නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක ඇතුළු තවත් දෙදෙනෙක් අද (21) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙතසමක් ගොනු කළහ.
හිටපු ඇමැති බැසිල් රාජක්ෂ මහතා ද පෙර දින මෙවැනි පෙත්සමක් ගොනු කළේය.
රිමාන්ඩ් බාරයෙන් මුදා හරින්නැයි ඉල්ලා පෙත්සම් ගොනු කළ අනෙක් දෙදෙනා වන්නේ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය බැංකු අධ්‍යක්ෂ බන්දුල තිලකසිරියි.
අගමැති ,අමාත්‍ය මණ්ඩලය , හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති , මැගසින් බන්ධනාගාර අධිකාරි ,නිතිපති ඇතුළු 45 දෙනෙක් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
දිවි නැගුම වංචාවට තමන් සම්බන්ධ නැති බවත් පෙත්සමේ සදහන්වේ. රිමාන්ඩ් බාරයේ රදවා තැබීමෙන් සිය අයිතිය උල්ලංඝනය වන බව ද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද හොරු එහෙමනම් (නදී)
අන්තර්ජාලයේ වෙබ් අඩවිවල නම් කියවෙන්නේ හිතාගන්නත් බැරි අමුතුම කතාවක්. (නදී)
බැසිල් ලෙඩ වුයේ කෑම හිඟ වීමෙන්. මිලියන් 1000ක් වෙනකම් රට කාපු කාලේ බඩ ගිනි දැනුනේම නැහැ. දැන් හොඳටම ලෙඩවෙලා. මේක බෝවෙන රෝගයක් බවට පත් උන නිසා එකට කාපු අනික් දෙන්නටත් ඒ ලෙඩේ ම හැදිලා. අනේ පව්. ඉක්මනට නිදහස් කරලා දාන්න. (නදී)
දැන් අමාරු ඇති මෙච්චර කාලයක් කාපුවා වමාරින්න බැරිව(නදී)
ඉක්මනට විභාගකරලා දඩුවම් දුන්නනම් හරි නේ (බ)
ජාතික ධනය ගිලදැමූවන් හිරේ දැමීම සාධාරණයි. (නි)
මෙතන යම් ගැටළුවක් ඇති බවක් මට හැඟේ (නි)