අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් සති අන්තයේදී ගුවන් හමුදා පිල සහ බී. ආර්. සී. පිල අතර කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01) අවසන් වූ තරගය නිමා වීමෙන් පසුව තම කණ්ඩායමට අසාධාරණයක් සිදුවුයේ යැයි බී. ආර්. සී. කී‍්‍රඩා සමාජය විසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට විරෝධතාවක් ඉදිරිපත් කර ඇති බව එහි ප‍්‍රධාන නිලධාරියකු පැවසීය.
මෙම තරගය පසුගිය සෙනසුරාදා ආරම්භ වීමෙන් පසුව තණතිරුව යෝග්‍ය නොවීම නිසා වෙනත් තණතිරුව නැවතත් පැවැත්වීමට පියවර ගන්නා ලදි.
මෙම විරෝධතාව හේතුවෙන් මෙවර තරගාවලියෙන් දෙවැනි පෙළට පහත හෙළන කණ්ඩායම් 6 තීරණය කිරීම කල්යන තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වේ.
ක‍්‍රිකට් ආයතනයේ තරගාවලි කළමණාකරු චන්දිම මාපටුන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී ‘ඒ’ මහතා පැවසුවේ දෙවැනි පෙළට පහත වැටෙන කණ්ඩායම් තීරණය කිරීමට පෙර විරෝධතා සහ වෙනත් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමට ඇති බැවින් එය ප‍්‍රකාශ කිරීමට කාලය අවශ්‍ය බවයි.
‘‘බී. ආර්. සී. පිල ඉදිරිපත් කළේ යැයි කියන විරෝධතාව මේ දක්වා ලැබී නෑ. නමුත් අද පස්වරුවේ පැවැත්වෙන විධායක කමිටුවට පෙර එය ලැබුණ හොත් අනිවාර්යෙන්ම එය විශේෂ කටයුත්තක් ලෙස සළකා කමිටුවට ඉදිරිපත් කරනවා’’ යැයි මාපටුන මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවැනි පෙළට වැටෙන කණ්ඩායම් හය තීරණය තරගාවලි කමිටු රැස්වීමෙන් පසු