IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දරුවාගේ මරණය සැකයි

කරාපිටිය රෝහලේදී පසුගිය 12 වැනිදා සෙෆ්ට්‍රිඇක්සෝන් නමැති ප්‍රතිජීවක එන්නතක් විෂවීමෙන් මියගියා යැයි පැවසූ හීන්පැන්දල කවීෂා හංසනී ජයවර්ධන නමැති නම හැවිරිදි දැරියගේ මරණයට රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය වගකිවයුතුයැයි පවසමින් මව සහ පියා මරණය සම්බන්ධව යළි සාක්ෂි කැ‍ඳවන ලෙස ගාල්ල හදිසි මරණ පරීක්ෂක බී.එන්.ජී.කරුණාතිලක මහතාගෙන් ඉල්ලා ඇත. හදිසි මරණ පරීක්ෂකවරයා පවසන්නේ ඔවුන්ගේ ඉල්ලීමට අනුව ඉක්මණින් ම මරණය සම්බන්ධ යළි සාක්ෂි කැ‍ඳවන බවයි.



අදහස් (0)

දරුවාගේ මරණය සැකයි

අමිල කටුනායක Wednesday, 24 October 2012 06:46 AM

මින් ඉදිරියටවත් කිරිම දෙමාව්පියෙකුට මෙවැනි දුකක් නොවේවා (ස)

:       0       0

කිවි Wednesday, 24 October 2012 06:59 AM

මීට කලිනුත් ඔහොම වුණා. කවුරුත් වැරදිකාරයෝ කරලා දඩුවම් දීලා තියෙනවද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 01:56 PM

මට ඔහොම අසාධාරණයක් වුණානම් මම හොඳ වැඩක් කරනවා (ස)

:       0       0

මාලි Wednesday, 24 October 2012 07:08 PM

කවුරු කොහොම කිවුවත් ආණ්ඩුවේ රෝහල් වල දොස්තරලා බොහොමයක් ලෙඩ්ඩුන්ට කතා කරන්න දන්නෙ නැහැ. හෙදියන්ඊට හපන්. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 24 October 2012 08:09 AM

'දැං ඉතිං මොන පරීක්ෂණය කළත් වැඩක් නැහැ' කියන එක වැරදියි. මේ වැරැද්ද වුණේ රෝහලේ අතපසුවීමකින් නම් ඒකට වග කිවයුතු අය ඉන්න ඕනෑ. ඒ අයට දඬුවම් දෙන්න ඕනෑ අතපසු වීමේ වැරැද්දට. එහෙම නැත්නම් හැම වැරද්දකදීම 'දැන් ඉතින් මොක කළත් වැඩක් නැහැ' කියලා බොහොම පහසුවෙන් මග ඇරලා ඉන්න පුළුවන්. එහෙම වුණහම වැරැද්ද කළ කෙනා හොඳින් ඉන්නවා. වැරැද්දෙන් පාඩු වෙච්ච මිනිහ දුක් විඳිනවා. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 24 October 2012 08:24 AM

දරුවා නැති දුකට අම්මටයි තාත්තටයි වාව ගන්න බැහැ ඒකයි මේ සේරම නමුත් මොන දේ කලත් වැඩක් නැහැ ඒ දරුව මේ ‍ලොව දාල ගිහින් ගොඩක් දවස් අම්මේ තාත්තේ පිංකමක් හරි කරල අමාරුවෙන් හරි හිත හදා ගන්න (ස)

:       0       0

නදී Thursday, 25 October 2012 10:42 AM

හොදම දේ වන්නේ මේ සම්බන්ධයෙන් නිසි පරික්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 24 October 2012 02:56 PM

http://swijeweera.blogspot.com/2012/10/blog-post.html කරුණාකර මේ ලින්ක් එකට ගොස් බලන්න. දරුවාට කල හැකි ලොකුම උපහාරය නම් මෙවන් දෙයක් මින් මතු සිදු නොවීමට මෙහි සිදුවුණ වරද සොයා අදාළ අයට විරුද්ධව පියවර ගෙන, මේ සිද්ධිය පූර්වාදර්ශයක් ලෙස ඉතිරි කිරීමයි. දොස්තරලා හෙදියෝ විනය පරීක්ෂණ වලට විරුද්ධව ස්ට්‍රයික් කරාවි කියන කතාව ඉස්පිරිතාල සංහතිය ගැනම කෝපයක් තිබෙන කවුරු හෝ මැට්ටෙකුගේ මෝඩ කතාවක්. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවුරුද්දකට කී දෙනෙකුට විනය පියවර ගන්නවාදැයි මේවා ලියන කට්ටිය දන්නවාද? (ස)

:       0       0

ගංගා Wednesday, 24 October 2012 03:00 PM

"උදය 2012-10-24 11:06:26 ඕකට දඩුවම් දීපු දවසට හෙද සංගමය , වෛද්‍ය සංගමය වර්ජනය කරාවි." වරදක් ඔප්පුවී දඬුවම් ලැබූ හෙදියක් හෝ වෛද්‍යවරයෙකු වෙනුවෙන් සංගමයක් වැඩ වැරූ එක අවස්ථාවක්වත් ඔබ දන්නවාද? නිකම් මෝඩ කතා කියන්න එපා. කියන දේ වගකීමක් ඇතිව කියනවානම් නේද හොඳ? (නි)

:       0       0

වරුණ Wednesday, 24 October 2012 08:34 AM

දැන් කවුරු මොනවා කිවුවත් ඒ දෙමවුපියන්ට තමන්ගේ දරුවාව නැති වෙලා ඉවරයි. (නි)

:       0       0

චතූ Wednesday, 24 October 2012 09:01 AM

දරුවට නිවන් සුව අත්වේවා ! මේවගේ වැරදි මින් මතු නොවේවා!! (ස)

:       0       0

ජයම්පති Wednesday, 24 October 2012 03:26 PM

ඉන්ද්‍රජිත්, මම ඔබ සමඟ සම්පුර්ණයෙන් එකඟයි.මේවට අදහස් දක්වන අයගෙන් වැඩි දෙනෙක් කරුණු හරි හැටි අවබෝධ කරගෙන නොවෙයි අදහස් දක්වන්නේ.ඔවුන්ගෙ මානසිකත්වය ‍හොඳින් තේරුම් ගන්න පුළුවන්. (ස)

:       0       0

රූපා Wednesday, 24 October 2012 09:37 AM

දොස්තර බෙහෙතක් ලිවුවට දෙන්නේ හෙදියන්. ඒ සම්බන්ධව එයාලටත් හරි දැනුමක් තිබිය යුතුයි. ඒ දැනුම නැතිවුණහම වන්දි ගෙවන්නේ අසරණ දෙමවුපියන්. (නි)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 10:08 AM

මෙවැනි අවාසනාවන්ත මරණ ඉදිරියෙදිත් නොවීමට පිළියම් යෙදිය යුතුයි (ස)

:       0       0

චලිත Wednesday, 24 October 2012 10:08 AM

පව් අහිංසක ජිවිතයක් මොනදෙ කලත් වැඩක් වෙන්නේ නෑ... එත් වරදකට දඩුවම් ලැබිය යුතුමයි.. (ස)

:       0       0

යසිනා Wednesday, 24 October 2012 10:23 AM

ඒ දරුවා වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම පින්කම තමයි මරණය වූ ආකාරය රටට හෙළි කිරීම. (නි)

:       0       0

තුවාන් ෂෙරිෆ් Tuesday, 23 October 2012 10:25 PM

දැං ඉතිං මොන පරීක්ෂණය කළත් වැඩක් නැහැ... දැරිය අහිමි වීමෙන් පසුව..!(නු)

:       0       0

දයා-සවුදි Wednesday, 24 October 2012 11:13 AM

ඒ දරුවා ගෙනා ආයුෂ එපමණයි. වෛරයට ඉඩදෙන්න එපා. (නි)

:       0       0

උදය Wednesday, 24 October 2012 11:06 AM

ඕකට දඩුවම් දීපු දවසට හෙද සංගමය , වෛද්‍ය සංගමය වර්ජනය කරාවි. වැරැද්ද කාගේ අතේ උනත් වර්ජනය කරන එක දැන් ලංකාවේ සංස්කෘතියක් (ස)

:       0       0

ජගත් Tuesday, 23 October 2012 10:32 PM

http://www.nlm.nih.gov/medlineplus/druginfo/meds/a685032.html (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site