සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (24) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය පිල පළමු තරගයෙන් ලකුණු 21 ක ජයක් ලබා 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටීම නිසා මෙම තරගය ශ‍්‍රී ලංකා පිලට වඩාත් වැදගත් වේ.
නුවන් කුලසේකර ආබාධයකට ලක්වීමෙන් හිස්වූ ස්ථානයට කිසියම් ක‍්‍රීඩකයකු ආදේශ කර ඇත්දැයි මාධ්‍යවේදියකු කළ විමසුමකට මහේල මෙසේ පැවසීය.
”තවම ක‍්‍රීඩකයකු ආදේශ කර නෑ. මෙම සංචිතයෙන්ම මේ තරගයට ක‍්‍රීඩා කරනවා. දකුණු අප‍්‍රිකානු ‘ඒ‘ සංචාරයට සහභාගි වූ ක‍්‍රීඩකයන් ඊයේ රාත‍්‍රී පිටත් වුණා. එයට සහභාගි වූ තේරීම් කමිටු නිලධාරියාගෙන් විමසා කොළඹදී ක‍්‍රීඩකයකු සංචිතයට ආදේශ කරනවා” යයිද මහේල වැඩිදුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නකු ලෙස ඉසුරු උදාන ඇතුළත්ව සිටින බවත් ඇතැම් විට අද තරගයේදී ඔහුට අවස්ථාව ලැබීමට ඉඩ ඇති බවත් ශ‍්‍රී ලංකා නායකයා පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරුට අවස්ථාවක් දිය යුතයි ,(දී)
කවුරු හරි ගෙන්නල මැච් එක දිනාගන්න බලන්න ළමයිනේ.....හැමදාම ඉන්දියාවට දිනන්න දෙන්න පුළුවන්ද මෙහෙම........ (ස)
අයියෝ මොකක් හරි තුරුම්පුවක් දාල මැච් එක දිනන්න බලන්න....අපේ රටට ඇවිත් ගහල යන්න නොදී...... (ස)
ඔක්කොටම වඩා තියෙන්නේ දෝනිගේ වාසනාව.. (ස)
මම උදාන සහ තරංගට කැමති නැහැ. මම කැමති මෙන්ඩිස්ටයි, ප්‍රදීප්ටයි, තිසරටයි. සුභ පැතුම් සිංහයිනේ! (නි)
ඉසුරුට අවස්තාවක් අනිවාර්‍යයෙන්ම දෙන්න ඕන....ඉදිරියට 20/20 තියෙන නිසා අපිට වැදගත් වේවි .(ස)
ඉන්දියාව දිනුවොත් ඔයගොල්ලන්ට වැඩිය පිටරට ඉන්න අපිට බෙහෙත් ටිකක් ගන්න රෝහලකටවත් යන්න බැහැ.. පකිස්ථානට පැරදුනත් ඉන්දියාවට නම් පරාද වෙන්න එපා... අපේ අත් දැකීම...(නු)