විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා සම්මන්ත්‍රණයක දී සඳහන් කළ කරුණු ඇසුරිනි
ප්‍රශ්නය - තුන් හැවිරිදි දරුවා නිතරම උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙයි ?
පිළිතුර - බොහෝ අවස්ථාවලදී උණ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවෙයි. බොහෝ විට උණට හේතුව වෛරස් ආසාදනයයි. යම් වෛරසයකින් රෝගී වුණ දරුවකු නැවත තවත් වෛරසයකින් රෝගී වීමට පිළිවන. එම නිසා දරුවා වෛරස් තත්ත්වයන්ගෙන් බේරා ගැනීම කළ යුතුයි. ඒ සඳහා දරුවා සෙනග ගැවසෙන ස්ථානවලට අනවශ්‍ය ලෙස රැගෙන යාමෙන් වළකින්න. විශේෂයෙන් ම නිතර අත සේදීමට දරුවා හුරු කරන්න. දෙමව්පියන් වැඩිහිටියන් පිටතට ගොස් එන විට දී දෑත සෝදා දරුවා වෙත යා යුතුයි. ආසාදන පවතින දරුවන් එම තත්ත්වය සුව වනතුරු ළදරු පාසල් යැවීමෙන් වළක්වාගත යුතුයි. වෛරස් මූළික කරගෙන පැතිරෙන රෝග සඳහා විටමින් වර්ග ලබාදීම මුදල් නාස්තියකි. විශේෂයෙන් ම විටමින් සී දීමෙන් වැඩක් වන්නේ නැත. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න
ප්‍රශ්නය - හත් හැවිරිදි දරුවෙකි. පසුගිය දා උණ සමග වලිප්පුව (ෆිට්) සෑදුණා. කළයුත්තේ කුමක් ද ?
පිළිතුර - දරුවාට සෑදුණේ උණ වලිප්පුව නොවන බව හැඟී යයි. එම තත්ත්වය හට ගන්නේ මාස හයේ සිට අවුරුදු හය දක්වා දරුවන්ටයි. වහාම විශේෂඥ වෛද්‍ය උපදෙස් ගන්න
ප්‍රශ්නය - අළුත ඉපදුණු මගේ දරුවාට මව්කිරි ප්‍රමාණවත් නැතැයි හැඟෙයි. කළ යුත්තේ කුමක් ද ?
පිළිතුර - අළුත උපන් දරුවාගේ ආහාරය ලෙස මව්කිරි පමණක් දරුවාට ප්‍රමාණවත්. දරුවාට මාසය ඉක්මවා ඇත්නම් මව්කිරි ප්‍රමාණවත්ව ලැබෙන්නේ ද යන්න නිගමනය කරන්නේ බර කිරීමෙනි. අවර්ණ ( වර්ණයක් නැති ) මුත්‍රා පහ කිරීමේ අඩුවක් හෝ බර වැඩිවීමක් නොමැති නම් වෛද්‍ය උපදෙස් අත්‍යාවශ්‍යයි.
ප්‍රශ්නය - අවුරුදු එකහමාරක දරුවෙකි. බර වැඩි නොවේ. හේතුව ආහාර ගැනීමේ අඩුවක් ද ?
පිළිතුර - බර අඩුවීමට හේතුව ආහාර ගැනීමේ අඩුවක් ලෙස නිගමනයට පැමිණීම නුසුදුසුය. දරුවාගේ මුත්‍රාවල විෂබීජ ඇතිදැයි පිරික්සීම සහ තෛරොක්සීන් හෝමෝනය නිසි පරිදි පවතීදැයි පරීක්ෂා කළ යුතුයි. එම නිසා දරුවා වහාම විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන්න.
ප්‍රශ්නය - සිව් හැවිරිදි දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ප්‍රතිකාර ලබමින් පසුවෙයි. නියුමෝනියා වැනි භයානක තත්ත්වය ඊට හේතුවක් ද යන්න ගැන සැකයක් මතුවෙයි.
පිළිතුර - සැකය දුරුකර ගැනීමට ඇති හොඳම පිළියම වෛද්‍යවරයකුට දරුවා යොමු කිරීමයි. ඊට අමතරව දරුවාගේ හුස්ම ගැනීමේ වේගය පෙරට වඩා වැඩිවීමට ආහාර ගැනීමේ ප්‍රමාණය වෙනදාට වඩා ප්‍රමාණයේන අඩකට වඩා අඩු කිරීම දරුවා අධික නිදිමත ගතියෙන් පෙලීම, හුස්ම ගැනීමේ දී පපුව ඇතුළට නෙරායාම යනාදී ලක්ෂණ ඇත්නම් දරුවාට සෙම්ප්‍රතිශ්‍යාවට අමතරව නියුමෝනියාව වැනි රෝගයක් වැළඳී ඇතැයි සැක කළ හැකියි.
ප්
රශ්නය - තුන්මාසයක බිළිඳෙකි. දරුවාගේ කණ නිතිපතා පිරිසිදු කළ යුතු ද ? කළ යුත්තේ කෙසේ ද ?
පිළිතුර - මේ වයසේ දරුවන්ගේ කර්ණපට හා පටලය (කන් බෙරය) පිහිටා ඇත්තේ වැඩිහිටියන්ට වඩා බාහිරව ඉතා සමීපවයි. කණ පිරිසිදු කිරීමේට කොට්න්බඩ් පාවිච්චි කිරීමෙන් කන්බෙරය සිදුරු වුණ අවස්ථා එමටයි. වෛද්‍ය උපදෙසකින් තොරව කණ පිරිසිදු කිරීමෙන් වළකින්න
ප්‍රශ්නය - හයමස් වියැති දරුවෙකි. දැන් නොනවත්මා හඬයි. අප කළ යුත්තේ කුමක් ද ?
පිළිතුර - දරුවා නොනවත්වාම හැඬීමෙන් අදහස් කරන්නේ අපහසුතාවයෙන් පෙළෙන බවයි. එම නිසා පැයකට දෙකකට වඩා නොනවත්වා හැඬීම විශේෂඥ වෛද්‍ය උපදෙස් ලැබීම අනිවාර්ය වන්නකි.
ප්
රශ්නය - තුන් හැවිරිදි වියේ පසුවන දරුවෙකි. කථා කරන්නේ වචන කිහිපයකි.
පිළිතුර - සාමාන්‍යෙයන් දරුවකු වයස අවුරුද්දේ දී “අම්මා“ “තාත්තා“ ලෙස වදන් කියයි. වයස අවුරුදු දෙක වනවිට ගලපා වාක්‍යයක් කියයි. උදාහරණයක් ලෙස මම ගෙදර යනවා. වැනි දේ කීමට හැකියාව පවතී. එසේ කතා නොකරයි නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය.
ප්‍රශ්නය - සිව් හැවිරිදි දරුවෙකි. ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී බොහෝ අවස්ථාවල දී නිරුත්තර වෙයි.
පිළිතුර - දරුවකු ප්‍රතිචාර දැක්වීමට දරුවාගේ හේතූන් මෙන් ම බාහිර පරිසරයේ හේතූන් ද බලපායි. කණ හොඳින් නොඇසීම, කුඩා කාලයේ ඇතිවූ වර්ධන දුර්වලතා වැනි දෑ දරුවාගේ හේතූන් ලෙස දැක්විය හැකියි. එම හේතූන් සොයාගත හැකිවන්නේ පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයකුට පමණි. බාහිර පරිසරයේ හේතූන් ඉවත් කිරීම වැඩිහිටියන්ට කළ හැකියි. දරුවන් නිබඳ සංවාදයට එක්කර ගැනීම දරුවාගේ පිළිතුරුවලට ප්‍රශංසා මුඛයෙන් සැළකීම උදාහරණ ලෙස දැක්විය හැකියි.
ප්‍රශ්නය - දරුවන්ට ජංගම දුරකථන, පරිගණක යනාදිය පරිහරණයට ලබාදීම මොළයේ වර්ධනයට හේතුවක් ද ?
පිළිතුර - වයස අවුරුදු දෙකකට අඩු දරුවන්ට දර්ශනපථය සහිත විද්‍යුත් උපකරණ ලබාදීමෙන් වළකින්න. අවුරුදු දෙක ඉක්මවා ඇත්නම් දිනකට පැය දෙකක් පමණ ලබාදිය යුත්තේ දරුවන්ට සුදුසු වැඩසටහන් සමගයි. දර්ශනපථය සහිත විද්‍යුත් උපකරණ ක්‍රමාණුකූලව දරුවන් අතට පත් කළ යුතුය. අනවශ්‍ය ලෙස ඒවා දරුවන් අතට පත්කිරීමෙන් මොළයේ වර්ධනයට ඒවා හානිකර ලෙස බලපෑමට ඉඩ ඇත.
එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවාගේ බර වැඩි වෙන්නේ නෑ. කෑමේ ප්‍රශ්නයක් ද ?
නිශාන්ත Monday, 14 December 2015 04:01 PM
ලංකාදීපයේ මෙම සේවාව ඉහළින්ම අගයමි (නි)