කොළඹ ආනන්ද විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුගේ පහර කෑමට ලක් වූ තම දරුවාට සාධාරණයක් කරන්නැයි එම විද්‍යාලයයේම ආදි සිසුවකු වන උපාලි ජයවර්ධන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
කිසිදු වග විභාගයකින් තොරව දරුවාට පහර දී ඇති බවත්, පහර කෑමෙන් පසු පාසලේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් බෙහෙත් වර්ග තුනක් බොන්නට දී ඇති බවත්, පසුව දරුවාට වමනය ගොස් ඇති බවත් ජයවර්ධන මහතා විසින් අගමැතිට යැවුණු ලිපියේ සඳහන්ය.
දරුවාට පහර දුන් බව දැනගත් පසු තමා පාසලට ගොස් විදුහල්පති හමුවූ බවද, දරුවා ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස විදුහල්පති පැවසූ බව ද, එතැනට ආ දරුවාට පහර දුන් නියෝජ්‍ය විදුහල්පති තමාට ද බැණ වැදුණු බව ද, ඔහු දින දෙකක් රෝහලේ ප්‍රතිකාර ලැබූ බව ද පියා සඳහන් කරයි.
සිද්ධිය යටපත් කරන්නැයි දිගින් දිගටම බලපෑම් එන බව කියන උපාලි ජයවර්ධන මහතා කීර්තිමත් පාසලක් වන ආනන්ද විද්‍යාලයයේ මෙවන් සිද්ධියක් යළි ඇති නොවීමට මේ ගැන සාධාරණ විමර්ශනයක් කරන්නැයි අගමැතිගෙන් ඉල්ලා තිබේ.
මේ අතර පසුගිය පස් වැනි දා පාසලේ දී හය ශ්‍රේණියේ සිසුවකු ගුරුවරයකුගේ වාහනයක ගැටීමේ සිද්ධිය ගැන ද විමර්ශනයක් පවත්වන්නැයි අදි ශිෂ්‍ය සංගමයේ 75-80 කණ්ඩායම විදහල්පතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
මේ සියලු සිද්ධි ගැන සාධාරණ විමර්ශනයක් කරන්නැයි ලංකා ගුරු සංගමය ද ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරින් පාසැලට එන දරුවාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම නැවත පාසැලෙන් පිටවන තෙක් පාසැල් බලධාරීන් සතුයි. මේක හුඟක් අය තේරුම් ගෙන නැහැ. මේ පාසැලේ මීට පෙරත් හදිසි අනතුරකින් දරුවෙක් මිය ගියා. ඒත් කිසිවකුට විරුද්ධව නීතිමය පියවරක් නැහැ. දරුවෙක් හදා ගන්න දඬුවම් දීම වෙනම එකක්. ඒත් උදේ යහතින් පාසැලට යන දරුවා පාසැලේදී පහර කා රෝහල් ගත වීම හෝ මරණයට පත් වීම තවත් එකක්. (ර)
මේ රටේ මෙතෙක් කල් දෙමව්පියන්ට හැකියාවක් තිබුනා දරුවට තට්ටම පෙදෙසට පමණක් පහරක් ගැසීමට. නමුත් ලගක ඉඳලා එයත් නීතියෙන් තහනම් දරුවා හීනමාන තත්වයට පත් වීමයි හේතුව. පාසල් වල ළමයින්ට අත තියන්න බැහැ. (ර)
අපි කව්රුත් තේරුම් ගත යුතු දෙයක් තමයි පසුගිය පාලනය යටතේදී මේ රටේ හැම ආයතනයක්ම දුෂිත දේ වුනා. පාලකයෝ දුෂිත වෙනකොට එම අයහපත් ලක්ෂණ පහලට ගලාගෙන යනවා. මේක පාසල් අධ්‍යාපනයටත් දරුණු විදියට බලපාල තියෙනවා. මේවා නිවැරදි වෙන්න තව ටික කලක් යාවි කියලයි මම හිතන්නේ. මේ ජනාධිපතිතුමා මේ වෙනකොට තමන්ගේ ක්‍රියාවලින් පෙන්වල තියෙනවා දුශිතවලින් තොර, ඔලුව උදුම්ම ගන්නේ නැතිව, රජෙකුට අඳින්නෙත් නැතිව යහ පාලනය වෙනුවෙන් එතුමාගේ තියෙන කැපවීම. තව ටික කාලයකින් මේවා බොහොමයක් නිසි මාර්ගයට ගන්න එතුමාට පුළුවන් වේවි.(නදී)
මුහුණු පොතේ බබාලට ගුරුවරයෙකුගේ අගය වටහා දෙන්න යාම මෝඩකමක්.හරිහරි චාමික,ඔයා දෙපයින් නැඟීහිටලා ඔයාගේ දරුවන්ට කියලා දෙන්න ගුරුවරයා මේ කණට ගැහුවොත් එයාගේ අනෙක් කණට ගහන්න.කවදාහරි එයා ඊටපස්සේ ඔයාගේ කන් දෙකටම ගහයි එයා ළඟ දණින් වැටෙන්න.. (නි)
මෙහෙම ගියානම් ඉතින් දැනට තියෙන පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතනවල තත්වයටම පාසලුත් පත්වෙයි වගේ. (ම)
දේශපාලන පත්වීම් ලද ජාතික පාසල්වල සිටින සියලුම විදුහල්පතිවරුන් මාරු කිරීම ඉතාමත් සුදුසුයි (ම)
ආනන්දයට ගිය කලක්. කව්ද මේවට වග කිවයුත්තා? (ස)
මාගේ දරුවත් යන්නේ ආනන්ද විදුහලට .ඔය වගේ ඔලුව ඉදිමිච්ච ගුරුවරු කිහිපදෙනෙක් ඉන්නවා .අනික ශිෂ්‍ය නායකිනුත් අනවශ්‍ය විදියට අනෙක් සිසුන් පාලනය කරනවා. (ස)
මේ විදුහල්තිවරු හිතං ඉන්නවා එති තවම බන්දුල ගුණවර්ධන තමා අධ්‍යාපන ඇමති කියල. (ම)
සිංහල බෞද්ධ පාසලක් වන ආනන්දයට වින කරන්න ගොඩක් අය බලන් හිටියා. ඉස්සර කොටින්ගේ ප්‍රධාන ඉලක්කයක් වුණේ ආනන්දය. එම නිසා පරිස්සමින් වැඩ කරන්න (ම)
දේශපාලන පත්වීම් ලද විදුහල්පතිවරු විතරක් නෙවෙයි දේශපාලන ලැයිස්තු වලින් ඇතුලත් වූ ළමයින්ද අයින් කළ යුතුය (ම)
ශිෂ්‍ය නායකයොත් ගුරුවරුන්ට වඩා බලතල අතට අරන් කටයුතු කරනවා, සමහර ගුරුවරු මේවට අනුබල දෙනවා. මෙයින් ළමයින්ට පාසැල එපා වෙනවා (ම)
යහපාල උන්නැහේ, අනේ මට කියනවද ළමයෙක් වාහනයට හැපුනහම ඒක හංගලා ඔබේ ගුරුවරුන් දුන් ආදර්ශ ඔබගේ ජීවිතයට වැදගත් වුණේ කොහොමද කියලා. (නි)
රටේ නීතිය අනුව ක්‍රියා කරන්න. අගමැතිගේ මැදිහත්වීමක් අවශ්‍ය නෑ. ළමයෙක් වාහනයක හැප්පුනාම පොලිසිය නික්ම ඉන්නවා එතකොට. (ර)
අපිත් ඔය ස්කෝලෙට ගියා. 80 දශකයේදී. ගුරුවරුන්ගෙන් අම්බානක ගුටි කෑව. සර්ගෙන් කනේ පාරක් නොකාපු, වෙවල්පාරක් නොකාපු ළමයෙක් ඒකාලේ හිටියනම් ඒක පුදුමයක්. අද වගේ ගුරුවරයෙක්ගෙන් සිසුවෙක් ගුටි කන එක මදිකමක් කියලා හිතපු සිසුන්වත් දෙමව්පියන්වත් එදා හිටියේ නැහැ. දැන් බෝවෙලා තියෙන්නේ අමුතු විලාසිතාවක්. ගුරුවරයෙක් ගහපු ගමන් අම්මල තාත්තලා දුවන්නේ මුලින්ම පොලිසියට. දුක මේ ස්කොලේටම ගිය කෙනෙක් වීම. (ර)
යහපාල අම්බානෙකට කාපු ගුටි වලට තමයි කොන්දක් නැතිව තවමත් දනින් වැටිලා ඉන්නේ. එහෙම දනින් නොවැටෙන අදීන නිර්භීත පරම්පරාවක් දකින්න යහපාල නොහොත් බන්දුල පෙරේරා කැමති නැහැ.(නදී)
පිවිතුරු යහපාල හොඳ ඉස්කොලවල්වල ඔයාලා වගේ අයත් ඉන්නවා.ඉස්කෝලේ වැරැද්ද නෙවෙයි.(නදී)