(අංජුල මහික වීරරත්න)
කොරෝනා පළමු මාත්‍රාව දුන් ජනතාව සඳහා දෙවන මාත්‍රාව ලබා දීමෙිදී නියමිත දින වකවානු අනුව නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය බලධරයන්ට උපදෙස් ලබා දුන්නේය.
දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු කඩිනම් කරන ලෙසත් අවුරුදු 30-60 ත් අතර කාණ්ඩය මෙන්ම අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් ලබා දීම ඒ ඒ දිස්ත්‍රික්කයන්හි උපරිම විධිමත් අයුරින් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී සිටියේය.
එන්නත්කරණය සම්බන්ධයෙන් ඇතැම් දිස්ත්‍රික්ක වලින් ලැබෙන විවිධ පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත්,මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්,පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර මනා සබඳතාවක් පවත්වාගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ප්රමුඛ සෞඛ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙි බව සඳහන් කර තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1906ට කෝල් කරලා අගෝස්තු 12 ඉඳලා 3 පාරක් රෙජිස්ටර් වුණා. ග්‍රාමසේවකට කතා කළා. PHI ට කතා කළා. තාම කවුරුවත් ආවේ නැහැ. ආබාධිත අයට විදින එක නැවැත්තුවාද?
ඔබතුමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදී ඇති ස්පුට්නික් එන්නතේ දෙවෙනි මාත්‍රාව දෙන්නේ කවදාද? පළමු මාත්‍රාව දීලා දැන් මාස තුනකට කිට්ටු වෙනවා...
දෙවැනි මාත්‍රාව දෙනකම් ඔබ හවසට බැල්කනි වලට නම් නගින්න... එපා. වෙරි මරගාතේ ඇදගෙන වැටුණොත් දෙවැනි මාත්‍රාව ගන්න බලාගෙන සිටින මිනිස්සු අමාරුවේ වැටෙනවා.