙන වෙනම උගුළුවා දේශණා කරණ ලද දහමට අවමන් කරන්න එපා. (අ)
අනුර Wednesday, 13 March 2013 07:09 PM
අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමා දිනනවාමයි. සුභපැතුම් (අ)
හේමන්ත Wednesday, 13 March 2013 08:40 PM
මේක හරිම නීරස පුවතක් , කෙසේ වෙතත් පල්ලියේ ගිනි ඇවිලිලා බව නම් සැබෑවක් බවයි පේන්නේ (ස)
සම්පත් Thursday, 14 March 2013 10:38 AM
අසේල හරි කියලා හිතෙනවා (ස)
අමිල කටුනායක Wednesday, 13 March 2013 09:18 PM
අපේ කාදිනල්තුමා කීවැනි තැනටද දන්නෙ නැහැ ඉන්නේ? (නි)
අමිල Wednesday, 13 March 2013 09:42 PM
සුදු දුම කොහෙද? (දී)
සෆ්රා Wednesday, 13 March 2013 10:04 PM
ජනතාවග බලාපොරොත්තුව සුදු (දී)
කමල් Wednesday, 13 March 2013 10:40 PM
මැවුම් වාදය බොරුවක් කියලයි මම නම් කියන්නේ. (නි)
සුරංජිත් Wednesday, 13 March 2013 11:04 PM
මම සුභ පතනවා (අ)
සොම්බී Wednesday, 13 March 2013 11:00 PM
අසේල හොඳ කමෙන්ට් එකක්. අපේ අයට ඕක නොතේරේ (ස)
ජේර්දාන් නලින් Wednesday, 13 March 2013 11:05 PM
අපේ ලංකාවට වාසනාව ලැබේවා. (අ)
චානක මධුසංඛ Wednesday, 13 March 2013 11:18 PM
මෙතුමාට මේ උතුම් තනතුර ලැබුනොත් මුලු ලෝකයටම හිතා ගන්න වත් බැරි තරම් පුදුමාකාර සිදුවීමක් සිදුවෙනවා. ඒකට හේතුව රටේ බහුතරයක් බුද්ධාගමේ උනත් හැමෝම එතුමාට රජකෙනකුට මෙන් ගරු බුහුමන් දක්වා උත්සවශීයෙන් පිලිගන්නා ආකාරයයි. එය ලොවේ කතොලික ජනතාව තුල අප රටේ උසස් මිනිස්කම් ගැන පැහැදීමට හේතුවනු ඇත. (අ)
චානක මධුසංඛ Wednesday, 13 March 2013 11:14 PM
අවංකවම මෙතුමාට පාප් තනතුර ලැබේවා ,මම බෞද්ධයෙක් වුණාට මගේ ප්‍රාර්ථනය එයයි ! (අ)
පිටිගල Wednesday, 13 March 2013 11:45 PM
ඇයි ඒ අය කලු දුම් ගහන්නේ? (නි)
රීටා Wednesday, 13 March 2013 11:45 PM
අසේල වැනි අයට මැවුම්වාදය තේරෙන්නෙ නැහැ. (නි)
සමන් Wednesday, 13 March 2013 11:47 PM
අනේ... සුදු දුම යවන්නකෝ (දී)
අනුරාධ Thursday, 14 March 2013 12:32 AM
මම බෞද්ධයෙක් වුණාට අපේ සිංහල රටේ ඉපදුනු මෙතුමාට හදවතින්ම සුභ පතනවා (ස)
රීටා Thursday, 14 March 2013 08:00 AM
අස්ල, ඔයා ඔයාගේ වාදය තියාගන්න. අපිට අපේ මැවුම්වාදය හොදයි. (නි)
එරංග සම්පත් Wednesday, 13 March 2013 06:17 PM
අපේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා නව පාප් වහන්සේ වේවා.........ඔබ තුමාට ජේසු පිහිටයි......(අ)