අජන්ත කුමාර අගලකඩ
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුරුද්ධ පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් 4 වැනි දාය.
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී දිසානායක මහතා රුපියල් කෝටි දෙකක අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත්කරනු ලැබීය.
පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරිමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔහුගේ පත්වීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා 2015 ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීය.
අනතුරුව ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පස්සේ ලොකු ලොකු තනතුරුවලට කෙනෙක් පත්කරන්න පෙර අඩුම තරමේ පොලිස් වාර්තාවක්වත් ලබාගන්න කටයුතු කළොත් මේ වගේ වැරදි සිද්ද වෙන්නේ නැහැ නේද?
අනේ මන්දා මෙහෙම වැඩ... මෙම චෝදනා පත්කිරීමට පෙර දැන නොසිටියේද? කොහොම හරි ඔහුට චෝදනා තිබීම ගැන සලකා පත්වීම අත්හිටුවීම ජනාධිපතිතුමා කරන ලද හොඳ ක්‍රියාවක්... එතුමාට ස්තුතිවේවා !!!
අනේ මන්දා මේ වැඩ... පත් කරනවා අස් කරනවා. පත් කරන්න ඉස්සෙල්ලා මේ අයගේ සුදුසුකම් චර්යාව කොහොමද කියලා හොයලා බලන ක‍්‍රමවේදයක් නැද්ද හැබෑටම?
නියම වව්ලෙක් වගේම හොඳ මාටිං කෙනෙක් බවත් පේනවා.
ජනපතිතුමෝ, පොල්ගම්පලයාත් හොඳම හොඳ "ආප්ප කාලා" කරනම් ගහන්න දක්ෂයෙක්. තවදුරටත් තියාගන්න. එතකොට ඔය පෙබරවාරි 10 වැනිදා SLFP එකට ලැබිච්ච 4%, මිනිහා 0% ටම බස්සලා දේවි. හැබැයි පෙට්‍රල් ලීටරයක මිල, මාසෙට රුපියල් 20 බැගින් ඉහළ යයී. ඔහොම යන්... ඔහොම යන්...
පත්තර, මගින් සියලු තොරතුරු දැනගන්නා පාලකයකු සිටින රටක මෙසේ වීම පුදුමයක්ද?
ග්‍රාමසේවකට මේක මතක් වුණේ රටේම ඉන්නේ යමපාලන ගොන්නු නොවන බව තේරුණු නිසාද? නැත්තන් ටීවී එකෙන් දැකලද?
අපි අහලා තියෙන්නේ රාජ්‍ය නායකයෝ වැඩ කරන්නේ බොහෝවිට තමන්ගේ උපදේශකවරුන් ලබාදෙන නිර්දේශ මත කියලයි. ඒ උපදේශකයෝ බොහොම දැන උගත් උදවියයි. ඔවුන් හොඳින් කරුණු අධ්‍යයනය කරලයි තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ... එහෙම නූනොත් වරින්වර තීරණ වෙනස් කරන කොට රාජ්‍ය නායකයාගේ කීර්ති නාමයට වගේම රටේ හොඳ නමටත් හානි වෙන්නත් පුළුවන්. ඒකට අපේ කට්ටිය. අද කරන දේ හෙට වෙනස් කරන්න සිද්ද වෙන විදිහේ උපදෙස් තමයි දෙන්නේ. දැන් කීයක් නම් ඔහොම වුනාද?
මෙතුමාට නම් මෙලෝ වැඩක් හරියට කරන්න බැහැ. කරන හැම දෙයක්ම අඩුම ගානේ තුන්සැරයක් වත් කරන්න ඕනේ.
මේවත් හරියට එතුමාගේ ලේකම්ගේ ගැසට් නිවේදන වගේ. කෝ ඊගාව යාළුවා කවුද බලමු.
ජනාධිපතිතුමා කරන එක දෙයක් වත් හරියන්නේ නැත්තේ මේ රටට කරපු විනාශයට මිනිස්සු ශාප කරන ඒවා වැදිලා. දැන්වත් මහ මැතිවරණයක් පවත්වලා ජනමතයට ඉඩ දෙන්න.
පත්තරේ තිබ්බා නම් ඔහොම වෙන්නේ නැහැ හිටං...
මොනවා කළත් අනාගන්නවා. බැසිල්ට හේත්තු වෙලා පදමට හම්බ කරගෙන මහින්දට උදව් කරලා පරාද වුණා. ඊට පස්සේ තමන්ගේ වාසියට මෛත්‍රිට හේත්තු වුණා. මේ කෙනා ගැන දැනගෙනත් මෙවන් තීරණ ගන්නේ... නොහැකියාව මිස වෙන කුමක්ද?
රටේ නායකයා පත්වීමක් දෙනකොට අඩුම වශයෙන් වත ගොතවත් හොයන්නේ නැද්ද? පත්වීම දීලා අාපහු අයින් කරනකොට අප්‍රසාදය ඩබල් වෙනවා වගේ කියලා හිතෙන්නේ මට විතරද?
අපිට නම් අලුත් හොරෙක් ඕනෑ.
මෙතෙක් කාළයක් සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වල සභාපතිලා අධයක්ෂලා කියලා පත් උනේ වැඩි හරියක් හොරු නැත්නම් කෑලෑ පාළුවෝ කොමිස් කාක්කෝ බේබද්දෝ......... දැන දැනත් පත් කරලා සද්ද නැතිව ඉන්නවා.පළමු වතාවට තමයි මිනිහා කවුද කියලා හෙලි උනාම ආපහු ඉවත් කලේ. ඒක හොද දෙයක්.නමුත් හොද මනුස්සයෙක් තෝරලා පත් කරන්න තරම් බුද්ධිමත් හා අචාරශීලී උනානම් වඩාත් හොදයී.
මෙහෙම ආතල් දෙනවට ජනාධිපතිතුමාට බොහොම පිං. මේ පිනෙන් 2020 ජනාධිපති වෙන්න ඕනෑ ඔබතුමායි.
බැලුවම එයත් ආප්ප කණ්ඩායමේ කෙනෙක්. ජනාධිපතිට එයාවත් විශ්වාස නැහැ. මොකද අපි හැමෝටම වැඩියෙන් ජනා දන්නවා ආප්ප කන කට්ටියගේ කෙරුවාවල්... ජනාගේත් කනෙන් රිංගාවි කියලා බයවෙලා...
මෙම පත්වීම කරන්න අැත්තේ විද්‍යානුකූලවය. වැරදුනේ එම හේතුව නිසායි.
මුන්ව පත් කරනකොට හොයල බලන උවමනාවක් කාටවත් නැත්ද? අනේ අපේ බදු මුදල්?
දැන් එකට රනිල්, කොච්චර චෝදනා තිබබත් රවී කරුනානයක්වයි අර්ජුන් මහේන්ද්‍රන්වයි පුත් කරවන් එයා ඇප වෙනවා කියල. හැබෙයි හොරකම් කලා නම් නෝ කතා නෝ සිනා
මේ අය ඇර වෙන බුද්දිමත් තරුණයෝ ලංකාවේ නැත්ද?
මේ අස් කිරීම කරන්න අැත්තේ විද්‍යානුකූලවයි. පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන !! මේක අඩුම ගානේ තුන්සැරයක් වත් කරන්න ඕනේ.
අපෙත් රටෙත් අවාසනාව.....මේ වගේ පාලකයන්ගෙන් වැඩක් නෑ. අපි හොදට එ්බව තේරුම් අරගෙන ඉන්නේ . මෙහෙම ගියොත් මෙතුමාට මිනිස්සු ගල් ගහන දවස වැඩි දුර නැහැ. ජනාදිපති කෙනෙක් හැටියට තිබිය යුතු උගත්කම හැකියාව නොබියව තීරණ ගැනීම මෙතුමට නැතිබව දැන් මුළු රටම දන්නවා, සම්පුර්ණයෙන්ම කොන්ද කැඩිලා. අපිත් බලාගෙන ඉන්නේ 2020 වෙනකම් තමා
බලන්න කොච්චර දක්ෂද, කොච්චර සූරද කියල . ආයේ ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ .
තවත් හෙංචයියෙක් හොයලා පත් කරාවි. උගේ අධ්‍යාපනය, චර්යාව, ඒවා අදාළ නැහැ. ඡන්දෙදි ගොට්ට අල්ලුවානම් ඒ ඇති. ලැජ්ජයි! නින්දිතයි!
කොහොමද අපේ ජනාධිපති හරි කෙලින් වැඩ. ආ සමාවෙන්න මුලින් ටිකක් විතර වටේ යනවා.
ඇමති රාජිත මහත්තයාගේ චරිත සහතිකේ හරි ගිය නේද ?
සංස්ථාවල සභාපති කම්වලට දේශපල්කයෙකුම ඕනෙද ?තුනී ලෑලි කර්මාන්තය ගැන දැනුවත් පළපුරුද්දක් ඇති පුද්ගලයකු හෝ ව්‍යාපාර පරිපාලනය ගැන දැනුමක් ඇති උපාධිධාරියෙක් මේවට පත් කරන එක මෙයට වැඩිය සුදුසු නැද්ද ? පොදුවේ ගත්කල රජයේ සංස්ථා පසුගිය අවරුදු 30-35 තුළ කඩාවැටී ඩොලර් කොටි ගණනින් පාඩු ලැබීමට හේතුව දේශපාලක තීරණ මත විෂය පිළිබඳව කිසිම දැනුමක් නැති පුද්ගලයන් ඒවායේ මුල් පුටු වලට පත්කිරීම බව පෙනේ , අද දුෂණ චෝදනා නැති දේශපාලකයකු හොයන එක බුදුන් දවස මනුස්සයකු නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවට වැඩිය අමරුයි......හොඳම උදාහරණ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් හෝ ඛනිජ තෙල් සම්බන්දයෙන් කිසිම උපාධියක් නැති අසන්තද මේල් නමැති ක්‍රිකට් ක්‍රීඩකය තෙල් සංස්ථාවේ සභාපති කරීම නිසා ඔහු අත්සන් කල ගිවිසුම නිසා ඩොලර් කොටි ගනන්නක පාඩුවක් රජයට සිදුවිය , නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලන්කන් සභාපති කිරීම නිසා , ලාභ ලබමින් තිබු ශ්‍රී ලන්කන් ව්‍යාපාරය අද ගොඩ ගැනීමට බැරි තත්වයට වැටි ඇත , එදා මේ පිළිබඳව පසුගිය රජයට චෝදනා කල ජනාධිපති තුමා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව අද යන්නෙත් එකම පාරේය...............
මේවට සභාපති අබැර්තු ඇති වුනහම ප්‍රසිද්ධ පුවත් පතක දැන්වීමක් පල කරන්න එතකොට සුදුසුකම් ඇති පුද්ගලයන්ට ඉල්ලුම් කල හැකි වන අතර , වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයාට තනතුර දෙන්න , එතකොට මේ ප්‍රශ්න කිසිවක් නැත, පස්සේ කලෙක මුන් හොරකම් කලහම මිනිස්සු ජනාධිපති තුමාට බන්නිනෙත් නැත , සිනි සමාගමෙන් නිලධාරියෝ දෙන්න පගාව ගැනීම නිසා , නිරපරාදේ ජනාධිපති තුමාගේ නමත් මේකට ගෑවී ඇත යහපාලන ආණ්ඩුවේ නමත් කැත වී ඇත.............
මේ වගේ බොලඳ දේ වලින් අගතියට පත්වන්නේ අපේ රට. රට කරන අයට රට ගැන හැගීමක් නැති උනාට ශ්‍රී ලංකික අපිට තියෙනවා. කරුණාකර අපව බාල්දු නොකරන්නන. විදේශිකයන් අප දිහා බලන්නේ කිසිදු දෙයක් හරි හැටියට කරගන්න බැරි ගහෙන් බහැපු වදුරෝ වගේ කියල. කරුණාකර අපව බාල්දු නොකරන්න. ජනතාවට කලහැකි දෙයක් නැතිබව පාලකයන් දන්නවා........ එනිසා 225 පත්කළ අපට සලකන්නේ රුකඩ වලට සලකනාවටත් වැඩ අඩුවෙන්. අපේ රට දිහා බලන දෙවිකෙනෙක් ඉන්නවනම් දෙවියනි අප කල මෝඩකම් වලට සමව දී මේ රන්වන් රට බේර ගන්න නිර්භීත එඩිතර යුග පුරුෂයෙක් පත්කර දෙන්න.