පහළොස් හැවරිදි ආබාධිත දැරියක 2009 ජූලි මාසයේ දී පැහැරගෙන ගොස් අපයෝජනය කළැයි වැරදිකරුවන් වූ සිව් දෙනෙකුට යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලංගචේලියන් මහතා අද (10) බරපතල වැඩ ඇතිව වසර 15ක සිර දඬුවම් නියම කළේය
රුපියල් විසි පන්දහස බැගින් දඩ ද නියම කළ විනිසුරුවරයා අගතියට පත් දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වන්දි ගෙවන ලෙස ද නියෝග කළේය. වන්දි ගෙවීම පැහැර හැරියහොත් තවත් වසර දෙකහමාරක සිර දඬුවම් නියම කැරෙයි.
COMMENTS
අනේ මේ විනිසුරුතුමා කොළඹට ගෙන්න ගන්න ක්‍රමයක් නැද්දෝ ? ජයවේවා කිවා රිදෙන්න තීන්දුව දුන්නට (බ)
මේ කරපු දේ අගය කරනවා.(හේ)
විනිසුරුතුමාට මගේ ප්‍රණාමය! අර හම්බන්තොට පැත්තේ විදේශිකයෙකුව මරලා, ඔහුගේ සහකාරිය දූෂණය කරපු පාහරයෝ ටික නීතියෙන් බේර ගන්න ඒ කාලේ හිටපු ලොක්කෝ මොන තරම් ජල්ලි ඇල්ලුවද? බ්‍රිතාන්‍ය රජය මැදිහත් නොවුනා නම් ඒකත් යට යන්න තිබුන! (අ)
කරුණාකර මෙහි කියන විදිහට වන්දි මුදල් නොගවන්නේ නම් තවත් සිර දඩුවම් වැඩි වෙන අතර , එවැනි අවස්ථාවක වන්දි මුදල් නොදුන්නොත් මෙහි අගතියට පත් පාර්ශවයට කිසිම දෙයක් ලැබෙන්නේ නැත
පට්ට නීතිය ඇ. තව ටිකක් දඬුවම වැඩි කරානං තව වටිනවා.(රේ)
අවුරුදු 15ක් ඉන්න අපට දෙකහමාර මොකක්ද කියලා හිතෙයි(රේ)