(දයාරත්න ඇඹෝගම)
මිය ගිය දස හැවිරිදි සිය පුත්‍රයාගේ දේහයට බුහුමන් දැක්විමට බිරිද ඉඩ නොදීමට විරෝධය දක්වමින් 47 හැවිරිදි පියෙකු අද (21) තිරප්පනේ පුංචිකුලම ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි ගසකට නැග විරෝධතාවයක නිරත විය.
මෙසේ විරෝධතාවයක නිරත වුයේ රැවන්වැල්ල පදිංචි තුෂාර ආරියසිංහ(47) නැමැත්තෙකි.
ගස මතට නැගි විරෝධතාවයේ යෙදුන පුද්ගලයා තිරප්පනේ පුංචිකුලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ විවාහ වී පසුව වසර 10කට පමණ පසුව සිය බිරිඳ සහ දරුවා අතහැර ගොස් රැවන්වැල්ල ප්‍රදේශයෙන් වෙනත් විවාහයක් සිදු කර ගෙන එම ප්‍රදේශයේම දැනට පදිංචිව සිටින අයෙකි.
මේ අතරතුර පෙරේදා (20) ඔහුගේ මුල් බිරිදගේ දස හැවිරිදි පිරිමි දරැවා උණ රෝගය අසාධ්‍ය විම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් තිබුණි.
මෙම සිද්ධිය කණ වැකුණ පියා දරුවාගේ දේහය බැලිම සදහා තිරප්පනේ පුංචිකුලම නිවසට පැමිණියද බිරිද ගෙන් ඒ සඳහා ඉඩ නොලැබීමට විරෝධය පළ කරමින් ගසකට නැග විරෝධතාවයේ යෙදී නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාව සාධාරණයි.
ගහ උඩට කඹයක් දුන්නා නම් තමයි වඩා හොඳ... යුතුකම් නොදන්නවා වුණාට, හිමිකම් නම් දන්නවා මේ වගේ මිනිස්සු.
ඉන්නකන් ළමයි කනවද? බොනවද? නොබලපු කෙනා.., මැරුණාට පස්සේ මොනවා බලන්නද?
බලන්න නෙවෙයි...පළාතේ එන්න දෙන්නවත් එපා.
දරුවෝ මතක් වෙන්නේ නැති වුණාමද දන්නේ නැහැ... මේ අනුවණ තාත්තා ඔය ගහේම එල්ලා දාන්න ඕනෑ.. මේ අම්මා නම් නියම අම්මා කෙනෙක්. දරුවන්ට යුතුකම් ඉටුකරපු නියම අම්මා කෙනෙක්.
කුම්බලා මාළු කෑව නං විඳවපන් බල්ලො කිව්ව ලූ
බිරිද කොහොම බිරිදක් වගේ හිට්යද දන්නේ නැනේ , ගැනුන්ගේ හැටි දන්නේ අපිනේ .... කව්රු හරිද කියන්න අමරුයි..............