දරුවන්ගේ යහපත සුබ සිද්ධිය හා රැකවරණය වෙනුවෙන් සකස් කර තිබෙන දරුවන්ගේ අධිකරණ රැකවරණ පනත ළඟදිම ගෙන එන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පනතක් බවට සම්පාදනය කිරිම දැනට සිදු කරගෙන යන බවත් සඳහන් කළේය.
නඩුව පවතිද්දී ඔවුන්ගේ රැකවරණය සලසාදීම යන කාරණා සියල්ලක්ම මෙම පනත මගින් ඉටුවන බවත් ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රියා නාවින්න. ඔබ කියන්නා වැනි දේවල් කිරිබත්ගොඩ බාලිකා පාසලේ සිදුවෙනවාලු. නමුත් දෙමවුපියන් ඒවා කීමට යන්නේ නැහැ. බයට. මොකද්ද බය.? දරුවාට වෙනස්කම් කරයි කියා බයට. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහතාණනි. මා කියන්නේ පාසල් වල ගුරුවර ගුරුවරියන්ට චර්යා රටාවක් හඳුන්වාදී ඒ අනුව කටයුතු කරන්න යොමු කරවන්න. (බ)
ළමා දුෂකයන්ට මරණ දඩුවම හෝ ජිවිතාන්ත සිරදඩුවම් ගෙනෙන නීති සකසන්න . (හේ)
මොන පනත් ආවත් දෙමව්පියෝ ඇහැ ගහගෙන නොහිටියොත් ඉවරයි (බ)
ඇමැතිතුමා එල්ලුම්ගහ යලි ගෙනෙන්න. (බ)
මේ පනත් ගොඩ ගැහුවම වෙන්නේ හැමදේටම උසාවි දුවන එක. කුඩා කල සිටම ආකල්ප හදන්න අධ්‍යාපනයයි නිවැරැදි කරන්න ඕනෙ. එහෙම නැතුන නිති හදන්න හදන්න වෙන්නේ මේවා වැඩි වෙන එක. (බ)
දරුවො බලාගන්න හැටි දෙමව්පියන්ව දැනුවත් කරන්න. එය මීට වඩා හොදයි. නැත්නම් දරුවොත් අම්මා තාත්තට එරහිව නඩු කියන සම්ප්‍රදායක් අපේ රටේ බිහිවෙන්න බැරි නැහැ. දැන් පාසැල් වල වෙලා තියෙන්නේ. පොඩි දඩුවමක් දෙන්නත් බයයි ගුරුවරු. ඒ නිසා දැක්ක නොදැක්කා වගේ ඉන්නවා මේ නිති නිසා. (බ)
මුළු රටම බාල මහළු භේදයකින් තොරව නඩු කියන්න පුරුදු කරන්නද මේ තතනන්නේ? (බ)
මේකෙ හරය මොකක්ද? දරුවො රකින්න ඕන තරම් නිති දැනටමත් තියෙනකවා නේද? ඒවා හරියට ක්‍රියාත්මක කරන්නෙ නැතුව තව නිති පනත් ඇයි? (බ)
ඇමතිතුමා ස්ත්‍රි දූෂකයන්ට, මිනිමරුවන්ට ගැලවිලා යන්න බැරි වෙන්න නිතිය තද කරන්න. උන්ව නලවා නලවා මේවා කරලා වැඩක් නැහැ. (බ)
අපේ රටේ දෙමාපිය දූදරු සම්බන්ධය බොහොම දුර්වලයිද? මේ තරම්ම පහළට වැටිලද? (බ)
කරු මහතා හරි. මම දන්න ගුරුවරු කිහිප දෙනෙක්ම ශිෂ්‍යයින්ට දඩුවමක් කරන්නෙ නැහැ ප්‍රශ්න ඇතිවෙයි කියලා බයට. මේ නීති නිසා දෙමව්පියන්ට තමන්ගෙ දරුවන්ට බය වෙලා ඉන්න වෙයිද දන්නෙ නැහැ. (බ)
"නඩුව පවතිද්දී ඔවුන්ගේ රැකවරණය සලසාදීම" කියන්නේ මොකක්ද? (බ)
පාසැල් නොයන දරුවන්ට පාසැලක් දෙන්න, දුෂ්කර ගම්මාන වල දරුවන්ට ප්‍රවාහන පහසුකම් ලයිට් දෙන්න. වැඩපිළිවෙළක් සකස් කරන්න. (බ)
අලුත් පනත්වල මුවාවෙන් මැතිවරණය කල් දම දමා ඉන්න. (ස)
මෙහෙම පනතක් ඕනෙ කියලා කවුරුත් ඉල්ලුවද? මමනම් දන්නෙ නැති නිසයි අහන්නේ? (ස)
සමහර රටවල නිති අනුව දෙමව්පියන්ට දරුවන්ව හුරතල් කරන්න, සිප ගන්නත් බැහැ නිදහසේ. ඒකත් ලිංගික අපයෝජනය කියලා සලකන්නේ. අපේ රටෙත් ඒ තත්වට එයිද? (ස)
ගුරුවරුන්ට වෙච්ච වැඩේ දෙමාපියන් වෙච්ච අපිටත් වෙන්නයි යන්නේ. (ස)
පාරෙ ඉන්න දරුවන්ට උගන්වන්න, යහමග ගේන්න ක්‍රමයක් හදන්න මිට වඩා පින්. මිට වඩා ප්‍රතිඵලදායකයි. මිට වඩා රටට අවශ්‍යයි. (ස)
ජනතාවට පොරොන්දු වුනු පනත් ටික ගෙනල්ලා ඊට පස්සෙ ඉල්ලපු නැති ඒවා ගෙනාවනම් තමයි හොඳ (බ)
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න පිට කොන්දක් නැහැ. දැනට තියන නීති හරියට ක්‍රියාත්මක කරලා පෙන්නන්න. (ස)
දරුවන් වෙනුවෙන් කතා කරන නිසා මේ ටිකත් අහන්නකො. කිරිබත්ගොඩ ගැහැණු ළමුන් සඳහා ඇති ප්‍රසිද්ධ විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ සිසු දැරිවියක පන්ති කාමරය තුළදී අසනීප වී වමනය කල විට ඒ දැරිවිය ලවාම වමනය පන්තියෙන් ඉවත් කරවීමට ගුරුවරියක කටයුතු කර තිබේ. පහසුකම් ගාස්තු ගෙවා පිරිසුදු කිරීමේ කටයුතුවලට කාන්තාවන් තිදෙනෙකු සිටියදීත් ඔවුන් කැඳවා වමනය ඉවත් කොට නැත. අසනීප දැරිය පහලට යමින් වැලි ගනවිත් දමමින් වමනය ඉවත්කොට පිරිසුදු කරවා ගෙන ඇත. (ම)
ශ්‍රියා නාවින්න, කෙවින් කියන දේ හරි. මෙන්න මේ වගේ දේවල් ගැන හොයලා බලන්න. (ර)
ළමයින්ගේ සමහර ප්‍රශ්න වලට දෙමව්පියෝත් වග කියන්න ඕනෑ (ම)