
(සුජිත් හේවාජුලිගේ)
මෙරට දරුවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් වයිරසයට ගොදුරුව ඇතැයි රිජ්වේඅර්යා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය .
කොවිඩ් ආසාදිත වූ දරුවන් පස් දෙනකු මිය ගොස් ඇතැයි ද ඔහු කීය.
තුන්වෙනි කොවිඩ් රැල්ල සමග ළමයින් අතර රෝගය සීඝ්‍රයෙන් පැතිර යා හැකි බවත් ඒ සම්බන්ධයෙන් අප දැඩි අවධානය යොමු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
වයස අවුරුදු 12 න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ඉතා වැදගත් බව පැවසූ දීපාල් පෙරේරා මහතා විනය පවත්වාගෙන යෑමෙන් මේ රෝගයෙන් මිදිය හැකි බවද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින රැකියා කරන මව්වරුන්ට නිවසේ සිට රාජකාරි කිරීමට පහසුකම් සලසා දෙන්න. අවුරුදු 2ට අඩු දරුවන්ට අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ඉතාමත් අඩු බැවින් මවුවරුන් රැකියවට ගොස් දරුවන් ළඟට පැමිණෙන විට දරුවන් අවදානමකට පත්වන බැවින් කරුණාකර වයස අවුරුදු 2ට අඩු කිරි බොන දරුවන් සිටින රැකියා කරන මවුවරුන්ට නිවසේ සිට රාජකාරි කිරීමට පහසුකම් සලසා දෙන්න...