ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අසන්ත ද මැල් මහතා ඊයේ (19) සිට පත් කිරීමට ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ගෙන තිබේ. පසුගිය අපේ‍්‍රල් 11 වැනිදා සිට එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ දුලිප් මෙන්ඩිස් මහතා ඇතුළු නිලධාරින් තිදෙනකු ඊයේ සිට ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ නිසා නව පත්කිරීම් කළ බව ක‍්‍රීඩා ඇමැතිවරයා ලංකාදීපයට පැවැසීය. කමිටුවේ නව සාමාජිකයන් ලෙස අමල් සිල්වා, හේමන්ත වික‍්‍රමරත්න හා දොන් අරුණසිරි යන මහත්වරුන් නම් කර තිබේ. කමිටුවේ හිටපු සාමාජිකයන්ගෙන් තවදුරටත් කටයුතු කරන්නේ දොන් අරුණසිරි මහතා පමණි. බ්‍රෙන්ඩන් කුරුප්පු, රංජිත් මදුරසිංහ හා චමින්ද මෙන්ඩිස් යන මහත්වරු කමිටුවේ කටයුතු කළ සෙසු හිටපු නිලධාරීහු වෙති. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා හෝ එහි සෙසු නිලධාරීන් වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බව ලංකාදීප කළ විමසුමකදී ඇමැති අලූත්ගමගේ මහතා වැඩිදුරටත් පැවැසීය. අසන්ත ද මෙල් මහතා මීට පෙරත් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලද පසුබෑම හමුවේ ක‍්‍රිකට් තේරීම් කමිටුව සංශෝධනය කිරීමට ක‍්‍රීඩා අමැතිවරයා කටයුතු කළ බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා ක‍්‍රිකට් වලට දෙයියන්ගෙම පහිටයි.....