IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දුලිප් මෙන්ඩිස් ඉවත්වෙයි:

ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අසන්ත ද මැල් මහතා ඊයේ (19) සිට පත් කිරීමට ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ගෙන තිබේ. පසුගිය අපේ‍්‍රල් 11 වැනිදා සිට එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ දුලිප් මෙන්ඩිස් මහතා ඇතුළු  නිලධාරින් තිදෙනකු ඊයේ සිට ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ නිසා නව පත්කිරීම් කළ බව ක‍්‍රීඩා ඇමැතිවරයා ලංකාදීපයට පැවැසීය. කමිටුවේ නව සාමාජිකයන් ලෙස අමල් සිල්වා, හේමන්ත වික‍්‍රමරත්න හා දොන් අරුණසිරි යන මහත්වරුන් නම් කර තිබේ. කමිටුවේ හිටපු සාමාජිකයන්ගෙන් තවදුරටත් කටයුතු කරන්නේ දොන් අරුණසිරි මහතා පමණි. බ්‍රෙන්ඩන් කුරුප්පු, රංජිත් මදුරසිංහ හා චමින්ද මෙන්ඩිස් යන මහත්වරු කමිටුවේ කටයුතු කළ සෙසු හිටපු නිලධාරීහු වෙති. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා හෝ එහි සෙසු නිලධාරීන් වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බව ලංකාදීප කළ විමසුමකදී ඇමැති අලූත්ගමගේ මහතා වැඩිදුරටත් පැවැසීය. අසන්ත ද මෙල් මහතා මීට පෙරත් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලද පසුබෑම හමුවේ ක‍්‍රිකට් තේරීම් කමිටුව සංශෝධනය කිරීමට ක‍්‍රීඩා අමැතිවරයා කටයුතු කළ බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.  



අදහස් (0)

දුලිප් මෙන්ඩිස් ඉවත්වෙයි:

අරුණ Friday, 20 January 2012 06:39 PM

ශ්‍රී ලංකා ක‍්‍රිකට් වලට දෙයියන්ගෙම පහිටයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2353 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site