වසරකට ලක්ෂ හතරක් පමණ දරුවන් උපත ලැබුව ද ඉන් පහෙන් එකක් පමණ නියමිත උපත් බරට වඩා අඩු බරකින් යුතු බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුනාතිලක මහතා පවසයි. ඉඳුරුවේ දී ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
‘‘අපි ගැබිණි මවකට රුපියල් 2000ක් වටිනා පෝෂණ මල්ලක් ලබා දෙනවා. මව්වරුන්ගේත් දරුවන්ගේත් පෝෂණය වැඩි කරන්නයි අප බලාපොරොත්තු වෙන්නේ. පක්ෂ පාට බේදයකින් තොරව සෑම මවකටම ගැබිණියක වී මාස හතරේ සිටත් දරුවකු බිහිකර මාස හතරක් අවසන් වනතුරුත් මේ පෝෂණ මල්ල ලබා දෙනවා. එය සියළු මව්වරුන්ට හිමිදෙයක්. “


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කියවන කට්ටියගෙන් නොව ලංකාවේ අම්මලාගෙන් අහලා බැලුවොත් තේරෙයි මෙය කොපමණ මහඟු ක්‍රියාවක්ද කියලා (නි)
මුද්‍රණ දෝෂයක්ද? රුපියල් විසි දාහක පෝෂණ මල්ලක් දෙනවා කියල නේද කිව්වේ? (නදී)
රකිත්. කියපු ඒවා කවද්ද කවුද අනේ හරියට කෙරුවේ.? (ම)
ඒ කතාව නම් ඇත්ත තමයි, නාමලී. ඒත් බඩු මල්ල දිහා බැලුවමනම් මට හිතෙනවා රුපියල් දෙදාහට වඩා ඇති කියලා. (ම)
රත්නෙගේ කතාව 100% සත්‍යයි. අපි දකින්නේ දිස්ත්‍රික්ක 2-3 ක ජිවත් වෙන මිනිසුන් ගැන විතරයි. එක පවුලක් රටම සුරගෙන කාල ලෝකයේ තිබෙන බැංකු පිරෙව්වට රටේ මිනිසුන්ට තුන් වේල කන්න සල්ලි නැහැ.රටේ වාසනාවට සියලු දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම නිසා ආණ්ඩුව මාරුකරගන්න පුලුවන් උනා. තවත් අවරුදු 2-3 ක් හිටියා නම් අපේ රටත් ඉතියෝපියාවක්, සෝමාලියාවක්, උගන්ඩාවක්, සුවාසිලන්තයක්, බංගලිදේශයක් වෙනවා ඉර හද වගේ විස්වාසයි.(නදී)
මවුවරුන්ට හරි පෝෂණයක් ලැබෙනවා නම් මේ දේ වෙන්නේ නෑ.(හේ)
රටේ දනස්කන්දය ගසා කාපු කෑමට තවත් අවරුදු 2-3 නක හිටියා නම් අපිටත් හිඟා කන්නයි සිද්ද වෙන්නේ. තවමත් ඒ ටික තේරුම් නොගත්තු "බත් කන හරක්" ඉන්නවනේ. (නදී)
රුපියල් කොටි 13,200ක් පිට රටවල බැංකු වල තියෙනවලු.ඒ පිට රට වල තිබෙන ධනස්කන්දයෙන් 20% ක් පමණයි කියල ඉන්දියන් පුවත් පතක් පෙන්වල දෙනවා.තවත් අවරුදු 2 කක හිටියනම් .......... (ම)
ලංකාවේ දේශපාලනය කරන්න පටන් ගත්තු "පොඩි කොල්ලොත්" පටන් ගත්තේ රුපියල් ලක්ස 66,500 ක් ගසා කාලා. ඒ එක ව්‍යාපෘතියකින් පමණයි. තවත් කුමන කතාද? (නදී)
ලංකාවේ අධිවේගී මාර්ග හදන්න ගත්තු චීන සමාගමේ සභාපති මලයාසියාවේදී කියල තිබුන ලෝකයේ ඕනෑම රටක ව්‍යාපෘති කරද්දී අපි කොමිස් දෙන්න පැකිලෙන්නේ නැහැ.එත් ලංකාවේ තරම් කොමිස් ඉල්ලපු රටක් ලෝකයේ කොහෙවත් නැහැ කියල.පන්සල් ගානේ අවිද්දට,පිරිත් නුල් 100 විතර දා ගත්තට ,ධාතු කරඬුව ඔලුවේ තියල සෙත් පිරිත් කිව්වට දරුවන්ට කන්න දෙන්න නැතිව හඬාවැටෙන ලක්ෂසංඛ්‍යායත දෙමාපියන්ගේ සාපයෙන් මිදෙන්න බැහැ. කවද හෝ දවසක පොලියත් එක්ක ලැබෙනවා. එහෙම නොවුනොත් ආගම් සියල්ලම බොරු. (ස)
තමන්ගේ දරුවාගේ මනදොළ සපුරන්න කියලා මහජන මුදලින් රුපියල් කෝටි 20-25 වටිනා ලැම්බෝගිනි, ෆෙරෙරි,පොර්චේ කාර් 7-8 ගුවන් යානයකින් ගෙනවිත් දුන් රාජ්‍ය නායකයෙක් ඉන්නේ ලෝකයේ මොන රටේද? (නි)
ගණිතය බැරි 'රකිත් ' 2000 X 10 = 20000 නේද? "ගැබිණියක වී මාස හතරේ සිටත් දරුවකු බිහිකර මාස හතරක් අවසන්වනතුරුත් මේ පෝෂණ මල්ල ලබා දෙනවා". (නදී)
තේ කහට කෝප්පය බිල සපත්තු දෙකක් නැතිව පාසල් යන දරුවන් ලක්ෂ කියක් ලංකාවේ ඉන්නවද? දරුවන්ට යන්න වැසිකිලියක් නැති පාසැල් කියක් ලංකාවේ තිබෙනවද? එක පවුලක් රටම සුරාගෙන කෑම මොන තරම් සාපයක්ද? (නදී)
රටේ ගසා කාපු ධනස්කන්දය හොඳින් හෝ නරකින් සති දෙකක් තුළ නැවත ජනතා සතු කරන්න පුළුවන් නායකයෙක් ඉන්නේ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පමණයි. (බ)
රටේ මිනිසුන්ගේ ජිවවන බර අඩු කලොත් ඉපදෙන දරුවන්ගේ බර ඉබේටම වැඩිවේවි. (නදී)
හිටපු අය ගසා කාපු මුදල් ගැන කියන්න ගියොත් පන්සීය පනස් ජාතකයක් ලියන්න වෙනවා. (බ)
යෝෂිත ඇටෝනි බලයක් අරගෙන සාමාන්‍ය ගුවන් යානයකින් ඩුබායි අවේ සඟවා ඇති දනස්කන්දයක් ලෝකයේ වෙනත් රටකට රැගෙන යාමට බව කියැවෙනවා. තවමත් හොරු පස්සේ යන හරක් ඉන්නවනේ අම්මපා.(නදී)
වෙසක් එකට තොරන් ගහන්න ඕනේ හිටපු අය ගසා කාපු පන්සීය පනස් ජාතකය මුල් කරගෙනයි. (නදී)
ගසා කාපු දනස්කන්දය නැවත ජනතා සතු කරනකම්, කම්ඹ හොරුන්ට දැඩි දඩුවම් දෙනකම් අපි බලන් ඉන්නවා. (නදී)
නයනා, මට ගණිතය බැරි බව නම් ඇත්ත. නමුත්, ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වී තිබෙන්නේ සෑම මවකටම දරුවකු ප්‍රසුත කිරීමෙන් පසුව රුපියල් 20,000 ක දීමනාවක් පෝෂ්‍යදායක ආහාර ලබා ගැනීම සඳහා ලබා දෙන බවයි (36වන පිටුව).මා ප්‍රශ්න කළේ මෙයයි. (ම)
ඇමතිතුමා,ඔබගේ කතාව අනුව මෙච්චර කල් කටයුතු හොඳට සිදුවෙලා තියෙනවානේ. අපි වාගේ දියුණුවන රටවල ළදරුවන්ගේ බර 4/5 ක් ම හොඳයි කියන්නේ පහුගිය රජය ඒ ගැන සැළකිල්ලෙන් කටයුතු කරලා මන්දපෝෂණයෙන් තොර බිළින්දන් බිහිකරවා තිබෙන නිසා නේද? ඉතිරි සුළු ප්‍රමාණය නොවේද ඔබට කරන්න තිබෙන්නේ? (නි)
පක්ෂ පාට භේදයකින් තොරව දෙනවලු. ඒ කියන්නේ යටි හිතින් අනිත් පක්ෂයේ අයගේ බර අඩුවෙන්න කියන එකද? අනේ අපේ ලංකාවේ දේශපාලනය! (නි)
නයනා, සමහර අවස්ථාවලදී ඒ කියන්නේ මාස 9න් වගේ දරුවන් ප්‍රසුත වෙනවා නේද? එතකොට, 9 x 2000 = 18,000 ද ලැබෙන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ? (ස)
ඉසුරන්දි, ඇයි කොත්තමල්ලි වල මිල අඩු කරලා තිබෙනවා නේද? (කේ)
මේක කොළඹ අම්මල සහ ගමේ අම්මලාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ගමේ ඉඩ කඩ තියෙද්දිත් පෝෂදායි එළවලු පලා ටිකක් වවා ගන්න දැන් කාලයේ සමහර ගමේ අම්මල උත්සාහ කරන්නේ නැහැ. අපේ ඥාති නංගි කෙනෙක් නුවර පළාතේ හොඳ ඉඩකඩ ඇති වත්තක් සහිත ගෙදරක ඉන්නවා. රැකියාවක් කරන්නෙත් නැහැ. එක ළමයයි ඉන්නේ එයාගෙත් වයස අවුරු 8යි. මහත්තයාගේ ආණ්ඩුවේ පඩිය මදි කියලා කෙඳිරි ගාගත්ත ගමන්. දවාලට ළමය ඉස්කෝලේ ගියාම ඔක්කොම ටෙලි නාට්‍ය බලනවා. නිකම් වත් පොඩි වෙලාවක් සොයාගෙන ස්වයං රැකියාවක් වත් කරන්න හිතෙන්නේ නැහැ. ගම් වල සමහරුන්ගේ ජීවන තත්වය පහල වැටෙන්නේ ඉහවහා ගිය කම්මැලි කමට කියල නොකියාම බැහැ. (බ)
ඩුබායි තිලක් නෙමෙයි පිවිතුරු යහපාලයි මේ තීරුව බදු අරගෙන තියෙන්නේ විවිධාකාර නම් වලින්. (නි)
මේවයේ මේ අදහස් පළකරන බහුතරය ඉන්නේ, කොළඹ නගරයේ සිට කිලෝමීටර් 30ක් විතර වපසරියක් තුළ. මේගොල්ලෝ හිතන්නේ ලංකාව කියන්නේ ඒ පොඩ්ඩ කියලා. මහත්තයෝ, පිටිසර ගමකට ගිහින් බලන්න අම්මෙක් වෙලා පොඩි ළමයෙක් හදා ගන්නවා කියන එක කොච්චර ලොකු අභියෝගයක්ද කියලා. ගැබිණි අම්මලාට පෝෂණය කියන එක අපේ ගම්වල අඩුවෙන් වෙන දෙයක්. හොඳ දෙයක් වුණාම එක එක කණ්නාඩි දාගෙන ඒවා දිහා බලන්න එපා. (නි)
ලියොන් ලංකාවේ ගොඩක් ළමයි උපදින්නේ කිලෝ 2 කට අඩුවෙන් එකයි මන්දපොසන්ය කියන්නේ හරිනම් ලංකවේ ළමයි උපදින්න ඕනි කිලෝ 3.2 කට වැඩියෙන් ළමයිගේ උපත් බරත් එක්ක තමයි දරුවන්ගේ මොලේ වර්දනය වෙන්නේ ඒ තුලින් තමයි රටක බුද්දිමත් දරු පරපුරක් බිහිවෙන්නේ මුවරුන්ට හොද අහර වේලක් ලබා දෙන එක අපි කාගේත් වගකීම් !! (කේ)
ඩුබායි තිලක් මේ තීරුව බදුඅරන්නේ! ඩුබායි තිලක් එදා වගේම ඕපාදුප වෙබ් බලලා ඒවායේ තිබෙන මඩ ඇහින් දැක්කා වගේ ගෙනවිත් ගෙඩි පිරින් මෙතන අතඅරිනවා.ඔය කියන දේවල් පිළිගන්න තරම් දෙකේ පන්තියේ පොඩි එව්වෝ මේ තීරුවේ නැහැ මහත්තයෝ.කොහොම වුණත් මේ බොරු වලට නම් ඔහෙට අවීචි මහා නරකාදියේ ඉඩක් නම් යම රජ්ජුරුවෝ දැන් ඉඳලම වෙන්කරගෙන ඇති (නි)
ඉතින් පිවිතුරුත් දිගට හරහට ලියන්නකෝ. නිකන් ආඩපාලි කියන්නේ නැතිව . (කේ)