ඉතා දුර්ලභ වර්ගයේ මුහුදු බෙල්ලන්, ගල්මල් සහ පැරණි අන්තට්ටුවක් රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ චීන ජාතිකයෙක් සහ ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අද අළුයම කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
අත්අඩංගුවට ගත් මුහුදු ඛෙල්ලන් ප්‍රමාණය හාරසිය පනහකි. අන් තට්ටුව වසර සියයකට වඩා පැරණි බව රේගුව කියයි.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සහකාර රේගු අධිකාරී අසංක ප්‍රියදර්ශන මහතා විසින් මොවුහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ ශ්‍රී ලංකාව වටා ඇවිදිමින් මෙම භාණ්ඩ මිල දී ගෙන ඇති බව රේගුව කියයි.
චීන ජාතියා චීනයේ ෂැංහායි නුවර බලා යාමටත් ඇමරිකානුවන් දෙදෙනා ප්‍රංශය බලා යාමටත් කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී. විජේවීර මහතාගේ උපදෙස් පිට රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ සහකාර රේගු අධිකාරි අසංක ප්‍රියදර්ශන මහතා විසින් සිදුකරනු ලැබීය.
මේ පිළිබද රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ. ලංකාදේව මහතා විසින් භාන්ඩ සියල්ලම රාජසන්තක කළ අතර සැකකරුවන් තිදෙනාට තරයේ අවවාද කොට ඔවුන් මුදා හැරියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින් විදේශිකයන්ට මේ වගේ ඒවා හොඳ ගණනකට විකුණලා පස්සේ රේගුවට ඔත්තුවක් දුන්නා නම් හරි. නියම බිස්නස් එක (නි)
අපට එරෙහිව බටහිර අදිරජ්‍යවදී සතුරන් සහ කොමියුනිස්ට් වාදී මිතුරන් එක්වූ දුර්ලබ අවස්ථාවක්......(ස)
එහෙනම් කියමු බලන්න මේ අං තට්ටුවේ සැබෑ අයිතිකාරයා කවුද කියලා (ස)
මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙහෙම නිදහස් කළේ කියන එකයි. (නි)
අං තට්ටුව දඩුවමක් විදියට ඔලුවේ සවි කරන්නයි තිබුණේ. (නි)
මේවා පුදුම වෙන්න කාරනා නෙමෙයි..!(නු)
අපිව මෙහෙම අහුවුණා නම්? (නි)
රේගුවට යනකල්ම නිරුපද්‍රිතව ගියා එහෙනම්? (නි)
මේ අයට මේවා විකුණලා මුදල් ගත් කට්ටියටත් දඩුවම් කරන්න ඕනෑ නේද? (නි)
නාලක කියපු දේ මමත් අනුමත කරනවා. (නි)
ළගදි මමත් සුදු ජාතික කාන්තාවකට සිප්පි කටු අහුලලා දුන්නා. එයාවත් අහුවුණාද දන්නෙ නැහැ. පවු අනේ එයා. (නි)
මැරුණු බෙල්ලන් මුහුදේ ඕනෑතරම් ඉන්නවනේ. (නි)
ලංකාවේ තියෙන වටිනා දේවල් මොකටද නැති කර ගන්නේ (දී)