(සනත් ගමගේ)
අම්බලන්තොට මහා විදුහලේ ඉඳිකරන ලද තාක්ෂණික ගොඩනැගිල්ලට අදාළ නාම පුවරුවක අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාගේ ඡායාරූපය ඇතුළත් කර නැත්තේ ඇයිදැයි නිවාස හා ඉඳිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් දමිත් මහතා සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හා පළාත් ඇමැති වරුන්ගේ ඡායාරූප ඇතුළත් කර අදාළ කොටස භාර රාජ්‍ය ඇමැතිවරයාගේ ඡායාරූපය ඇතුළත් නොකිරිම ගැටළුවක් බවද ඒ මහතා කීවේය.
තම ඡායාරූපය මුද්‍රණය කරගැනීමට අවශ්‍යතාවයක් නොමැති නමුත් යහපාලන රජයක් යටතේ කරන සංවර්ධන ව්‍යාපෘති වලදී මෙලෙස නම් ගම් මග නොහැරීමට නිලධාරීන් වග බලා ගතයුතු බවත් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර මහින්ද ඒ දවස් වල තාක්ෂණික විද්‍යාගාර හදල නම ගහනව කියපු උන් කෝ දැන්?
උපකාරක පන්ති ගුරුවරු වගේ රටවටේ පින්තුර ගහමු
ඒවා හදන්නේ මහජන බදුමුදලින් මිසක්, වෙදරච්චිගේවත් සජිත්ගේවත් ගෙදරින් ගෙන සල්ලි වලින් නෙවෙයි. ඉතින් ඔක්කොගෙම නෙවෙයි කාගෙවත් රුප ගහන්නවත්, බෝඩ් එල්ලන්නවත් කොහොමටත් ඕනෙකමක් නෑ. අපේ රටේ මෝඩ මිනිස්සු මේවගේ ජෝක්ස් වලින් හොඳට අල්ලගන්න පුළුවන් බව දන්නා නිසා දේශපාලකයෝ හරියට මේවා එයාලගේ ගෙදරින් ගෙන සල්ලිවලින් හැදුව වගේ ලොකුකම් පෙන්නනවා. අනේ අපේ රටේ මෝඩ මිනිස්සු!