IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


දෙවැනි මහ ගුවන්තොට මත්තල

ස්වභාවික සෞදර්යෙන් හා සංස්කෘතික උරුමයන්ගෙන් පිරී ගිය දක්ෂිණ ලංකාවේ මත්තල ගුවන්තොට මහින්ද රාජපක්ෂ ජනපති අතින් ලබන 18 වැනිදා විවෘත වේ.

වනෝද්‍යාන, කෙත්වතු, ඉපැරණි වෙහෙර විහාර හා මුහුදු වෙරළින් සුසැදි පෙදෙසක ඉදි කළ මේ ගුවන්තොටේ මුල් අදියරදී වසරකට දස ලක්ෂයක් මගීන්ද, ටොන් 45000ක ගුවන් බඩුද ප්‍රවාහනය කෙරෙතියි ඇස්තමේන්තු කර ඇත.

මත්තල ගුවන් පථය මීටර 3500ක් දිගය. මීටර 60ක් පළලය. ගුවන් ගමන් පාලක මැදිරිය ගුවන්තොටේ ඉහළම  උසකින් මීටර් 41ක් උසට ඉදි කර ඇත.

ගුවන්යානා 10ක් නතර කිරීමේ ඉඩකඩ ඇත.

දෙවැනි අදියරේදී ගුවන් මගීන් පන් ලක්ෂයකට ද පහසුකම් ද, ගුවන් යානා 20ක් නතර කිරීමට පහසුකම් ද කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට ගුවණින් දුර නාවික සැතපුම් 90.8 කි.

කටුනායකට ගිනිකොන දිගින් මේ ගුවන්තොට පිහිටියේය.

තෝරාගත් පාසල් අසූවක සිසුනට ද මහජනයාට ද ලබන සිකුරාදා පස්වරු 12 වන තෙක් ගුවන්තොටුපළ නැරඹීමේ ඉඩකඩ ලැබෙන බව ගුවන්තොටුපළ හා  ගුවන්සේවා සමාගම කියයි.

 



අදහස් (0)

දෙවැනි මහ ගුවන්තොට මත්තල

සුරේන් Wednesday, 06 March 2013 09:35 AM

හම්බන්තොට වරාය මෙන් නොවේවායි පතමි. (නි)

:       0       0

කපිල Wednesday, 06 March 2013 09:43 AM

මේ ගුවන්තොටුපොල තවත් හම්බන්තොට වරායක් නොවේවා!(නදී)

:       0       0

ශාන් Wednesday, 06 March 2013 09:39 AM

මේවා අපේ ර‍ටේ වැරදි. මේවට කලින් බඩු මිළ අඩුවෙන්න ඕනෑ. (නි)

:       0       0

යොහාන් Wednesday, 06 March 2013 03:34 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

පිටිගල Tuesday, 05 March 2013 09:56 PM

අපිට තියෙන ප්‍රශ්නය සංචාරකයෝ යන තැන්වත් ටොන් කීයක් මත්තලට බානවාද කියන එකවත් නෙමෙයි බඩු මිල බඩුමිල?(නු)

:       0       0

ගුනවර්දන Wednesday, 06 March 2013 03:47 PM

නියමයි නියමයි (දී)

:       0       0

අමීන් Wednesday, 06 March 2013 09:54 AM

හැබැයි, සිංගප්පූරුව - මත්තල - පැය 3.5 මත්තල - කොළඹ - පැය 5.5 (නි)

:       0       0

යවනාඩ් Wednesday, 06 March 2013 09:55 AM

ජය ශ්‍රී ලංකා මාතා! (නි)

:       0       0

ෂාෆික් Wednesday, 06 March 2013 10:04 AM

ලුමිබිණි හරි. තව ගුවන් තොටුපළක අවශ්‍යතාවයක් අපිට තිබුණා. (නි)

:       0       0

තිලක් Wednesday, 06 March 2013 10:15 AM

ලුමිබිණිගේ අදහස හරි තමයි. (නි)

:       0       0

තිස්ස Wednesday, 06 March 2013 10:11 AM

ලංකාව සංවර්දිත මාර්ගයට (දී)

:       0       0

චමින්ද ජයනාත් Wednesday, 06 March 2013 10:15 AM

වැඩේ නම් හොදයි. හැබැයි ලෝකයට ණය නොවී මේවා හදනවා නම් තමා අපට ගොඩක් ආඩම්බර. මොකද කවදා හරි මේ ඔක්කොම විකුණන්න වෙයිද දන්නෙ නැහැ ගන්න ණය ගෙවන්න? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 05 March 2013 10:43 PM

යුද්දෙත් ඉවරයි.. මේවා තමයි ආශ්චර්යය.!(නු)

:       0       0

ප්‍රියන්ත Wednesday, 06 March 2013 04:49 PM

මට හරිම ආඩම්බරයි (දී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 06 March 2013 10:37 AM

මෙය ඉතා ලස්සනයි නම් තමයි. නමුත් රටේ එක පැත්තකට සීමා වී ඇති නිසා දුර ගැටලු සහගතයි. (නි)

:       0       0

සමන් කුමාර Wednesday, 06 March 2013 10:45 AM

ඉන්දියාව වැනි විශාල ප්‍රාන්ත ඇති රට වල පවා එක ප්‍රාන්තයකට ඇත්තේ එක් ගුවන්තොටුපලක් පමණි. ලංකාව වැනි කුඩා රටකට අවශ්‍ය වී ඇත්තේ පවතින ගුවන්තොටුපොළ සංවර්ධනය කරනු විනා මෙවැනි ගුවන් තොලුපොලවල් හැදීම නොවන බව මගේ අදහසයි. (නි)

:       0       0

තිලක් Thursday, 07 March 2013 07:47 AM

දෙවැනි මහ ගුවන්තොට මත්තල නැතුව ලංකාවේ ලොකුම ගුවන්තොට මත්තල කියලා කියන්න පුලුවන් වුණා නම් කොච්චර හොදද? (නි)

:       0       0

අනුර Tuesday, 05 March 2013 11:34 PM

අවංකවම අපිට සතුටුයි. (නි)

:       0       0

රසිකා Wednesday, 06 March 2013 10:44 AM

මේක තමා ආශ්චර්ය.... මේවා හැදෙන්න ඕනෑ සුදුසු තැන් වලයි. සංවර්ධන ව්‍යාප්ති සැලසුම් කිරීමේදී බලන්න ඕනෑ මූලික සුදුසුකම හා යෝග්‍යතාවයන් අද වෙද්දි වෙනස් වෙලා. යාපනය,මහනුවර, අනුරාධපුරය මෙන්න මේවයි ප්‍රධානතම නගර. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 07 March 2013 07:49 AM

මගේ රට තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා (දී)

:       0       0

කීර්ති Thursday, 07 March 2013 07:50 AM

ණය වෙලා කරන සංවර්ධනයෙන් ඇති ඵලය කුමක්ද? (නි)

:       0       0

සංජය Wednesday, 06 March 2013 12:20 AM

යාල කොටි ඉන්නවද?(නදී)

:       0       0

සමීර Wednesday, 06 March 2013 05:31 PM

අයියෝ සල්ලි, කියන්න එපා මේ වැඩේ වටිනා වැඩක් (දී)

:       0       0

චන්දික Wednesday, 06 March 2013 11:16 AM

හැමදේම හම්බන්තොටටම දීලා හරියන්නෙත් නැහැනේ. (නි)

:       0       0

සුසන්ත Wednesday, 06 March 2013 06:11 PM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

සිල්වා Wednesday, 06 March 2013 06:11 PM

සුභ පැතුම් (දී)

:       0       0

සිල්වා Wednesday, 06 March 2013 06:07 PM

මට මතක තියෙන කලේ හදපු ගුවන්තොට මේක (දී)

:       0       0

ප්‍රසාත් Wednesday, 06 March 2013 11:27 AM

ඇත්තෙන්ම ඉතාම අගය කළ යුතු විශිෂ්ට කාර්යයක්. (නි)

:       0       0

ප්‍රසාත් Wednesday, 06 March 2013 11:31 AM

ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සෙනරත් Wednesday, 06 March 2013 03:14 AM

අනුරාධපුර, ත්‍රිකුනාමලය, යාපනය තව තුනක් ඇරියානම් හැමදේටම ලේසියි.(නදී)

:       0       0

ශාන් Wednesday, 06 March 2013 12:20 PM

ගුවනේ දුර මනින්නේ කුමන ඒකකයකින්ද ? පිළිතුරක් බලාපොරොත්තු වෙමි. (නි)

:       0       0

ලලිත්-දෝහා Wednesday, 06 March 2013 12:31 PM

පියාසර සැතපුම් වලින් කියලයි මම අහලා තියෙන්නේ සෑම්. දන්න කෙනෙක් ඉන්නව නම් තව පැහැදිලි කරාවි. සුභ පැතුම් මගේ උපන්දිනෙත් එදාටමයි.(නදී)

:       0       0

කුමුදු Wednesday, 06 March 2013 04:34 AM

හම්බන්තොටට විතරක් මේවා ඔක්කොම වැඩි නැද්ද? (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 06 March 2013 05:06 AM

වනෝද්‍යාන, කෙත්වතු, ඉපැරණි වෙහෙර විහාර හා මුහුදු වෙරළින් සුසැදි පෙදෙසක ගුවන් තුටු පොලක් ඉදි කලාම ඒ තියෙන පරිසරයට හානියක් වෙනවා කියල තමයි මට හිතෙන්නේ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 06 March 2013 05:32 AM

බඩු මිළ මෙහෙම ඉහළ ගියොත් වෙන්නේ අපිටත් මේ ගුවන්තොටුපොළෙන් ගුවන් යානයක නැගලා ගිහින් ඩුබායි වල හරි අබුඩාබි වල හරි පදිංචි වෙලා ජීවත් වෙන්නයි. එතකොට සල්ලි තියෙන විදේශිකයෝ ඇවිත් අපේ රටේ පදිංචි වෙයි. (නදී)

:       0       0

සන්දයා Wednesday, 06 March 2013 06:10 AM

හොදයි. අපේ මව්බිම දියුණු වෙනවා. හරිම ආඩම්බරයි. සල්ලිකාරයන්ට විතරක් බලන්නේ නැතිව දුප්පතුන්ටත් බලන්න.(නදී)

:       0       0

සමන් තුශාන්ත මනම්පේරි Wednesday, 06 March 2013 12:57 PM

මගේ පුංචි රට ඔදතෙදින් බැබලේවා (දී)

:       0       0

අමිල Wednesday, 06 March 2013 06:51 AM

කටුනායකට මොකද වෙන්නේ.(නදී)

:       0       0

වරුණ Wednesday, 06 March 2013 07:36 AM

හම්බන්තොට වගේ නම් නොවේවා! (නි)

:       0       0

විපුල-වියට්නාමය Wednesday, 06 March 2013 02:00 PM

ලංකාව වැනි සංචාරක කර්මාන්තය ප්‍රමුඛ ආදායම් ඉලක්කයක් උන රටකට අත්‍යාවශ්‍ය දෙයක්.(නදී)

:       0       0

නිමලා Wednesday, 06 March 2013 08:14 AM

මම නම් අකමැතියි ගුවන් තොටුපළවල් වලට පුද්ගල නාම යොදනවට. (නි)

:       0       0

සරත් Wednesday, 06 March 2013 08:27 AM

හොදටම හොදයි. ඒත් මීට පෙර කරන්න වැඩ තියෙනවා නේද? (නි)

:       0       0

රොශාන් Wednesday, 06 March 2013 08:30 AM

මේවා හැදෙන්න ඕන තැන්වල නෙමේ හැදෙන්නේ. ඒක තමයි මේකේ තියෙන ආශ්චර්යය. අනුරාධපුරේ පොළොන්නරුවේ ඉන්න මනුස්සයෙක් මැදපෙරදිග යනවා නම් මත්තලට එන්න දවසක් යනවා. ගුවන් කාලය පැය 4කට පොඩ්ඩක් වැඩියි. (නි)

:       0       0

අමරේ Wednesday, 06 March 2013 02:12 PM

ඇත්තමයි ඇයි නාවික සැතපුම් වලින් කතා කරන්නේ?(නදී)

:       0       0

ජනිත් Monday, 18 March 2013 04:13 PM

මා ජනාධිපති තුමාට හරි කැමතියි (දී)

:       0       0

චතුර Wednesday, 06 March 2013 09:16 AM

අපෙ රට ටිකෙන් ටික දියුණු වෙනවා (දී)

:       0       0

තිලක් Wednesday, 06 March 2013 10:51 PM

කටුනායක ගුවන් තොටුපළ වහලා දාපු දවසක් ආවොත් එදාට තමයි සමහරුන්ට නින්ද යන්නේ. (නි)

:       0       0

චුලන්ත Wednesday, 06 March 2013 10:59 PM

තව දවස් කියක් තියෙනවාද (දී)

:       0       0

තිලක් Wednesday, 06 March 2013 11:01 PM

අපි ඩුබයි වල ඉඳලා පැය 4න් ලංකාවට ඇවිත් මත්තල ඉඳලා පැය 10 යකින් තමයි ගෙදර යන්න වෙන්නේ (ස)

:       0       0

හේමන්ත Wednesday, 06 March 2013 09:28 AM

අගනගරෙත් එහාටම අරගෙන ගියා නම් අපිට ලේසියි. (නි)

:       0       0

කේ හේමසර හිමි Wednesday, 06 March 2013 09:24 AM

නරකද යාපනයෙත් ගුවන්තොටක් දැම්මා නම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලි වැටක් නිසා ජීවිත රැසක් අනතුරේ
2024 මැයි මස 16 168 0

මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉ


ගුවන්තෝටේ සිද්ධියට ඇමැති ප්‍රසන්න මෙසේ කියයි
2024 මැයි මස 16 1908 0

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයාට තමා කනේ පහරක් ගැසු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍


සෙබළ ජාවාරමේ මේජර් ජනරාල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
2024 මැයි මස 16 724 0

විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත


ගමන නිමා කරන්න ග්‍රාම සේවා වර්ජනය හරහට
2024 මැයි මස 16 412 0

පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට


මහනුවර යටවේ
2024 මැයි මස 16 2125 0

මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා ක


මිනුවන්ගොඩ සාපෙළ විභාග මධ්‍යස්ථානයක අවුලක්
2024 මැයි මස 16 469 0

මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටි සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 738 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2274 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1950 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site