IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


දෙවැනි තරගයේ සිට යළි සටන් වදිනවා

ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ විශාලතම පරාජයට මුහුණ දුන් නමුත් දෙවැනි තරගයේ සිට නැවතත් සටන් වදින බව ශී‍්‍ර ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පාල් නුවරදී පෙරේදා පැවසීය. එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයේදී ලකුණු 258 ක දැවැන්ත ජයක් කරා යාමට දකුණු අපි‍්‍රකානු පිල සමත් වූ අතර එය වසර 37 ක ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලෙසින්ද සටහන් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායමක් එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 43 වාර්තා වූයේ මෙම තරගයේදීය. ”අපි ටෙස්ට් තරගාවලිය හොඳින් ආරම්භ කළේ නෑ. ඒත් අපි දෙවැනි ටෙස්ට් තරගය දිනාගත්තා. අපි එක්දින තරගාවලිය හොඳින් ආරම්භ කළේත් නෑ. ඒ නිසා තව දින කිහිපයකින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී හොඳින් කී‍්‍රඩා කරන්නට සිදුවෙනවා” ”දෙවැනි එක්දින තරගයේදී තරගාවලිය සම කිරීම කණ්ඩායමක් වශයෙන් අපගේ ඊළ`ග ඉලක්කයයි” යයි පාල් තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඩිල්ෂාන් පැවසීය. සිය කණ්ඩායම මුහුණ දුන් දැවැන්ත පරාජය නිසා ඩිල්ෂාන්ට වචන පවා අමතක වී තිබිණ. ”මගේ තරග දිවියේ නරකම තරගය මෙයයි” ”අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. පළමු  ඕවර 5 දී අපි කඩුලූ 5 ක් දුන්නා. පළමු  ඕවර 5 දී කඩුලූ 5 ක් දුන්නාම, එතැනින් ගැළවෙන්න හරිම අමාරුයි” ”පිතිකරු ඒකකයක් වශයෙන් අප ඉතාමත් නරකට කී‍්‍රඩා කළා” යයිද ඩිල්ෂාන් පැවසීය. මෙය දුර්වල පන්දුවට පහර දීමක් යයි නායකයා හඳුන්වයි. එහෙත් යථාර්ථය වූයේ නියමිත ඉලක්කයකට පන්දු යවන, ආක‍්‍රමණශීලී, උසස් ගණයේ වේග පන්දුවලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන් මේ වන විට අසමත්ව සිටීමයි. ”මා හිතන්නේ ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැවුවා. ඒත් දුර්වල පහර තෝරා ගැනීමකුත් එතැන තිබුණා. ප‍්‍රධානතම ප‍්‍රශ්නය ඒකයි....ඒක ආකාර දෙකකින් වුණා. අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැවුවා” ”මේක හොඳ තණතීරුවක්. පිතිකරුවන්ට වඩාත් යෝග්‍යයි. ඒත් ඔවුන් හොඳින් පන්දු යැවුවා. අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. ඒකයි මෙතන වුණේ.” ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ වූ අවස්ථාවේ සිටම, තම පිතිකරුවන් එකා පසුපස එකා ආපසු කී‍්‍රඩාගාරයට යන අයුරු ඩිල්ෂාන් බලා සිටියේ අදහාගත නොහැකි, ත‍්‍රස්ත වූ ආකාරයෙනි. ලසිත් මාලිංග තම 100 වැනි එක්දින තරගයේදී ලකුණු 54 කට කඩුලූ 5 ක් දවාගත් නමුත් ඔහුට තනිවම සියල්ල කළ නොහැකි විය. ”මේක ලකුණු 300 ක තණතීරුවක් නොවෙයි.  ඕනෑනම් ලකුණු 260 ක්, 270 ක් තියෙන්න ඇති. ඒත් එක් වෙලාවක ඔවුන් පන්දුවට පහර දුන් ආකාරය නිසා මා හිතුවා ලකුණු 330 ක් පමණ ලබාගනීවි කියා” ”ඒත් අපි අවසන්  ඕවර 10 දී හොඳ සටනක් දෙමින් ලකුණු 60 කට කඩුලූ 6 ක දවාගත්තා. ඒත් අවාසනාවකට වගේ අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ” ”අඩුතරමේ අපට සටනක් වත් දෙන්න තිබුණා. ඒත් අපේ පිතිකරුවන් එවැනි දෙයක් වත් පෙන්නුම් කළේ නෑ” යයි ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් ඩිල්ෂාන් තවදුරටත් සිය පිතිකරුවන් කෙරේ විශ්වාසය තබා සිටී. ”මා තාමත් හිතනවා මේ පිතිකරු ලයිස්තුවට පුළුවන් කියා දෙවැනි තරගයේදී මීට වඩා හොඳ තරගයක් දෙන්න” ”අප සියලූ දෙනාම පළපුරුදු කී‍්‍රඩකයන්. මෙතැන පළපුරුද්දේ අඩුවක් මට පෙනෙන්න නෑ. දෙවැනි තරගයේදී අපගේ දස්කම් අනුව අපට කී‍්‍රඩා කරන්න පුළුවන්” යයි ඩිල්ෂාන් පවසයි. දුර්වල පහර තේරීමක් තිබුණද කී‍්‍රඩක විවේකාගාරයේදී රළු වදන් නොතිබූ බව ඩිල්ෂාන් කියයි. ”ඒක දුර්වල පරාජයක් තමා. ඒත් කිසිවකුට ඇ`ගිල්ල දිගු කරන්න බෑ. ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් හැටියට අපි ඉවසීමෙන් කටයුතු කරන්න  ඕනෑ” යයිද ඩිල්ෂාන් පැවසීය. මේ අතර දකුණු අපි‍්‍රකානු එක්දින කණ්ඩායමේ නව නායක ඒ.බී. ඩිවිලියර්ස් පවසන්නේ පාල් තරගයේදී නායකයකු වශයෙන් තමන්ට කිසිදු අභියෝගයක් නොතිබූ බවයි. ”ඒක මා බලාපොරොත්තු වූ ආකාරයේ තරගයක් නොවෙයි. කොහොම වුණත් මගේ අසීරු අවස්ථා ඉදිරියේදී තිබෙන බව මට හිතාගන්න පුළුවන්” ”මා ඊට මුහුණ දෙන්න සූදානම්” යයිද ඩිවිලියර්ස් පැවසීය. නායකයකු වශයෙන් මුහුණ දුන් මුල්ම එක්දින තරගයේදී වාර්තාගත ජයක් ලැබූ නමුත් ඩිවිලියර්ස් එයින් උද්දාමයට පත් නොවේ. ”මේක උද්දාමයට පත්වෙන්න තරම් අවස්ථාවක් නොවන බව තේරුම් ගන්න තරම් මා කී‍්‍රඩා කරලා තිබෙනවා. ඒත් මේ දස්කම් අති විශිෂ්ටයි. මා උද්දාමයට පත්කරන්නේ එයයි” යයිද දකුණු අපි‍්‍රකානු නායකයා පැවසීය.  කෙසේ වෙතත් දෙවැනි එක්දින තරගය සම්පූර්ණයෙන්ම නව තරගයක් ලෙස සැලකීමට තමන් සූදානම් බවත් ඩිවිලියර් පැවසීය.  



අදහස් (0)

දෙවැනි තරගයේ සිට යළි සටන් වදිනවා

රමිල් Monday, 16 January 2012 02:21 PM

ලංකාවෙත් ඉන්න ඕනා ඉන්දියාවේ වගේ ප්‍රේක්ෂකයෝ???

:       0       0

කසුන් Monday, 16 January 2012 02:34 PM

අපි සැමදා අපේ සිංහ කොල්ලන් සමගයි.

:       0       0

රංග ශානි Friday, 13 January 2012 10:32 AM

කරුණාකරලා දැන්වත් ඉල්ලා අස් වෙන්න..

:       0       0

ෂානක Friday, 13 January 2012 01:05 PM

ෙ ලංකාව විකුණනව අපරාදේ

:       0       0

saman Friday, 13 January 2012 01:02 PM

සටන් කොහොම වෙතත් වදින බව නම් පේනවා

:       0       0

අයි කැලුම් Friday, 13 January 2012 01:19 PM

ඉල්ලා අස්වෙලා කාවද දාන්න යන්නේ

:       0       0

thushara Friday, 13 January 2012 04:17 PM

දෙවැනි ත‍රග‍යට අපි සුබ පතනව ඩිනුවත් නැතත් අපි ඔබ සමගයි

:       0       0

කාලින්ග Friday, 13 January 2012 07:10 PM

නරකද ක්‍රිකට් ගහන එක නවත්වල එල්ලේ ගහන්න පටන්ගත්තානම්.

:       0       0

ප්‍රදාෂ් Friday, 13 January 2012 07:16 PM

අනේ මට නම් මේ ගැන කිසිම දුකක් නෑ. මොකද පසුගිය ලෝක කුසලානෙන් පස්සේ මම ක්‍රිකට් බලන එක නැවැත්තුව. මෙහෙම පරාද වෙන එක හොඳයි එතකොට කවදා හරි දවසක ක්‍රිඩකයෝ කණ්ඩායමට එකතු වේවි. එවිට කණ්ඩායම හොඳ වෙනව. එදාට බලනවා. (මේකට කාටවත් බැනල වැඩක් නෑ. පරදින කාලෙට නොබල ඉඳලා දිනන කාලෙට බලනව.) මේ විදියට පැරදුනා කියලා දැනට මේ වෙබ් එක බලල කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න.

:       0       0

නලින් Friday, 13 January 2012 07:32 PM

ඉවසීමෙන් පන්දු තොරා බේරාගෙන පහර දුන්නොත් හොදයි.

:       0       0

රංගන Friday, 13 January 2012 08:16 PM

දෑන් තේරුමක් නැ.

:       0       0

චානුක Friday, 13 January 2012 08:24 PM

අපි අනිත් රටවල මිනිස්සු වාගේ නොවේ අපි හැමදාම ඔයාලත් එක්ක.

:       0       0

සුනිමල් Saturday, 14 January 2012 11:04 AM

අපි හැමදාම ක්‍රිකට් එක්ක.

:       0       0

සිරිල් Saturday, 14 January 2012 11:01 AM

මෙයා මේකට හරියන්නේ නෑ

:       0       0

අනුර Saturday, 14 January 2012 11:20 AM

සල්ලිවලටයි දේශපාලනයටයි ඔක්කොම යටවෙලා. රටක් ගැන කිසිම හැගිමක් නෑ.

:       0       0

උපුල් Saturday, 14 January 2012 11:47 AM

අයියෝ රටේ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 753 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 512 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site