රුසියාවේ නොවොසිබර්ස්ක් නුවර සුපිරි වෙළෙඳ සලක තුන්වැනි මහලින් කුඩා දරුවෙක් ඇද වැටුණේය. වේග විදුලි සෝපානයේ ඇදි වැට උඩට නගින දරුවා බේරා ගැනීමට මව උත්සාහ කළ ද එය අසාර්ථක විය. බිමට ඇද වැටෙන දරුවා සිහිසුන් වන අතර විගස රෝහල් ගත කැරිණි. මෙම සියලූ සිදුවීම් වෙළෙඳ සලේ ආරක්‍ෂිත කැමරාවේ සටහන් වීය. දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව රෝහල් වෛද්‍යවරු පවසති.