(උපාලි ආනන්ද)
තම කුසින් ප‍්‍රසූත කළ දින 12 ක් වයසැති පිරිමි දරුවෙකු රාත‍්‍රී කාලයේ තනිකර බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සිසුවියට එරෙහි පවරා ඇති නඩුවට අවැසි නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
නඩුව ජූලි 7 වැනි දා යළි කැදවීමට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා සැකකාර වෛද්‍ය සිසුවියට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කැරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටින පොලොන්නරුව මැදිරිගිරියේ දික්ගල්පුර පදිංචිකාරියක වන 22 හැවිරිදි වෛද්‍ය සිසුවියකි.
දරුවා ප‍්‍රසූත කළ මව සහ දරුවා සම්බන්ධයෙන් ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාවක් කැදවන ලෙසට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට මීට පෙර නියෝග කෙරුණු අතර එම නියෝගයට අනුව සැකකාර මව සහ දරුවා හෙදියක ද සමඟ පොලිස් ආරක්ෂාව යටතේ කොළඔ බොරැල්ල ජින්ටෙක් ආයතනයට රැගෙන ගොස් ඩීඑන්ඒ වාර්තාවක් ලබා ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd