නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක ඇතුළු තවත් දෙදෙනෙක් අද (21) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙතසමක් ගොනු කළහ.
හිටපු ඇමැති බැසිල් රාජක්ෂ මහතා ද පෙර දින මෙවැනි පෙත්සමක් ගොනු කළේය.
රිමාන්ඩ් බාරයෙන් මුදා හරින්නැයි ඉල්ලා පෙත්සම් ගොනු කළ අනෙක් දෙදෙනා වන්නේ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය බැංකු අධ්‍යක්ෂ බන්දුල තිලකසිරියි.
අගමැති ,අමාත්‍ය මණ්ඩලය , හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති , මැගසින් බන්ධනාගාර අධිකාරි ,නිතිපති ඇතුළු 45 දෙනෙක් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
දිවි නැගුම වංචාවට තමන් සම්බන්ධ නැති බවත් පෙත්සමේ සදහන්වේ. රිමාන්ඩ් බාරයේ රදවා තැබීමෙන් සිය අයිතිය උල්ලංඝනය වන බව ද ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිවි නැඟුම තව දෙන්නෙක් බැසිල් ගිය පාරේ යති
රෝහිත Thursday, 21 May 2015 11:22 AM
කව්ද හොරු එහෙමනම් (නදී)
අනිල් රෝහණ Thursday, 21 May 2015 11:26 AM
අන්තර්ජාලයේ වෙබ් අඩවිවල නම් කියවෙන්නේ හිතාගන්නත් බැරි අමුතුම කතාවක්. (නදී)
සත්‍යයා Friday, 22 May 2015 03:21 AM
බැසිල් ලෙඩ වුයේ කෑම හිඟ වීමෙන්. මිලියන් 1000ක් වෙනකම් රට කාපු කාලේ බඩ ගිනි දැනුනේම නැහැ. දැන් හොඳටම ලෙඩවෙලා. මේක බෝවෙන රෝගයක් බවට පත් උන නිසා එකට කාපු අනික් දෙන්නටත් ඒ ලෙඩේ ම හැදිලා. අනේ පව්. ඉක්මනට නිදහස් කරලා දාන්න. (නදී)
ඉසුරන්දි Thursday, 21 May 2015 12:39 PM
දැන් අමාරු ඇති මෙච්චර කාලයක් කාපුවා වමාරින්න බැරිව(නදී)
සමන් Friday, 22 May 2015 05:38 AM
ඉක්මනට විභාගකරලා දඩුවම් දුන්නනම් හරි නේ (බ)
වසන්ත Thursday, 21 May 2015 04:18 PM
ජාතික ධනය ගිලදැමූවන් හිරේ දැමීම සාධාරණයි. (නි)
දුමින්ද Thursday, 21 May 2015 04:40 PM
මෙතන යම් ගැටළුවක් ඇති බවක් මට හැඟේ (නි)