මන්නාරම, තාවිල්පාඩු මුහුදු වෙරළ තීරයට මියගිය මුහුදු ඌරකුගේ සිරුරක් ගොඩගසා තිබූ බව වනජීවී සහකාර අධ්‍යක්‍ෂ අශෝක රාජපක්‍ෂ මහතා පවසයි.
මුහුදු ඌරා ශ්‍රී ලංකාවේ බහුලව දැකිය නොහැකි අතිශය දුර්ලභ සතකු බව ඔහු සඳහන් කරයි.
අඩි පහක් පමණ දිගින් යුත් මෙම මුහුදු ඌරා කිලෝ 450 ක් 500 ක් පමණ බරින් යුක්තය. මෙවැනි මුහුදු ඌරන් ලංකාවේ වෙරළ තීරයේ කලාතුරකින් දක්නට ලැබෙන අතර ලංකාව වටා මුහුදේ හත් අට දෙනෙක් පමණක් සිටින බවට අනුමාන කෙරේ.
මුහුදු ඌරා විශාල තුවාලයකට ලක්වී සිටි අතර අනවසරයෙන් මසුන් මැරීමට යොදාගන්නා ඩයිනමයිටයකට හසුවන්නට ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
‘මෙම සත්වයන් ලංකාව මුහුදු තීරයේ කීයක් ඉන්නවද කියලා තවමත් ගණනය කරලා නෑ. මොවුන් මුහුදු පැළෑටි පමණක් ආහාරයට ගන්නවා. මෙවැනි සත්වයන් අපි ආරක්‍ෂාකර ගන්න ඕනෑ මොවුන් ඉතා ශීඝ‍්‍රයෙන් වඳ වෙලා යන සත්වයන් බවට පත්වෙලා තියෙනවා. මීට පෙර ලංකාවේ මුහුදු තීරයට මෙවැනි මියගිය මුහුදු ඌරන් දෙදෙනෙක් පමණ ගසාගෙන ඇවිත් තියෙනවා. එහෙත් ධීවරයන්ගේ නොදැනුවත්කම නිසා ඔවුන් පුළුස්සා තිබෙනවා. මින් ඉදිරියට ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ අපි එකතුවෙලා මෙවැනි වඳවී යන මුහුදු ජීවීන් ආරක්‍ෂාකරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා‘ යැයි රාජපක්‍ෂ මහතා පැවැසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ කොළඹ පැත්තට කියල ගසාගෙන ආවේ, පත්තරෙන් තමයි දැනගත්තේ මන්නාරමට කියල. (බ)
මෙම විශේෂය මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා ලංකාවෙන් වදවීගෙන යමින් පවතිනවා.වසර ගණනාවකින් මෙම විශේෂයේ ජීවත් වන සතකුගේ වාර්තාවක් ලැබී නැහැ (බ)
මුහුදු ඌරෙක්ටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටි (බ)
ඌව ඩෙවල් නොකරපු එක ලෝක පුදුමයක්. (බ)
මේ දුර්ලභ සතුන් රැකගැනීමට ලංකා රජය කිසිදු පියවරක් නොගන්නා බව නම් 100%ක්ම සහතිකයි (නි)
ඔය තව වල් ඌරෝ නඩයක්ම ඉන්නේ අපේ රටේ තැනකත්. හැබැයි උන් නම් දුර්ලභ නැහැ (නි)
අනේ පවු මේ අහිංසක සත්තු (නි)
පිටිපස්ස හරවල ගලක් උඩින් තිබ්බනම් කිදුරියෙක් කියල රැවටෙනවා (අ)