කරාපිටිය රෝහලේදී පසුගිය 12 වැනිදා සෙෆ්ට්‍රිඇක්සෝන් නමැති ප්‍රතිජීවක එන්නතක් විෂවීමෙන් මියගියා යැයි පැවසූ හීන්පැන්දල කවීෂා හංසනී ජයවර්ධන නමැති නම හැවිරිදි දැරියගේ මරණයට රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය වගකිවයුතුයැයි පවසමින් මව සහ පියා මරණය සම්බන්ධව යළි සාක්ෂි කැඳවන ලෙස ගාල්ල හදිසි මරණ පරීක්ෂක බී.එන්.ජී.කරුණාතිලක මහතාගෙන් ඉල්ලා ඇත. හදිසි මරණ පරීක්ෂකවරයා පවසන්නේ ඔවුන්ගේ ඉල්ලීමට අනුව ඉක්මණින් ම මරණය සම්බන්ධ යළි සාක්ෂි කැඳවන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක ජිවිතයක් මොනදෙ කලත් වැඩක් වෙන්නේ නෑ... එත් වරදකට දඩුවම් ලැබිය යුතුමයි.. (ස)
හොදම දේ වන්නේ මේ සම්බන්ධයෙන් නිසි පරික්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමයි. (නි)
කවුරු කොහොම කිවුවත් ආණ්ඩුවේ රෝහල් වල දොස්තරලා බොහොමයක් ලෙඩ්ඩුන්ට කතා කරන්න දන්නෙ නැහැ. හෙදියන්ඊට හපන්. (නි)
ඉන්ද්‍රජිත්, මම ඔබ සමඟ සම්පුර්ණයෙන් එකඟයි.මේවට අදහස් දක්වන අයගෙන් වැඩි දෙනෙක් කරුණු හරි හැටි අවබෝධ කරගෙන නොවෙයි අදහස් දක්වන්නේ.ඔවුන්ගෙ මානසිකත්වය හොඳින් තේරුම් ගන්න පුළුවන්. (ස)
"උදය 2012-10-24 11:06:26 ඕකට දඩුවම් දීපු දවසට හෙද සංගමය , වෛද්‍ය සංගමය වර්ජනය කරාවි." වරදක් ඔප්පුවී දඬුවම් ලැබූ හෙදියක් හෝ වෛද්‍යවරයෙකු වෙනුවෙන් සංගමයක් වැඩ වැරූ එක අවස්ථාවක්වත් ඔබ දන්නවාද? නිකම් මෝඩ කතා කියන්න එපා. කියන දේ වගකීමක් ඇතිව කියනවානම් නේද හොඳ? (නි)
http://swijeweera.blogspot.com/2012/10/blog-post.html කරුණාකර මේ ලින්ක් එකට ගොස් බලන්න. දරුවාට කල හැකි ලොකුම උපහාරය නම් මෙවන් දෙයක් මින් මතු සිදු නොවීමට මෙහි සිදුවුණ වරද සොයා අදාළ අයට විරුද්ධව පියවර ගෙන, මේ සිද්ධිය පූර්වාදර්ශයක් ලෙස ඉතිරි කිරීමයි. දොස්තරලා හෙදියෝ විනය පරීක්ෂණ වලට විරුද්ධව ස්ට්‍රයික් කරාවි කියන කතාව ඉස්පිරිතාල සංහතිය ගැනම කෝපයක් තිබෙන කවුරු හෝ මැට්ටෙකුගේ මෝඩ කතාවක්. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවුරුද්දකට කී දෙනෙකුට විනය පියවර ගන්නවාදැයි මේවා ලියන කට්ටිය දන්නවාද? (ස)
මට ඔහොම අසාධාරණයක් වුණානම් මම හොඳ වැඩක් කරනවා (ස)
ඕකට දඩුවම් දීපු දවසට හෙද සංගමය , වෛද්‍ය සංගමය වර්ජනය කරාවි. වැරැද්ද කාගේ අතේ උනත් වර්ජනය කරන එක දැන් ලංකාවේ සංස්කෘතියක් (ස)
ඒ දරුවා ගෙනා ආයුෂ එපමණයි. වෛරයට ඉඩදෙන්න එපා. (නි)
ඒ දරුවා වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම පින්කම තමයි මරණය වූ ආකාරය රටට හෙළි කිරීම. (නි)
දැං ඉතිං මොන පරීක්ෂණය කළත් වැඩක් නැහැ... දැරිය අහිමි වීමෙන් පසුව..!(නු)
මෙවැනි අවාසනාවන්ත මරණ ඉදිරියෙදිත් නොවීමට පිළියම් යෙදිය යුතුයි (ස)
දොස්තර බෙහෙතක් ලිවුවට දෙන්නේ හෙදියන්. ඒ සම්බන්ධව එයාලටත් හරි දැනුමක් තිබිය යුතුයි. ඒ දැනුම නැතිවුණහම වන්දි ගෙවන්නේ අසරණ දෙමවුපියන්. (නි)
දරුවට නිවන් සුව අත්වේවා ! මේවගේ වැරදි මින් මතු නොවේවා!! (ස)
දැන් කවුරු මොනවා කිවුවත් ඒ දෙමවුපියන්ට තමන්ගේ දරුවාව නැති වෙලා ඉවරයි. (නි)
දරුවා නැති දුකට අම්මටයි තාත්තටයි වාව ගන්න බැහැ ඒකයි මේ සේරම නමුත් මොන දේ කලත් වැඩක් නැහැ ඒ දරුව මේ ලොව දාල ගිහින් ගොඩක් දවස් අම්මේ තාත්තේ පිංකමක් හරි කරල අමාරුවෙන් හරි හිත හදා ගන්න (ස)
'දැං ඉතිං මොන පරීක්ෂණය කළත් වැඩක් නැහැ' කියන එක වැරදියි. මේ වැරැද්ද වුණේ රෝහලේ අතපසුවීමකින් නම් ඒකට වග කිවයුතු අය ඉන්න ඕනෑ. ඒ අයට දඬුවම් දෙන්න ඕනෑ අතපසු වීමේ වැරැද්දට. එහෙම නැත්නම් හැම වැරද්දකදීම 'දැන් ඉතින් මොක කළත් වැඩක් නැහැ' කියලා බොහොම පහසුවෙන් මග ඇරලා ඉන්න පුළුවන්. එහෙම වුණහම වැරැද්ද කළ කෙනා හොඳින් ඉන්නවා. වැරැද්දෙන් පාඩු වෙච්ච මිනිහ දුක් විඳිනවා. (නි)
මීට කලිනුත් ඔහොම වුණා. කවුරුත් වැරදිකාරයෝ කරලා දඩුවම් දීලා තියෙනවද? (නි)
මින් ඉදිරියටවත් කිරිම දෙමාව්පියෙකුට මෙවැනි දුකක් නොවේවා (ස)
http://www.nlm.nih.gov/medlineplus/druginfo/meds/a685032.html (නි)