IMG-LOGO

දෙවැනි එක්දින තරගය හෙට

සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (24) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය. ඉන්දීය පිල පළමු තරගයෙන් ලකුණු 21 ක ජයක් ලබා 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටීම නිසා මෙම තරගය ශ‍්‍රී ලංකා පිලට වඩාත් වැදගත් වේ. නුවන් කුලසේකර ආබාධයකට ලක්වීමෙන් හිස්වූ ස්ථානයට කිසියම් ක‍්‍රීඩකයකු ආදේශ කර ඇත්දැයි මාධ්‍යවේදියකු කළ විමසුමකට මහේල මෙසේ පැවසීය. ”තවම ක‍්‍රීඩකයකු ආදේශ කර නෑ. මෙම සංචිතයෙන්ම මේ තරගයට ක‍්‍රීඩා කරනවා. දකුණු අප‍්‍රිකානු ‘ඒ‘ සංචාරයට සහභාගි වූ ක‍්‍රීඩකයන් ඊයේ රාත‍්‍රී පිටත් වුණා. එයට සහභාගි වූ තේරීම් කමිටු නිලධාරියාගෙන් විමසා කොළඹදී ක‍්‍රීඩකයකු සංචිතයට ආදේශ කරනවා” යයිද මහේල වැඩිදුරටත් පැවසීය. ශ‍්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නකු ලෙස ඉසුරු උදාන ඇතුළත්ව සිටින බවත් ඇතැම් විට අද තරගයේදී ඔහුට අවස්ථාව ලැබීමට ඉඩ ඇති බවත් ශ‍්‍රී ලංකා නායකයා පැවසීය. ඉසුරු උදාන ඊයේ පන්දු යවමින්



අදහස් (0)

දෙවැනි එක්දින තරගය හෙට

සුභාෂිනී Monday, 23 July 2012 10:06 PM

කවුරු හරි ගෙන්නල මැච් එක දිනාගන්න බලන්න ළමයිනේ.....හැමදාම ඉන්දියාවට දිනන්න දෙන්න පුළුවන්ද මෙහෙම........ (ස)

:       0       0

සිසිර Tuesday, 24 July 2012 08:46 AM

අයියෝ මොකක් හරි තුරුම්පුවක් දාල මැච් එක දිනන්න බලන්න....අපේ රටට ඇවිත් ගහල යන්න නොදී...... (ස)

:       0       0

අනුර Tuesday, 24 July 2012 01:27 PM

ඉන්දියාව දිනුවොත් ඔයගොල්ලන්ට වැඩිය පිටරට ඉන්න අපිට බෙහෙත් ටිකක් ගන්න ‍රෝහලකටවත් යන්න බැහැ.. පකිස්ථානට පැරදුනත් ඉන්දියාවට නම් පරාද වෙන්න එපා... අපේ අත් දැකීම...(නු)

:       0       0

ධනුෂ්ක Tuesday, 24 July 2012 09:17 AM

ඔක්කොටම වඩා තියෙන්නේ දෝනිගේ වාසනාව.. (ස)

:       0       0

තිනෙත් Tuesday, 24 July 2012 09:51 AM

මම උදාන සහ තරංගට කැමති නැහැ. මම කැමති මෙන්ඩිස්ටයි, ප්‍රදීප්ටයි, තිසරටයි. සුභ පැතුම් සිංහයිනේ! (නි)

:       0       0

සම්පත් Monday, 23 July 2012 09:43 PM

ඉසුරුට අවස්ථාවක් දිය යුතයි ,(දී)

:       0       0

නිරන්ජන් Tuesday, 24 July 2012 11:03 AM

ඉසුරුට අවස්තාවක් අනිවාර්‍යයෙන්ම දෙන්න ඕන....ඉදිරියට 20/20 තියෙන නිසා අපිට වැදගත් වේවි .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 79 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 200 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site