දෙවැනි අදියරේ ජය ගුවන් හමුදාවේ ජීවන්ට
සියඹලාණ්ඩුව නගරයේ සිට තිස්සමහාරාම නගරය දක්වා කිලෝමීටර 131 ක දුරකින් පැවැති ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ දෙවැනි අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සමත්විය.
දෙවැනි අදියර නිම වීමත් සමග සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට පළමු අදියර ජයගත් යුද හමුදාවේ දිලීප ප‍්‍රභාත් සමත්ව සිටියි. දිලීප අදියර දෙක අවසානයේදී පැය 5 යි. විනාඩි 54. 19 ක කාලයක් වාර්තා කර තිබේ. තරගකරුවෝ 75 දෙනෙක් සහභාගි වු දෙවැනි අදියරේදී දිලීපට හිමි වුයේ 35 වැනි ස්ථානයයි.
යුද හමුදාවේම සමීර චතුරංග පැය 5 යි. විනාඩි 54. 24 ක කාලයක් වාර්තා කරමින් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොලිසියේ සුදීර නිලංග පැය 5 යි. විනාඩි 54. 28 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි.
තරගකරුවන් පොකුරක් අතුරින් තියුණු සටනකින් පසුව ජීවන් ජයසිංහ දෙවැනි අදියර ජය ගත්තේ පැය 3. විනාඩි 1 යි. 53 ක කාලයක් ලබමිනි. ගුවන් හමුදාවේම නවීන් රුචිර සහ නාවික හමුදාවේ ජානක හේමන්ත කුමාර එම කාලයම වාර්තා කරමින් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබුහ. ජයග‍්‍රාහී ජීවන් ජයසිංහ ට පළමු අදියරේදී 22 වැනි ස්ථානය හිමි වු අතර සමස්ත තරගයේ ඔහුට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.
තිස්සමහාරාම නගරයෙන් අද (10) ආරම්භ වන පාපැදි සවාරියේ අවසන් අදියර (කිලෝමීටර් 111) මාතරින් අවසන් වීමට නියමිතය.
ශ්‍රී ලංකා පාපැදි කී‍්‍රඩා ඉතිහාසයේ පළමු වරට ශූරයාට වටිනා මෝටර් රථයක් පිරිනමන මෙම තරගය ජාතික තරුණසේවා සභාව සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් සංවිධානය කරනු ලබයි.

දෙවැනි අදියරේ ජයග‍්‍රාහකයෝ ජීවන් ජයසිංහ (දකුණේ), නවීන් රුචිර (වමේ) සහ ජානක හේමන්ත කුමාර
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd